(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)
දින දෙකක් තිස්සේ රත්නපුර දිස්ත‍්‍රික්කයට බලපෑ අධික වැසි සහ සුළං හේතුවෙන් ඇති වු ගංවතුර, නායයාම් සහ තද සුළං හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග‍්‍රාම සේවා වසම් 48ක පවුල් 420ක පුද්ගලයින් 1739දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නීය.
රත්නපුර, ඇලපාත, නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කොළොන්න අයගම සහ කිරිඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ආපදා තත්ත්වය නිසා බලපෑම් සිදුව ඇති බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.
ආපදාවට ලක්වු පවුල් 19ක පුද්ගලයින් 76ක් සුරක්‍ෂා මධ්‍යස්ථාන 05ක කඳවුරු ගතකර ඇති බව කී දිස්ත‍්‍රික් ලේකම්වරිය අංගම්මන විහාරස්ථානය, ශිවන් කෝවිල, ජෙන්නන් ජුම්මා දේවස්ථානය සහ ශෛලතලාරාමය යන සුරක්‍ෂා මධ්‍යස්ථාන හතර රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇත.
ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපාත මහා විද්‍යාලයේ අනෙක් සුරක්‍ෂා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.
ආපදාවට ලක්වූවන්ට අමතරව නිවාස 45කට අර්ධ හානි සිදුව වෙනත් දේපල හානි 04ක් ද වාර්තා වී ඇතිබව දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රත්නපුරයේ 1739කට ගංතුරින් බලපෑම්