IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


රන්ජන් ගැන මහින්දානන්දගේ හිත උණුවේ

(අංජුල මහික වීරරත්න)

සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතා 2016 වසරේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට අපහාසයක් කළැයි නුගේගොඩ අධිකරණයේ පවරනු ලැබූ නඩුව අද (31) ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

වෙනත් පිරිසකගේ වුවමනාවන් ඉටු කිරීමට නොමඟ ගොස් රන්ජන් රාමනායක මහතා සිරගතව දුක් විඳින බවත් අද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුත් නැති හෙයින් තමා එදා පැවරූ අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනීමට සිතූ බවත් මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවරූ නඩුව ඉල්ලා අස්කර ගන්නට තීරණය කළ බව තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දුන් බව කී අලුත්ගමගේ මහතා කිසිවකුගෙන් පළි ගැනීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ යැයිද කීය.

යහපාලන ආණ්ඩු සමයේ තමාට වැඩිපුරම පහර ගැසූ පුද්ගලයා වන රන්ජන් රාමනායක මහතාට සමාව දීමෙන් අදහස් කළේ දේශපාලන පළිගැනීම් නතර කරමු යන ආදර්ශය රටට ලබා දීමට යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

 



අදහස් (13)

රන්ජන් ගැන මහින්දානන්දගේ හිත උණුවේ

rohan Perera Wednesday, 31 March 2021 10:49 AM

දේශපාලන පළිගැනීම් නතර කිරීමේ ආදර්ශය ඉතා වැදගත්.. මහින්දානන්ද අගය කරමු. දේශපාලන නායකයන් සෑමවිටම පුළුල් දැක්මක් සහිත විය යුතුයි.

:       31       46

Jayalath Wednesday, 31 March 2021 10:53 AM

මේ ඔක්කොම එකයි.

:       5       46

Ranjith Wednesday, 31 March 2021 11:08 AM

රත්තරන් මනුස්සයෙක්. මේවා අහන අපට හිනාකාලා මැරෙන්න වෙයිද දන්නෙත් නෑ.

:       4       53

nil Wednesday, 31 March 2021 11:14 AM

මගේ ආණ්ඩුවක් ආවොත් ඔය ඔක්කොම අයියලා හිරේ දානවා මලේ...

:       1       47

සේනක Wednesday, 31 March 2021 11:18 AM

"අපි අයියා මල්ලි වාගේ". නඩු දානවා. අයින්කර ගන්නවා. ඇතුළට යවනවා. එළියට ගන්නවා. ලාබයි ලාබයි. සත පනහයි.

:       3       46

Wca Wednesday, 31 March 2021 12:54 PM

වරදක් කරලා උසාවියෙන් වරදක් වුණාම මන්ත්‍රීවරුන් ඔවුන් නිදහස් කරන්න කියලා පෙනී සිටීම නොකළ යුතුයි. මොකද මොවුන් රටෙ නීති සම්පාදනය කරන්නන් නිසායි. මේ කියන්නේ ඔක්කෝටම නීතිය ක්‍රියාත්මක කරන්න අපේ අයට නීතිය එපා කියලද? එහෙම කරනවා නම් ඉස්සෙල්ලා රන්ජන්ට බල පැවැත්වෙන නීතිය ඉවත්කර සාමාන්‍ය ජනතාවට ඔය වරප්‍රසාදය ලැබිය යුතුයි.

:       1       5

Kumara Wednesday, 31 March 2021 12:56 PM

මේවා බලන අහන අපිට මඩුවලිගෙන් තතා මදි ආයුබොවන්..

:       0       4

විපරමා Wednesday, 31 March 2021 01:33 PM

පහුගිය කාලේ මහාපරිමාණයේ හොර දූෂිතයින් හිරේට යැව්වා. හොර ලෙඩ අරන්, බොරු රඟපෑම් කරලා පස්සේ එළියට ආවා. සමහර දූෂිත දේශපාලුවන්ට ගෙදරින් කෑම, නිදාගන්ඩ පවා කොට්ට, මෙට්ට ගෙනත් දුන්නා. ඔවුන්ගේ සුවදුක් බලන්න දේශපාලුවන් ආවේ පිරිවරාගෙන? අද ඔවුන් නිදහසේ නිදැල්ලේ සැපෙන්, සනීපෙන් ජීවත් වෙනවා.

:       2       45

බද්රානි Wednesday, 31 March 2021 02:54 PM

දුක වැඩිකමට කිරි එරෙයිද කියලයි මට සැක? අනේ, අපි නොදන්නා ආදර අනුකම්පාව?

:       4       6

Mo77 Wednesday, 31 March 2021 03:16 PM

වසරේ හොඳම විහිළුව

:       2       4

ජනක ලියනපතිරණ Thursday, 01 April 2021 03:02 AM

මෙම රට ලස්සන කරන්න ඔයාලා හැමොම එකතු වෙන්න. පසුගිය දෙවල් අමතක කරන්න. සර්ට උදව් කරන්න. රට හදන නායකයෙක් ආය කවදා එයිද දන්නෙ නෑ.

:       6       6

කපුරු හාමිThursday, 01 April 2021 08:11 AM

ඔබතුමා විහිලු කරනවද ? රට කෙසේ වෙතත් පවුල් පාලනේ හතර වරිගෙම නම් පරම්පරා ගාණකට ඇති වෙන්ඩ හදාගෙන තියෙනවා .

:       2       4

de silva Thursday, 01 April 2021 09:44 AM

ඔයා හදන්නේ ලොක්කාගේ ප්ලෑන් එකකට මොකක් හරි රඟපෑමක්. ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් මිනිස් බෝම්බ ලෙස හැඳින්වූ ඔබතුමාගේ හිත් උණුවීම පිළිබඳව දන්නෝ දනිති. ලබන පළාත් සභා ඡන්දෙදී ලංකාවේ ඉන්න ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ඔබලාගේ පඬුපුල් ආසනය උනුකරවලා පෙන්නාවි.. ඔහොම යමු..

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 130 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 319 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 171 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 972 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 249 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 586 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 875 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site