IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රන්ජන් බලන්න සජිත් යයි

(නිමල කොඩිතුවක්කු)

රංජන් රාමනායක මහතා මේ මොහොතේ  පාර්ලිමේන්තුවේ නොසිටීම විශාල අඩුපාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව සියලු දෙනාගේම ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය .

අගුනකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (26) පැමිණි විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසීය.

රංජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්, අල්ලස් චෝදනාවක්, මහජන දේපල සොරකම් කළ චෝදනාවක් එල්ල වී නැති බවත්, තමන් ළඟ ඇති දේ පවා මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ මානවවාදියෙකු බවත් විපක්ෂ නායකවරයා එහිදී  පැවසීය.

ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින උවමනාවක් රංජන් රාමනායක මහතා තුළ පැවැති බවත්, බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී රංජන් රාමනායක මහතා දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආ බවත් හෙතෙම සඳහන් කළේය.

රංජන් රාමනායක මහතා උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරන බවත්, එතුමාට ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම මානුෂිකත්වයේ නාමයෙන් කළයුතු දෙයක් බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක මහතා වෙනුවෙන් මැදිහත් වන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන්  ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා  එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කකඩිනම් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසීය.

හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (16)

රන්ජන් බලන්න සජිත් යයි

Royfedricks Tuesday, 26 October 2021 04:42 PM

රනජන් කරපු සේවයෙන් දශමයක්වත් මේ විපක්ශ නායකයා මේ වෙනතෙක්ම කරලා නැහැ. ආන්ඩු බලය නිකම්ම ඔඩොක්කුවට කඩා වැටෙයි කියල හිතාගෙන ඈනුම් ඈර ඈර ඉන්නවා.

:       4       7

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 26 October 2021 05:30 PM

ඔබ කියන බොහෝ දේ ඇත්ත තමයි. ඒත් එවා කියන්න සුදුසු තැනක් තියෙනවා. ඒනිසා මින් මතුවට වත් සටන් කරන කලාව ඉගෙන ගන්න. බොහෝ අය ඔබට ආදරය කරනවා. මොකද ඔබ එස්බී වගේ බොරැ කයියෙක් නොවන නිසා.

:       4       10

සුරලොව ඇල්ටෝ Tuesday, 26 October 2021 05:32 PM

විපක්ෂ නයකතුමා ඇත්තටම රංජන් මහතාට අභියාචනා කරන්න අවස්තාවක් සැලසී නැහැ එය රටට සුදුසු නැහැ ඔබේ රජයක් පත්වුනොත් එවැනි කාලයක මෙවැනි දඩුවම් විමර්ශනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ විවාද කර වැඩි ඡන්දයකින් චුදිතයා නිදහස් කරන ක්‍රමයක් ඇති කරන්න.

:       7       6

Ranji Tuesday, 26 October 2021 11:17 PM

එක වල්ලේ පොල්.

:       7       7

Raveendra Wednesday, 27 October 2021 06:32 AM

අප තරයේ විස්වාස කරනවා රටක විපක්ෂ නායක යනු ඉතාම කාර්යබහුල මෙන්ම රට ගැනම පමණක් හිතන පතන පුද්ගලයකු විය යුතු යන්න. ඔහුට හෝ ඇයට හිරගෙවල් ගානේ යන්න වෙලාවක් කෙසේ හොයාගත්තේද යන්න ගැටලුවකි. මක්නිසාදයත් මේ සියල්ල "තර්කානුකුළව " ( මෝඩ ගොන් තර්ක ගෙනහැර පානවාට වඩා ) කතාකර විසදා ගැනීමට ස්ථානයක් තිබුනත් එම ස්ථානයේ සර්කස් කණ්ඩායමක සිටින රිලවෙක් ලෙස හැසිරීම ඉතාමත් කනගාටුවකි.

:       1       4

Bamunuarachchi Wednesday, 27 October 2021 06:44 AM

වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම ඉඳලා පිටිපස්සෙන් මොකද උනේ කියලා හඬපට වලින් ලෝකෙට පෙන්නුවා. ඉදිරිපසින් ඉඳලා රටට කරපු මගුලක් නැහැ. කොයි දෙස්පාලකයත් වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම ඉන්නවා නමුත් මෙයා වගේ පිටිපස්ස පැත්තෙන් නීතියෙන් අහින්සකයෙක් වෙන්න ගිය කෙනෙක් මීනී මරුවෙක් කලේ නැහැ.

