IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රනිල් නැවත පුටුවට ගේන්න මිනිස්සු පෙළ ගැසෙනවා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වන විටත් පෙළ ගැසෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නියමිත වෙලාවටම ජනපතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙන බව කී අබේවර්ධන මහතා ජාතික නායකයෙක් ලෙස රනිල් ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවත ජනාධිපති ධුරයට පත්වන බවද ප්‍රකාශ කළේය.

නැවතී තිබූ රට නැවතත් ඇරඹී ඇති බව කී අබේවර්ධන මහතා ලංකාවේ සෑම හෝටලයක්ම දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී යන්නට පටන්ගෙන තිබෙන බව සඳහන් කළේය.

ගාල්ලේ පාපන්දු තරඟයක ත්‍යාග  ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (16)

රනිල් නැවත පුටුවට ගේන්න මිනිස්සු පෙළ ගැසෙනවා

Asanga Tuesday, 27 February 2024 12:04 PM

ඔව් ඔව්... අපිත් ඉන්නේ ඡන්දයක් එනකම් තමයි.

:       3       18

රංබොඩ Tuesday, 27 February 2024 12:05 PM

ඔව්, ඔව් පෙළ ගැසී ගැසී ඉන්නවා.

:       4       16

චන්දන Tuesday, 27 February 2024 12:09 PM

මොලේ අමාරුකාරයෝ කොච්චර ඉන්නවාද?

:       4       12

duminda Tuesday, 27 February 2024 12:10 PM

දැන් ඉඳන් පෝලිමේ ඉන්නේ, ඉක්මණටම ඡන්දෙ තියන්න.

:       3       14

Nimesh Tuesday, 27 February 2024 12:29 PM

ඇයි ගෙනැල්ලා මොනවා කරගන්නද? ඉතුරු දේශීය කර්මාන්ත ටිකත් නැත්තටම නැතිකරලා දාගන්නද?

:       3       16

Dharmatileke Tuesday, 27 February 2024 12:39 PM

විදුලි පුටුවක් ගැනත් මම අහලා තියෙනවා.

:       3       14

සෙනෙවිරත්න Tuesday, 27 February 2024 12:59 PM

ඔව් ඉර පායන්නේ, වහන්නේ, මල් පිපෙන්නේ රනිල් නිසා, සංචාරකයෝ එන්නේ රනිල් නිසා, මේ ගම්වල අපි සැදී පැහැදී ඉන්නවා රනිල් බලයට පත් කරන්න. අවුල වසර හතලිහක් කරන්න බැරි දේ වයසට ගියාම කරන්න හැකිද කියන එකයි...

:       5       18

සෙනෙවිරත්න Tuesday, 27 February 2024 01:02 PM

බැඳුම්කර හොරුත් හොරු කියපු අයත් එකම වෙිදිකාවේ, එන්පීපියට බයේ සමූපකාර ඡන්දයක්වත් තියන්න බැරි රනිල් පත්කරන්න අපි බලාගෙන ඉන්නේ...!

:       5       16

සේනාරත්න Wednesday, 28 February 2024 06:22 AM

මොකක්ද සමූපකාර ඡන්දය කියන්නේ...? ඇත්තට දැන් සමූපකාර කියලා එකක් තියෙන්නේ කොහේද? ඒවායේ සිටින පිරිස් කියන්නේ දැන් සමූපකාර නැහැ කියලා තමයි ඉස්සර සහල් සලාක පොත තිබුණු කාලයේ ලුණුමිරිස් කාඩ් එකයි, සලාක පොතයි අරගෙන සතියකට වරක් එහි ගියා... ඒ කාලේ සමූපකාර තිබුණා ජනතාව සහභාගිත්වය නැති තැනක සමුපකාර ඡන්දය කිසිම වටිනාකමක් ඇත්තේම නැහැ..

