(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය.
මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයි කීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රන්ජන්ගේ මන්ත්‍රී පුටුව හිස්
nalin Wednesday, 07 April 2021 06:53 AM
පාර්ලිමේන්තුව කියන එකට හිර දඬුවම් ලබන මිනීමරුවන්ට එන්න පුලුවන්... උසාවියට අපහාස කරපු කෙනෙකුට එන්න බෑ.. මාර පාර්ලිමේන්තුවක්නේ ලංකාවේ තියෙන්නේ...
ප්‍රේමවතී Wednesday, 07 April 2021 06:57 AM
අලි සබ්රිගේ අලි වැඩ, අපේ රන්ජාව හිරේ දැම්මා...
මුණසිංහWednesday, 07 April 2021 08:04 AM
ඒකව හිරේ දාපු එකට සබ්රි නෙවෙයි වග කියන්න ඕන. සජිත්. සාක්කි කාරයො දාන්න දුන්නේ නැහැ. කිසිම උදව්වක් කලේ නැහැ. බොරුවට කතා කරනවා එළියට පේන්න. දැන් එයා හිරේ ඉඳිද්දි බලන්න යන්නේ කවුද? නිතිඥ සහායවත් පක්ෂෙන් දුන්නද?
පිටිගල මිලානෝ Wednesday, 07 April 2021 07:17 AM
ලන්සා කොහොමහරි බලන්නේ රන්ජන්ව දේශපාලනයෙන් ඈත් කරන්න. හේතුව රන්ජන් හැමදාම ලන්සාට වැඩියෙන් ඡන්දෙ ගන්නවා.
දිමුත්Wednesday, 07 April 2021 10:59 AM
ඇයි අර මිනීමරපු කෙනාගේ අයියගේ චැනල් එකත් සපෝට් එකට ඉන්නවනේ....
RIHAN Wednesday, 07 April 2021 07:28 AM
එක රටක්... එක නීතියක්...
saku Wednesday, 07 April 2021 07:34 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී වුණත්, සාමාන්‍ය ජනතාව වුණත් අධිකරණයට අපහාස කළොත් දඬුවම් ලැබෙන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. දැන දැන වැරැදි කරලා, බොරුවට මෙතන අඬන්නේ නැතිව ඉන්න.
pradeepa Wednesday, 07 April 2021 08:15 AM
රන්ජන් ඔය ජරාවට යන්න ඔච්චර දගලන්න එපා. ඔතනට එන්නේ කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, බාර්කාරයෝ, රන්මාල හොරු, මුදල් හොරු, ළගදී පොහොසත් වූ අය, ඔබ ඉන්න තැනට එන්නේ.
siri Wednesday, 07 April 2021 08:17 AM
අහිංසක මහජනයාගේ මුදල් මහදවල් කොල්ලකමින් කෝටිපතියන්ව ඉන්නා දුෂිතයින්ට,හොර තක්කඩි දේශපාලුවන්ට, කුඩු මුදලාලිලාට මිනී මරුවන්ට අදවගේ සතුටුදායක දවසක් ආයේ ජීවිතේට එන එකක් නැහැ.
බද්රානි Wednesday, 07 April 2021 08:36 AM
අශිෂ්ඨයින්ගේ රටේ, මිලේච්ජයෝ වගේ ජීවත් නොවී ඇත්ත කියන්න ගියාට රන්ජන්ට හොඳ පාඩම? කුඩු ටිකක් විකුණගෙන, වැලි කන්දක් කපාගෙන ජීවත් නොවී හොරු ගැන කියන්න ගියාට හොඳ වැඩේ.. බල්ලෝ වගේ ජීවත් නොවී මනුස්සයෝ වගේ ජීවත් වෙන්න හදනවා බලු කූඩුව ඇතුලේ ඉඳගෙන?? පිස්සුද මන්දා ඒ මනුස්සයාට??
BamunuarachchiThursday, 08 April 2021 10:36 AM
සමහර අවස්ථාවලදී එක ඇත්තක් කීම... බොරු 100 කියනවාට වඩා භයානකයි. හඬපට හොඳම උදාහරණය. කතාකළයුතු තැන කළයුතුදේ තෝරා ගැනීම බුද්ධිමතුන් සතු දෙයක් මිස වාචාලයින් සතු දෙයක් නොවෙයි.
ලුම්බිණි Wednesday, 07 April 2021 08:51 AM
අනාගතයේදී තමන්ට විරුද්ධ වෙන අයගේ කටවල් වහන්න කටයුතු කරන එක දූෂිත බොහෝ රටවල කරන දෙයක්...
BamunuarachchiThursday, 08 April 2021 10:30 AM
මෙයාට නඩු දැම්ම හේතුව දන්නවද? අධිකරණයට අපහාස කිරීම. නඩු දැම්මේ කව්ද කියලා දන්නවද? සිවිල් වැසියෝ දෙදෙනෙක්. නඩු ඇසුවේ කවද කියලා දන්නවද? ශ්‍රී ලංකා අධිකරණය. අනෙක් රටවලලත් උසාවියට අපහාස කරලා බේරිලා යන්න පුලුවන්ද? මෝඩ වුණාට කමක් නැහැ එය ලෝකෙට ප්‍රදර්ශනය කරන්න එපා.
මෝ Wednesday, 07 April 2021 03:30 PM
දැන් ලොකුම ප්‍රශ්නේ රන්ජගේ ආසනේ නැති වුණු එකද? සජිතුත් අන්තිම මොහොතේ කතා නායක අල්ලං වැඩේ බේරගන්න කෑ ගැහැව්වට ටූ ලේට්. රටනම් මේ කපේට ගොඩ යන්නේ නෑ. අවංක දේශපාලකයින් ටිකක්, අවංක ජනතා බහුතරයක්, අවංක නිලධාරින් කණ්ඩායමක් එකතුව නිස්සරනාධ්‍යාශයෙන් වැඩ කළොත් රට ගොඩ ගැනීම අමාරු නෑ. ඒත් ඒක සිහිනයක් කවදා හෝ සැබෑ නොවන....
Demuni Uduwara Wednesday, 07 April 2021 07:04 PM
රන්ජන් බොරුකාරයෙක් නෙමෙයි.
BamunuarachchiThursday, 08 April 2021 10:33 AM
සමහර අවස්ථා වලදී ඇත්ත කීම බොරු 100 කියනවාට වඩා භයානකයි. හඬපට හොඳම උදාහරණය
Nimal Thursday, 08 April 2021 02:36 AM
කට හින්දා විහින් අමාරුවේ වැටුණා
bamunuarachchi Saturday, 10 April 2021 01:46 AM
පුටුව විතරක් නොවෙයි තවත් තැන් හිස් වෙනවා