:       1       4

Bamunuarachchi Wednesday, 27 October 2021 06:56 AM

විපක්ෂ නායක කරපු සේවයක් නැහැ ඒක හරි. ගැටලුවකට තිබෙන්නේ ඔබ කියන අල්පොන්සෝ කරපු සේවය. අනේ කරුණාකරලා කියන්න අල්පොන්සෝ කරපු සේවය මොකක්ද? හොරු කීදෙනෙක් අල්ලුවාද? නාලිකා වැඩ සටහනකදී ජෝන්සන්ට චෝදනාවක් දාන්න ගිහිල්ලා ගුටිනොකා බේරුනා හැටි නම් දැක්කා. සේවයේ කොටසක් එයාගෙම හඬපටවලින් කියවුනා. ඒ සේවයට හරියන්න තමයි උසස් යයි කියන පොලිස් උනදා කෙනෙක් අල්පොන්සෝගේ ගෙදර වලන් හෝදන්න ලැහැස්ති උනේ. ඔබත් යොමු කරන්නේ ඒ සේවයමද?

:       1       3

Chinthaka Wednesday, 27 October 2021 08:42 AM

ඇයි දැන් ගොවියෝ හම්බෙලා ඉවරද

:       0       0

Senarath Wednesday, 27 October 2021 09:27 AM

ඔබ සහ ඔබේ පැරණි නායකයා දීපු කොන්ත්‍රාත්තු ඉටුකරන්න ගිහිල්ලා තමා මෙයාට මෙහෙම උනේ .මෙයා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ කෙනෙක් කියන්න තරම් සාධාරණ හේතු නැහැ .මෙයාට නීති හදන්න දැනුමක් නැහැ .රටට වැඩ දායක ව්‍යාපෘතියක් යෝජනා කරන්න දැනුමකුත් නැහැ .නළුවෙක් නිසා මිනිස්සු චන්දෙ දුන්නා .මෙයාට කාන්තාවක් දුෂණය කරපු එකකට නඩුවකුත් තිබුනා .රෙකොර්ඩ් වෙලා තිබුණු කුණුහරප ටික ඇහුණාම මෙයාගේ මානසිකත්වය මොකක්ද කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා.

:       1       3

samanaya Wednesday, 27 October 2021 09:35 AM

1. රන්ජන් උසස් පෙල ලියලා ක්‍රිස්තියනි ධර්මය අසමත් වුනා කියලා ප්‍රසිද්ධියෙම කිව්වා. ඉතින් වැඩ තුනක්වත් සමත් නැතුව උපාධිය කරන්නේ කොහොමද කියලා අපේ විපක්‍ෂ නායකතුමා අපිට කියලා දෙනවද​. 2. හරි හෝ වැරදි හෝ අධිකරණයෙන් සිර දඬුවම් නියම වූ කෙනෙක් උසස් අධ්‍යාපනය ලැබිම සඳහා නිදහස් කිරීම මානුෂීය හේතුවක් වන්නේ කොහොමද​? ඊට වඩා මානුෂීය හෙතු ඇති අනික් හිරකරුවන් ඔනා තරම් ඇති නේද පවුලේ ලඟම ඥාතීන් අසාධ්‍ය ලෙස අස්නීප හෝ ජීවත් වෙන්න විදිහක් නැතුව දුක් විඳින වගේ? ඒ අයව ඉස්සෙල්ලා නිදහස් කරන්න ඕනා නේද මානුෂීය කම් බලනවා නම්? රන්ජන් නම් අක්කාගේ නැන්දම්මාගේ මරණ ගෙදරත් ගියා (එතනින්නේ කොරෝනා හදාගත්තේ). හිර කුටියේ ටීවී එකකුත් වෙනම දීලා තියෙනවා. ඒ නිසා නිදහස ඕනා නම් උපාධි කරන්න වැඩ තුනවත් තාම නැති කෙනෙක්ගේ උපාධිය ගැන කතා නොකර අර පහුගිය දවස්වල කියලා තිබුනා වගේ ජනාධිපති සමාව ගන්න අවශ්‍ය ලියකියවිලි හදලා අත්සන් කරලා භාරදෙන්න​. ඒක නොකර මේ උපාධි කතා කීමෙන් විපක්‍ෂ නායක තුමාගේ උපාධියත් බාල වෙනවා.

:       1       2

මසිරිපාලWednesday, 27 October 2021 10:18 AM

නොදන්නා නිසා අහන්නෙ ඇත්තටම රංජන් කරපු වැරැද්ද මොකක්ද? රංජන් කියපු දේ ඇත්තද බොරුද? විමර්ශනය කලාද?

:       2       1

chandanaWednesday, 27 October 2021 12:29 PM

පෞද්ගලික ජීවිතයේ අසහනකාරී බවත්, නීතියට කරන ලද බලපෑමත් ගැන හඩපට වගයක් මට නම් අහන්න ලැබුනා. මිනීමරුවෙක් වරදකරු වීම හෝ නොවීම නෙවෙයි ප්‍රශ්ණය, මිනිසෙකු කෙසේ හෝ මිනීමරුවකු කිරීමට උත්සාහ දැරීමයි වරද. ඒයට දඩුවම් නොදුන්නේ නම් සංවිධානාත්මකව මිනිසකු කෙසේ හෝ වැරදිකරුවකු කල හැකි යැයි වරදි පූර්වාදර්ශයක් සමාජයට යනවා. කටුස්සන්ට මාල පලන්දන්න හොද නැහැ. අල්ලස් චෝදනාවක් නැහැලු ඒතකොට අර අවශ්‍ය දේ කරල දීපු නිසා විනිසුරු උසස්වීමක් ගැන ගිය කතාව අල්ලසක් නෙවෙයිද.

