IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රනිල්ගේ මුක්තියට මෛත්‍රී හරස් වෙයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දැනුම් දුන්නේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා මගිනි.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගැණීනි.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.

ඒ අනුව, මේ පිළිබදව කරුණු දැක්වීම සදහා සියලු වගඋත්තරකරුවන්ට අවසථාව සලසා දෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට  කැදවීමට නියෝග කළේය.

මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණේ, ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, තකෝලික පියතුමන්ලා ඇතු`ථ පාර්ශ්ව 12ක් විසිනි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුJ පිරිසක් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (20)

රනිල්ගේ මුක්තියට මෛත්‍රී හරස් වෙයි

fairoos Tuesday, 26 July 2022 02:35 PM

මොන මුක්තියද වහල්ලුන්ට ‌‌‌මෙහෙම වෙලා මදි..ජාතිවාදය අවුස්සපු බයියන්ට දැන් සැපද?

:       22       92

BTTuesday, 26 July 2022 05:22 PM

ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නේද "Peace begins with me" කියලා? ඔබගේ නමින් හැඟවෙන අන්දමට ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නම්, "වහල්ලු", "බයියොන්" වැනි නම්වලින් මෙරට ජනතාවට පරිභව කරමින්, තව තවත් වෙෙරය සහ ක්‍රෝධය පතුරවන්නේ නැතිව, නබිතුමාට අවමන් නොවන, ආදර්ශමත් මුස්ලිම් පුරවැසියෙක් ලෙස ක්‍රියා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       29       32

SLTuesday, 26 July 2022 05:29 PM

දැන් එතකොට බෝම්බේ ගැහුවේ කාටද?, කවුද?, මොනවා ප්‍රාර්ථනා කරගෙනද මොන වාදෙන්ද? ඒකට එරෙහිව හඬනගන එක ජාතිවාදීද?

:       3       35

මැක්ස්Tuesday, 26 July 2022 06:34 PM

ෆයිරූස් මහත්තයා හැම තිස්සේම වගේ බොහොම උනන්දු වෙනවා තම කොමෙන්ටු හරහා විරුද්ධ වාදීන්ට විවිධ පදවි, තානාන්තර ලබාදෙන්න. වෙලාවකට වහල්ලු කියනවා. තව වෙලාවක ජාතිවාදීන්, බයියන් කියනවා. හැබෑටම ඔබතුමා කාගෙ වහලෙක්ද? ජාතිවාදය ඩිංගක්වත් ඇඟේ නැද්ද? මුස්ලිම් අන්තවාදී සුලු පිරිසක් විසින් පාස්කු ප්‍රහාරයක් එල්ල කළේ නැද්ද?

:       12       29

BTTuesday, 26 July 2022 07:33 PM

ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නේද "Peace begins with me" කියලා? ඔබගේ නමින් හැඟවෙන අන්දමට ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නම්, "වහල්ලු", "බයියන්" වැනි නම්වලින් මෙරට ජනතාවට පරිභව කරමින්, තව තවත් වෙෙරය සහ ක්‍රෝධය පතුරවන්නේ නැතිව, නබිතුමාට අවමන් නොවන, ආදර්ශමත් මුස්ලිම් පුරවැසියෙක් ලෙස ක්‍රියා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

:       10       21

Hafeel Tuesday, 26 July 2022 03:33 PM

හරි නම් ව්‍යවස්ථාව වෙනස් කරලා නඩුවට පෙනීසිටිය යුතුයි. මෙම විධායක ජනාධිපතිට තියන මේ මුක්තියෙන් එක රට එක නීතියටත් පටහැනි සහ මානව අයිතිවාසකම් උල්ලංගන කිරීමක්. මේක වෙනස් කළ යුතුමයි. ගෝඨාභයත් මේකෙන් ප්‍රයෝජනය ගත්තා.

:       16       28

Prabha Tuesday, 26 July 2022 04:38 PM

යකාගේ නීතියක්... සීයක් මරලා හරි දවසකට ජනාධිපති වුණොත්..., පවතින නඩුත් අහක දානවා.

:       5       45

Bamunuarachchi Tuesday, 26 July 2022 05:28 PM

මෛත්‍රීෙග් ලොකු තරහක් රනිල් සමග තියෙනවා.

:       17       41

සුරංග Wednesday, 27 July 2022 05:41 AM

ඒක තමයි රනිල් එජාපය පවාදීල හිටං ජනාධිපති වෙන්න සැලැස්වීම එහෙම නොකලානම් හිටං කවදා ජනාධිපති වෙන්නද.

:       1       1

ඩේමියන් Tuesday, 26 July 2022 06:41 PM

බෝම්බ ගහපු අය පැත්තක. මොවුන් ටික ඔවුන්ට විරුද්ධව නඩු දාන්නේ නෑ...!

:       4       27

Nihal Harischandra Tuesday, 26 July 2022 07:16 PM

මොන මුක්තියක්ද...? කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කරලා, ජනාධිපති වුණාට පස්සේ ඒ ඔක්කෝමගෙන් නිදහස්. ගෝඨාටත් කොච්චර නඩු තිබුණාද? ජනාධිපති වුණාට පස්සේ ඔක්කොම කැලේ...! 

:       12       38

S.R.Banda Tuesday, 26 July 2022 09:48 PM

රනිල් කල්යල් බලලා මේ තනතුරුවලට පත්වෙන්නේ වංචනික අරම්‍රණු කීපයක් ඇතිව. මේ මුක්තිය ලබාගැනීමත් එයින් එකක්.

:       0       3

chandima Tuesday, 26 July 2022 10:23 PM

මේ අය සේරම ඉහේ ඉඳන් හම ගහන්න ඕනෑ...!

:       0       0

nihal christy Tuesday, 26 July 2022 11:47 PM

බමුණා රනිල් සමග ලොකු යාළුකමක් තියෙනවා වගේ....!

:       0       0

saman Wednesday, 27 July 2022 12:17 AM

කොහොම වුණත් රනිල් කියන පුද්ගලයා හරිහැටි අපේ දේශපාලඥයෝ දන්නේ... එක්කෝ හදයි නම් මීටත් එහා ජරාවෙයි...

:       0       0

සෑම් Wednesday, 27 July 2022 07:14 AM

මහබැංකු හොරා බටලන්දේ මිනි මරු රනිල්. පාදඩ මහින්ද, ගෝටා ඇතුළු රනිල්රාජපක්ෂ ආණ්ඩුවට ගහලා ඉවරයක් කරන්න අගෝ 9 හැමෝම පාරට එන්න.

:       1       2

Sunil Wednesday, 27 July 2022 10:47 AM

මේ දෙන්නම මේ ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි. රට වනසන්න උපන් අය...

:       2       11

chandima Wednesday, 27 July 2022 10:17 PM

ඒකනේ මේ ආපු ගමන් සීනියස්ලා ගන්න ඒවා ඔක්කොම ගන්න යනවා.බෙනිෆිට් තව පහුවෙලා ඉල්ලන්න වැඩ හුරු උනාට පස්සේ

:       0       0

Jagath wijesuriya Thursday, 28 July 2022 05:51 AM

නීතිය ක්‍රියාත්මක වීම , අද නෙමෙයි හෙට.

:       0       0

K. W Piyasena Thursday, 28 July 2022 11:15 AM

මුක්තිය අවලංගු කල යුතුයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 803 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 866 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 510 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 310 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site