IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල්ගේ ප්‍රතිපත්තිය එළි දකියි

(අංජුල මහික වීරරත්න)

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය.

පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියේ මූලික අරමුණ වහා ක්‍රියාත්මක වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මීට මොහොතකට පෙර සිදු කෙරිණි.

ජනාධිපතිවරයා තරුණ පරපුරේ අනාගතේ ගොඩනැගීම සංකේතවත් කරමින් මුලින්ම තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර තම දේශනය කරන විටද තරුණ පරපුරට වේදිකාවට ආරාධනා කළේය.

බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි.

අර්බුදයක් මැද සිටින රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන ක්ෂණික ක්‍රියාමාර්ග මෙන්ම ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමේ මඟ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

(ඡායාරූප: ප්‍රදීප් පතිරණ)



අදහස් (18)

රනිල්ගේ ප්‍රතිපත්තිය එළි දකියි

Kumara Thursday, 29 August 2024 11:32 AM

මම මෙතන කියන්ටෝන විකිණීම​, ණය ගැනීම​, බදු ගැසීම තමයි මගේ ප්‍රතිපත්තිය​.

:       95       67

Sanath Thursday, 29 August 2024 11:34 AM

රනිල්ගේ ප්‍රතිපත්තිය​ හොරු රැකීම

:       91       69

Nissanka Thursday, 29 August 2024 11:35 AM

රනිල්ගේ ප්‍රතිපත්තිය ජනතාවට බදු, පාලකයින්ට සැප​

:       94       64

Chandana Thursday, 29 August 2024 11:37 AM

1977 ඉඳලා ඔයා ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති අපි හොඳට දන්නවා.

:       93       55

Rata Perata Thursday, 29 August 2024 11:37 AM

සාකච්චාවෙන් සහ සම්මුතියෙන් රටක් පාලනය කල යුතුයි කියලා ධර්මයේත් තියනවා . කොහෙද මේ ඒවා තේරුම් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයිනේ .මෙයා දන්නේ හීන් නූල් සාස්තර විතරයි

:       91       53

wiki Thursday, 29 August 2024 11:59 AM

මෑත කාලයේ දැකපු හොඳම ප්‍රතිපත්තිය මේකයි .කරපු දේවල් කරන දේවල් හරි විදියට පැහැදිලි කරලා තියනවා

:       48       91

Sumudu Thursday, 29 August 2024 12:01 PM

අවුරුදු 80ට කිට්ටු සීයාට තමා පුළුවන්! බණ පොතක් කියවන් ඉන්ඩ ඔනී කාලේ තමා රට හදන්න පුළුවන් වෙන්නේ ! නාකි විසේ !

:       87       48

පිටරටවැසියා Thursday, 29 August 2024 12:04 PM

"හොරකම සුපිරියටම පුළුවන් ශ්‍රී ලංකා"

:       84       50

siri Thursday, 29 August 2024 12:42 PM

අවුරුදු 30-40 ඔය ප්‍රතිපත්ති ජනතාව දැක්කානේ .ඒකනේ චන්ද පැරදිලා රටේ වාර්තාවක් තිබ්බේ

:       89       45

Gunendra Thursday, 29 August 2024 02:01 PM

සීයා 30, 40 කාලයේ කියපු දේවල් හොරකම් කරන තරුණ උදවිය කවුද කියලා දවස් කීපයකට කලින් දැක්කා.

:       35       66

ජනරළ Thursday, 29 August 2024 02:15 PM

ප්‍රතිපත්ති ?! ආ! මෙයා ගාව එහෙම එකකුත් තියෙනවද? අපි නම් අදමයි ඇහුවේ.

:       64       35

ගමේ එකාලා Thursday, 29 August 2024 03:27 PM

වැල් පාලමෙන් ගිහින් ගගට වැටෙන එක වෙන්ඩැ. වසර 47ක් දේසපාලනේ කරලා රට බන්කොලොත් කරන්ඩ දායක උනා.කටින් බතල හිටවනවා..හිටපු නායකයොත් ප්‍රතිපත්ති පෙන්නලා ජනතාව රැවට්ටුවා.අන්තිමට පවුලේ හතර වරිගෙම ඉන්න උන් කිට්ටු කරගෙන කරපු හරියත් ලෝකෙම දන්නවා .

:       50       27

sunimal Thursday, 29 August 2024 04:49 PM

අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන්ම තර්කානුකුල මිනිසුන් බිහිවීම වලක්වලයි තියෙන්නේ. තමන්ගේ මොලෙන් හිතන්නේ නැතිව තවත් කවුරු හරි කියන දෙයක් එලෙසින්ම විශ්ව කරලා කට මැත දෙඩවීම . විරුද්ධ මත වලට අහුන්කන්දීම වෙනුවට ගැරහීම , තමන් සියල්ල දන්නා බව සිතීම යනාදිය මෝඩයාගේ ලක්ෂනනේ . ඉතින් මෙතැන් තියෙන කොමෙන්ට් වලින් බහුතරක්ම එවැනි හිස් මිනිසුන්ගේ වෛරීය ප්‍රකාශන විතරයි . මේ ගොන්නු එකෙක් වත් දන්නේ නැහැ අධ්‍යාපන විද්‍යා පීඨ මගින් ගුරුවරු බිහි කිරීම , අපොස උසස්පෙළ හා සාමාන්‍යපෙළ විභාග ක්‍රමය , ජාතික අධ්‍යාපන ආයතනය වගේම අද අන්තර්ජාල පහසුකම් ලංකාවට හඳුන්වාදුන්නේ ඔය කියන නාකි සීයා බව .

:       0       0

Ramani Thursday, 29 August 2024 05:20 PM

මහබැංකුව හොරාකාපු, මහජන ඡන්දයෙන් තොරව හොරු 134 දෙනෙකුගේ ඡන්දෙන් පත්වී හිටපු අවුරුදු 2ට තවත් ඩොලර් බිලියන 5 ක් රට ණයකාරයෙක් කරලා... !!!

:       0       0

shantha Thursday, 29 August 2024 05:24 PM

අපිට අමතක නැහැ" තරුණ පරපුරට "සලකපු හැටි. ජනාධිපති පුටුව කෙසේවෙතත් විදුලි පුටුවේ හින්දවිය යුතුයි.

:       0       0

බළකාය Thursday, 29 August 2024 09:44 PM

මාළු මාමාගේ එක්දහස් පන්සීයේ කොමන්ට් බලකාය බැහැලා ඉන්නේ.

:       0       4

Janindu Perera Friday, 30 August 2024 09:00 AM

ණය ගෙවන්නේ නැතුව ඉදලා ආර්ථිකය හරි කියන එකනෙ මෙයාගෙ ප්‍රතිපත්තිය. ආයි ප්‍රකාශන මොකටද?

:       0       4

විපරමා Friday, 30 August 2024 01:21 PM

රනිල්ගේ ප්‍රතිපත්තිය ජනතාව රැවැට්ටීම, බලයේ ඉන්න එක හැර වෙන මොනවාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 102 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 63 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 543 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 575 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4601 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21186 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20496 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site