:       1       4

SamanayaWednesday, 27 October 2021 12:38 PM

තේරෙන විදිහට නම්, රන්ජන් කිව්වා උසාවියේ විනිසුරුවන් සහ නීතීඥයන් දූෂිතයන් කියලා. උසාවිය රන්ජන්ට නඩු දැම්මා උසාවියට අපහාස කරා කියලා. රන්ජන්ගේ නීතීඥ කණ්ඩායමට බැරිවුණා රන්ජන් ඇත්ත කිව්වා කියලා ඔප්පු කරන්න. එහෙම නේද වුණේ. රන්ජන් දිගටම කිව්වා එයා කියන දේ හරි කියලා. ඔය කතාව අපෙන් නෙවෙයි රන්ජන්ගේ නීතීඥ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙන් අහන්න ඕනා දෙයක්. විමර්ශන කිරීම ගැනත් එයාලම කියන්න ඕන. මම කියන්නේ රන්ජන් හිරේ යන වැරැද්දක් කරාද නැද්ද කියලා නෙවෙයි. මම නීතිය දන්නේ නෑ ඒ ගැන කියන්න. මම කියන්නේ ඒ ලෙවල් වැඩ තුන තාම සමත් නැතුව රන්ජන් උපාධි කරනවා කියන එක ගැන අපේ විපක්ෂ නායක තුමා කියන එක සහ රන්ජන්ට ඒ සම්බන්ධව අනික් අයට නැති විශේෂ අනුග්‍රහය ඉල්ලන එක ගැනයි. ඒක හරි කියලා මට හිතුනේ නෑ.

:       1       1

RaveendraWednesday, 27 October 2021 01:16 PM

චන්දන මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම තර්කානුකුලය. ඇත්ත වශයෙන්ම මෙන්න මෙය "එතකොට අර අවශ්‍ය දේ කරල දීපු නිසා විනිසුරු උසස්වීමක් ගැන ගිය කතාව අල්ලසක් නෙවෙයිද." විශේෂයෙන් නීති ක්ෂේත්‍රයේ ඉතාමත්ම භයානක මෙන්ම අසංවර ක්‍රියාවකි.

:       1       2

BamunuarachchiWednesday, 27 October 2021 04:19 PM

රන්ජන් ප්‍රසිද්ධියේ කරපු වැරැදි කීපයක් තිබෙනවා... අප්‍රසිද්ධියේ කරපු වැරැදි තිබෙනවා. ප්‍රසිද්ධියේ කරපු වැරැද්ද තමයි අධිකරණය සහ විනිසුරුවන් දූෂිතයින් කියා ප්‍රසිද්ධියේ අධිකරණයට අපහාස කිරීම. ඒ සම්බන්ධව පැමිණිලි කළේ රටේ සිවිල් පුරවැසියන්. නඩුව විභාගකලේ, විමර්ශනය කලේ, දඬුවම් නියම කලේ අධිකරණය. ඔහු වෙනුවෙන් දක්ෂ නීතිඥයින් ඉදිරිපත් වුණා. ඔහු මම අහිංසකයි කිව්වේ නැහැ.. කිව්වේ මම කියපුවා ඉල්ලා අස්කර ගන්නේ නැහැ කියලා. එයා පිළිගත්තා තමන් ඒ වැරැද්ද කළා කියලා... අප්‍රසිද්ධියේ කළ වැරැද්ද තමයි නීතියෙන් අහිංසකයෙක් ලෙස තීන්දු ලබන්න ගිය පුද්ගලයෙක් තමන්ගේ ගේ තිබෙන වෙන සම්බන්ධකම් උඩ අධිකරණයට බලපෑම් කර මීනීමරුවෙක් කිරීම. එසේ කළ බවට ඔහුගේම හඬපට ශාක්ෂියි. ඔහු ඒ හඬපට ඔහුගේ නොවෙයි කියා කොතැනකදීවත් ප්‍රතික්ෂේප කළේ නැහැ නේද? තව අටුවා, ටීකා ඕනෙද රන්ජන් එම වැරැද්ද කළා කියලා නිගමනයට එන්න? තව දැනගන්න දෙයක් තිබෙනවද?

:       1       2

RaveendraWednesday, 27 October 2021 01:12 PM

ඔබගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 30 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 218 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 94 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 986 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1142 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 600 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site