(අංජුල මහික වීරරත්න)
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
නිදහසින් පසු රට බෙදීම් වෙන්වීම් සහ විවිධ මතවාදයන් ඔස්සේ ක්‍රියා කිරීම නිසා කඩාගෙන වැටී තිබෙන බවද පිරිසක් විසින් බංකොලොත් භාවට පත් කළ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඔසවා තබමින් සිටින බවද අබෙිවර්ධන මහතා කීය.
ඒ කාර්ය සඳහා ශ්‍රී ලාංකික සමස්ථ ජනතාව සහයෝගය ලබාදිය යුතුව තිබෙන බවද වෙනත් දේවල් කර වැඩපිළිවෙල යම් හෙයකින් කඩාකප්පල් කළහොත් එහි වගකීමද ඒ කණ්ඩායම් විසින් බාරගත යුතුව තිබෙන බවද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න
Akila Sunday, 09 April 2023 01:15 PM
2021 කොවිඩ් තිබුණු කාලෙත් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද සමරුවා මීට වඩා ජයට, මට මතකයි පමුණුවේ බයිසිකලයකින් යන්නවත් බැරි විදිහට මේ වගේ දවස්වල ඒ කාලේ සෙනඟ හිටියා.., මොකද ඒ මිනිස්සුන්ට ඒ දවස්වල අතේ සල්ලි තිබ්බා... රනිල් පප්පා ඇවිත් මිනිසුන්ව බිංදුවට බැස්සුවා...
fairoosSunday, 09 April 2023 02:39 PM
හරියට හරි... බයියන්ට නම් දැන් සැප තමයි... රට නැත්තටම නැතිකරපු නන්දසේන හොඳයිනේ...?
Janaka from MataraMonday, 10 April 2023 07:07 AM
"2021 කොවිඩ් තිබුණු කාලෙත් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද සමරුවා මීට වඩා ජයට"..? 69 ලක්ෂයට මං හිතුවාටත් වඩා හුඟාක් වෘෂභ ජාන තියෙනවා.
නිශාන්ත Sunday, 09 April 2023 01:48 PM
ඇයි දැන් හෙල ගොඩක් ගැඹුරුයිද? ළමයාව ගොඩදාන්න බැරි වෙයිද?
duplicate Ralahami Sunday, 09 April 2023 01:55 PM
ඡන්දෙ තියන්නකෝ... අපි ඔයාට අලුත් තනතුරක් දෙන්නම්...! මැගසීන් සිරකඳවුරට මුදල් වංචා කළා.
Buddika Sunday, 09 April 2023 02:25 PM
එජාපය කාලා විනාශ කරන්න ඩීල් දාපු කෙනෙක්... ජනතාව ප්‍රතික්ෂේප කළ මෝඩයෙක් ඉදිරි ඡන්දෙදිත් දෙන්නම්කෝ ගෙදරම ඉන්න...!
විපරමා Sunday, 09 April 2023 03:42 PM
මෙයා හරියට කතා කරන්නේ පින් ජනපතියා ජනතාවට අවුරුදු සමරන්න හැමදේම පිනට දුන්නා වගේනේ...
චන්න Sunday, 09 April 2023 04:47 PM
අපි සමරනවා නෙවෙයි, ලෙවකනවා...
ගාලු පුතා Sunday, 09 April 2023 05:05 PM
මෙයා ගාල්ලේ බිස්නස් කාරයින්ට කියලා තියෙන්නේ ඊළඟ ආණ්ඩුවේ අගමැති මෙයා කියලා... ඒ නිසා එයාට සපෝට් කරන්නලු...
Nandasena gr Monday, 10 April 2023 05:55 AM
දැන් මේ බත්ගොට්ටා කියනවනේ පිරිසක් රට බංකොළොත් කරා කියලා. ඔන්න මම අභියෝගයක් කරනවා... පුළුවන් නම් කියමු බලන්න ඒ බංකොළොත් කරපු අයගේ නම් ටික...
Asanga Monday, 10 April 2023 09:20 AM
දැන් ඉන්න නොම්මර එකේ සෙරෙප්පු ලෙවකන්නන් තමයි. ලොකු දෙයක් ලැබෙයි ඉස්සරහට...
Rohana Monday, 10 April 2023 12:45 PM
රනිල් කරපු වැඩක් පේන්නේ නෑ. මේ විදියට බදු ගහලා IMF එකට වැඳලා ණය ගත්තට ඒකත් අයවැය වියදම් පියවන්න මුදල් ගත්තනේ. මේ තත්ත්වය තාවකාලිකයි. ඉදිරියටත් ණය ගත්තොත් විතරයි රට මේ මට්ටමෙන් යන්නේ... ණය නැතිවුණුදාට ආයෙත් පෙර තත්වයමයි. ණය කන්ද ගොඩගැහිලා ඉදිරියේ බලය ගන්න අයට ඒ ණයබර එකතු වෙනවා. ඉතින් රට හැදෙයිද?
Rata Perata Monday, 10 April 2023 01:23 PM
මට මේ වගේ සුවච, කීකරු කෙනෙක් ඕනැවෙලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
සුවච ටොමිය Monday, 10 April 2023 02:30 PM
තනතුරක් ගන්න මිනිස්සු මෙහෙමත් පහත් තත්වෙට වැටෙනවද? අයියෝ මිනිස් ජීවිත... කුලී වැඩක් කරලා, ජීවත්වෙන එක හොඳයි... මේ වගේ ගොට්ටෙක් වෙනවාට වඩා...