IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


’’රනිල් - අනුර දේශපාලන දීගයක’’

(නිමල කොඩිතුවක්කු)

රටේ මේ තරම් ගැටලු තිබියදී රනිල් සහ අනුර බලය ගන්න ගිවිසුම් ගතව දේශපාලන දීගයක නිරත වී ඇතැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ල බද්දේගමදී පැවසීය.

මෙය කාලයක් පුරා පැමිණි සම්බන්ධතාවක් බවත් මේ අය ඩීල් දාන්නේ ලක්ෂ 220 ජනතාව නිසා නොව ඔවුන්ට වැජඹීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දුෂණය පිටුදකිනවා කියන අනුර යහපාලන සමයේ දූෂණය පිටුදැකීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියදී කළ දෙයක් නොමැති බවත් රාජපක්ෂවරු රට බංකොලොත් කළා කියා තීන්දුව ගත්තේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා කීවේය’

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 46 වැනි විජයග්‍රාහී ජන රැළිය ගාල්ල බද්දේගම මහජන ක්‍රීඩාංගනයේදී අමතමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මේ වන විට රෝහල්වල සැත්කම් පෝලිම් බවත් හෘද සැත්කම් පෝලිම වසර ගණනාවක් දිගු බවත් නිදහස් සෞඛ්‍ය තුළින් මේවාට කාර්යක්ෂම විසදුම් දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේග රජයක් යටතේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කර රෝහල් පද්ධතිය ශක්තිමත් කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් පරිදින බව පිළිගෙන ඇති වත්මන් ජනාධිපතිවරයාගේ  කැමැත්ත අනුර දිනවීම බවත් මේ දේශපාලන ජෝඩුව වෙනුවෙන් ජන්දය ලබා නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රට බංකොලොත්භාවයෙන් ගොඩ එන්න ආර්ථික කුඩා කිරීම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා 26000 වැසී ලක්ෂ ගණනින් විරැකියා වර්ධනය වී ජීවනෝපාය අහිමි වී ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ව්‍යවසායකයන්ට මුල් තැන ලබා දී රජයේ මැදිහත්වීම වර්ධනය කර ආර්ථික විශාල කළ යුතු බවත් ඒ සදහා යොවුන් පරපුර වෙනුවෙන් නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දුප්පත්කම දශලක්ෂ ගණනින් වැඩි වි ඇති මොහොතක අනුරටවත් රනිල්ටවත් දුප්පත්කම තුරන් කිරීමේ ස්ථිර වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

දුුප්පතුන් සදාකාලික සහනාධාර අපේක්ෂා නොකරන බවත් ඔවුන් දුප්පත්කමින් මිදිමට කැමති බවත් ඒ සදහා සමගි ජන බලවේගය දුප්පත්කම තුරන් කිරීමට වසර 2ක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුඩා තේවතු ක්ෂේත්‍රයේ ජීවිකාව කරන ජනතාව තේ වගා කරන ඉඩම්වලින් 40%ක් අයිතිය තිබුනත් ඔවුන් සමස්ත ජාතික තේ නිෂ්පාදනයට 70% දායකත්වයක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

ඔවුන්ට ශක්තිය ලබා දි කිලෝ 50 පොහොර මිටිය රු 5000ට ලබා දෙන බවත් නැවත වගාවට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ස්ථාවර තේ මිලකට රජය මැදිහත් නොවුවත් තේ කර්මාන්තය ශක්තිමත් කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවත් තේ කර්මාන්තයේ ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුනාතිලක, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම වීරක්කොඩි, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (12)

’’රනිල් - අනුර දේශපාලන දීගයක’’

අමරදාස Friday, 13 September 2024 02:35 PM

වැඩේමයි අනුරට රනිල් එක්ක දේශපාලන දීගයක් කන්න.. කාටද අනේ මේවා කියන්නේ? පුතාණෝ හිතන්නේ තවම ජනතාව පිදුරු කන්නේ කියලා පව්...!

:       87       75

ජගත් ලියනගේ Friday, 13 September 2024 05:49 PM

සජිත් ! ඉක්මණින්ම මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න .

:       46       27

ජයනාත් Friday, 13 September 2024 03:06 PM

මෙයා කියනවා රනිල් - අනුර කියලා. අනෙක කියනවා සජිත් - අනුර කියලා. දෙන්නාටම අනුර නැතිව බැහැ වගේ... රටේ ජනතාවටත් එහෙමයි මගේ හිතේ...!

:       50       56

සෙනෙවිරත්න Friday, 13 September 2024 03:09 PM

හැමතැනම කියාගෙන යනවා..., අල්ලපු දිස්ත්‍රික්ක වලින් පවා සෙනඟ ඇදලා සෙනඟ දැක්කාම චූන් වෙලා කටට ආපු දෙයක් කියනවා. පන්සිය වන ජනාධිපති කාර්ය සාධක බලකාය තේ වගාව සම්බන්ධයෙන් පිහිටවන බව මෙහිදී පොරොන්දු විය. මීට ඉහත කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා වෙනුවෙන් ගීතා කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවන බව ප්‍රකාශ කෙරුණි...

:       46       35

සෙනෙවිරත්න Friday, 13 September 2024 03:10 PM

අල්ලපු දිස්ත්‍රික්කකවල සෙනග, අවට සෙනග මෙච්චර එන්න පිස්සු නැත. රු1000 කෑම සමග නිකම්මු ඕනෑතරම් සිටියි...

:       33       37

අරවින්ද මොනරවිල Friday, 13 September 2024 03:32 PM

සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 1.1ක් අවභාවිතා කළ එක සම්බන්ධයෙන් වූ පරීක්ෂණය නැවැත්තුනේ ඔයා කා එක්ක ඩීල් දාලාද කියලා මුලින්ම රටට කියන්න...!

:       35       39

Asela Friday, 13 September 2024 03:40 PM

පව් මේ යකා. දැන් උතුර, දකුණ මාරුවෙලා ඉන්නේ...!

:       35       41

Prabha Friday, 13 September 2024 03:57 PM

අනුරගේ ගෝලයෝද රනිල්ගෙන් හොරට පර්මිට් ඉල්ලන්නේ?

:       31       29

pakeer Friday, 13 September 2024 04:07 PM

රනිල් සහ සජිත් රෙද්දේ යන්න බයවෙලා ඉන්නේ... ඒක නිසා රනිල්, සජිත් අනිවාර්යයෙන් 21ට කළින් එකතු වෙනවා ලැජ්ජාවක් නැතිවම...

:       32       21

Dasa P Friday, 13 September 2024 05:03 PM

තව සතියකින් ගෙදර ගිහින් අම්මාවත් බලාගෙන පියාණෝ එක ගහ ගහ ඉන්න බොස්... ඕනෑනම් කම්කරු රස්සාවක් දෙන්නම්...!

:       17       25

Kapila Friday, 13 September 2024 05:18 PM

රනිල් ඩීල් දැම්මේ ඔයා එක්ක සංස්කෘතික අරමුදලෙන් ගසා කාපු නඩුවෙන් ඔයාව බේරලා නැතුව අනුර එක්ක නෙමෙයි.

:       19       26

ගමේ එකාලා Saturday, 14 September 2024 01:59 PM

රනිල් එක්ක එකට යූඇන්පීයේ කාලයක්ම හිටපු කෙනෙක් කියන කතා... ලැජ්ජයි?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 288 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5362 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 902 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4316 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3877 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2504 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16910 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site