:       0       0

මැක්ස් Tuesday, 27 February 2024 01:09 PM

ජනතාව කෙසේවෙතත් රනිල් මහතාගේ පරණ හිතවතා අකුදී සහෝදරයා නම් එතුමාව ජනාධිපති කරන්න දිවා රාත්‍රී වැඩ කියන එක දේශපාලනය විඥාණය ඇති අයට දැනෙනවා...

:       11       3

S,p,bandara Tuesday, 27 February 2024 01:51 PM

පිස්සු නැත්තන් ශෝක්...!

:       2       11

Kazi Shajahan Tuesday, 27 February 2024 02:27 PM

අපේ ගම්වල නම් UNP කාරයෙක් හොයාගන්න බැහැ. පුලුවන් නම් එක ගමකින් 100ක් ගෙනැල්ලා පෙන්වන්නකෝ.

:       5       22

Buddika Tuesday, 27 February 2024 03:46 PM

ඔව් ඔව් බොලං. ඒ පෙළ ගැස්මට මාත් ගියා. මම පෝලිමට සෙට් වෙද්දී කිලෝමීටර් 10ක් පිටිපස්සේ හිටියේ. ඒ අස්සේ මිනිස්සු දැඩිව ඉල්ලා සිටියා වජිර අගමැතිවරයා කරන්න කියලා. මම එක පාරටම ගැස්සිලා ඇහැරිලා බලද්දී ඒක මේ හීනයක්නේ..!

:       3       28

අබිලින් Tuesday, 27 February 2024 05:22 PM

බුද්ධික සහජාන්ට ගෝල්ෆේස් අරගලය අමතක වුණාද ඒ කාලයේ මොනවා වෙලා තිබුණද? කොහොම වුණත් ඔය දෙන්නා ප්‍රභාකරන් කියපු දේ සත්‍ය කරලා තියෙනවා. ඔය දෙන්නා දැන් කල්පනාවට ගන්න 2019 මහා මැතිවරණය වෙලාවේ රනිල්ට එකම ආසනයක්වත් ලැබුණේ නැහැ. ඒත් උන්නැහේ රටේ ජනාධිපති වුණා. ජාතක කතාවල දැක්වෙනවා අතීතයේ රටේ රජ්ජුරුවෝ මැරුණාම රජකමට රජුගේ පුතෙක් නැත්නම් මංගල හස්තියා සරසා යවලා රජු තෝරා ගන්නවා කියලා... ඒ වගේ තමයි රනිල් ජනාධිපති වුණේ (රනිල් ජනාධිපති කරන්න ඇතෙක් ගියේ නැහැ තමයි) කවුරු කොහොම කිව්වත් රනිල් කියන්නේ ඉතාමත් පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක් කියන්න පුළුවන්.. පව්කාරයින්ට ඒක තේරුම් ගන්න හැකියාවක් නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි සමයේ උන්වහන්සේට කොපමණ අපහාස උපහාස කළාද? ඒ ගැන සිතනකොට ඔය උත්තමයින්ගේ කතා මොනවද බුද්ධික?

:       10       6

නන්දසේන Tuesday, 27 February 2024 08:07 PM

පින කොච්චරද කියනව නම් රාජපක්ෂලා නොහිටින්න බලාගන්න තිබ්බා. අඩුම ගානේ දරුවෙක් වත් ඉන්න ඕන දරු දුක දැනෙන්න.

:       0       0

පිටරටවැසියා Tuesday, 27 February 2024 09:27 PM

ඈ අබිලින්? පුණ්‍ය ශක්තිය කෙසේ වෙතත්, පුරුෂ ශක්තිය තියෙනවාද කියලා පොඩ්ඩක් බලලා කියනවද? දැන් ඉන්න වොඩ්කා ලේකම්තුමාම තමයි ප්‍රසිද්ධියේ ඇහුවේ "පරපුරක් නැති කෙනෙක් පරපුරකට කරන්නේ කොහොමද" කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1028 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4149 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1290 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 753 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1075 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 719 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site