(යොහාන් භාසුර)
රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති බවත් අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2005/38 දරන අධිකරණ තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් දී ඇති බව කී අමාත්‍යවරයා එම තීන්දුවට අනුව 2007/2008 පොලිසිය නිකුත් කළ චක්‍රෙල්ඛය 2010 වසරේදී සංශෝධනය කර ඇති බව ද පැවසීය.
සංචාරක ක්ෂේත්‍රයක කිසිදු ආකාරයක බලපෑමක් නොවන ආකාරයෙන් මෙම සංශෝධන කළ යුතුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා රජය මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇති බව ද සඳහන් කළේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාත්‍රී සංගීත සංදර්ශන ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවදානය