(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය.
"අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි. දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත් වෙනවා" යැයි බෙලිඅත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28
මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ්ක
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් මෛත්‍රීගේ සහය එපා කියලා
sudda Friday, 16 August 2024 10:51 AM
මෛත්රීපාලගේ සහයෝගය විජේදාස රාජපක්ශට කියලා මුලින් කිව්වේ. ඊට පස්සේ දැක්කා මෙයා වෙන කාටද සහයෝගය දෙන්න යනවා කියලා. විජේදාස රාජපක්ෂ කියලා තිබුනා මෙයාගේ සහයෝගය තිබුනොත් ගන්නවා නැතිවුනත් කමක් නෑ කියලා. දැන් ඉතින් ආපහු රෙදි ඇඳන් විජයදාස ගාවට යාවිද? විජේදාස රෙදි ඇඳන් මෙයාව කිට්ටු කරගනීවිද. පුදුම කොන්දක් නැති මනුස්සයෙක් මේ මයිත්රිපාල. කොහොම නෝනා එක්ක එක දිගට හිටියාද මන්දා, වෙන එවුන්ට සහයෝගය නොදී.
යෝගා Friday, 16 August 2024 10:52 AM
දැන් නම් එයා ග්‍රාම සේවක තනතුරටවත් සුදුසු නෑ.
තුෂාර Friday, 16 August 2024 11:00 AM
ඉල්ලන් කාලා. දැන් ඉතින් කොහේටවත් නෑ!
sukitha Friday, 16 August 2024 11:12 AM
කවුද මයිත්රිපාල ජනාධිපති කළේ? දුරදක්නා නුවණට එදා මොකද වුනේ? කුමන්ත්රණකාරී ලෙස මොහු යොදාගෙන බලයෙන් පහ කළේ කවුද? එය සාධාරණීකරණය කළ හැකිද? වැරැදි පුද්ගලයෙක් සමඟ එක්වී රට වැරැදි දිශාවට ගමන් කරවීමෙන් සිදු වුණු හානියේ දිග පළල දන්නවාද...?
ගයාන් Friday, 16 August 2024 11:48 AM
මෛත්‍රී රනිල් ගාවට යන්න පිස්සුද? ඒ මනුස්සයා ප්‍රතිපත්ති රකින දේශපාලකයෙක්. ඔබලා වගේ බට්ටා පණින මනුස්සයෙක් නෙවෙයි. මේ පාර මෛත්‍රී සහයෝගය දක්වන අපේක්ෂකයා තමයි මීළඟ ජනාධිපති වන්නේ. උකුසු ප්‍රහාරය මතක නම් අමරවීර ඔයා මේ වගේ බංකොලොත් ප්‍රකාශ කරන්නේ නෑ.
Gayansika Friday, 16 August 2024 01:52 PM
නාමල්ට නාමල් සර් කියාගෙන දනින්වැටී ඉල්ලීම කරන්න ගියොත් නම් ඉහළින් බාර ගනීවි කියලා හිතෙනවා... ඒත් විශ්වාස නැහැ... වෙනත් කිසිවෙක් වගකීමක් නැතුව කටයුතු කරන මෛත්‍රී වගේ කෙනෙක් ගන්නේ නැහැ...
නිශාන්තFriday, 16 August 2024 06:50 PM
ඒක ඇත්ත. මහින්ද අමරවීරලා ගත්තු තීරණ වැරැදීගෙන එනකොට මහජනතාවගෙන් එන ප්‍රහාර මෛත්‍රීපාලගේත් ඇගේ ගාන්න එන්නේ. හොර, බොරු, වංචා, ඩීල් නැති මෛත්‍රී වගේ වටිනා මනුස්සයෙක් අඥානයෝ නිසා නැති කරගත්තා. ඇත්තටම මෙවර මෛත්‍රී සහයෝගය දෙන අපේක්ෂකයා තමයි මීළඟ ජනාධිපති වන්නේ...!
sunimal Friday, 16 August 2024 01:51 PM
ඔය විසකුරු පොළඟා විලිලැජ්ජා ඇති කෙනෙක් නෙවෙයි. හොඳ වැඩේ ඔය මනුස්සයා බලුවෙලා ඉන්න හැටි දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ...!
Geeth Meeella Friday, 16 August 2024 03:34 PM
දුර දක්නා නුවනින් බලල පත් කරගත් පොදු අපේක්ෂකයා නේද මේ. දෙන්නත් එක්ක හවුලේ රට කෑවා 2015-2018 වෙනකම් . මහ බැංකු මංකොල්ලේ ගැන කියන්න එපා කියල තියෙද්දිත් ඒක මේ යකා හැමතැනම කියෙව්වා එකේ තරහ තියෙන්නෙ තාම.
Prabha Friday, 16 August 2024 04:44 PM
පව් හිටන්...!
Chandana Friday, 16 August 2024 06:55 PM
මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක්. සරල නායකයෙක්. බොරු පිම්බිළි නැති නිහතමානී මිනිසා. රනිල් වගේ හොරෙක් ළඟට යන්න ඔහුට අවශ්‍ය නෑ. මහබැංකුවත් කොල්ල කාලා පාස්කු බෝම්බෙන් මෛත්‍රීව එළවලාම දැම්මේ රනිල් තමයි. කළු සුද්දන් රජකරවන රදළයින්...
ගමේ එකාලා Friday, 16 August 2024 07:47 PM
ආප්ප කාලා අනික් පැත්ත පැනලා, ජනාධිපති වෙච්චි හිටන් අන්තිමට මහින්දයාට පස්ස දොරින් අගමැතිකම පුදලා කරපු වින්නැහිය රනිල්ට මතක ඇති...