(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කෙරිණ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක එක් අපේක්ෂකයකු පමණක් ප්‍රවර්ධනය වන ආකාරයට පොදු ස්ථානයක මෙවැනි ආකාරයේ ආගමික කටයුත්තක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි හෙයින් එය නතර කිරීමට මෙසේ නියෝග කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පොදු ස්ථානයක මෙවැනි දෙයක් සංවිධාන කරන්නේ නම් කොමිසම ඊට විරුද්ධ නොවන බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව ආරංචිවීමෙන් පසුව කොමිසම කළ දැනුම් දීමකින් සංවිධායකයන් එම ජය පිරිත නැවැත්වීමට එකඟ වූ බවයි.
මෙවැනි ජය පිරිතක් පන්සලක හෝ වෙනත් ආගමික ස්ථානයක පැවැත්වීම කිසිදු ගැටලුවක් නැතැයිද සභාපතිවරයා කීවේය.
මෙම ජය පිරිත පිළිබඳව පැමිණිල්ලක් ලැබීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කණ්ඩායම් කිහිපයක් එහි පිටත් කර යැව්වේය. ඒ අනුව කළ විමර්ශනවලදී එය සත්‍යයක් බව හෙළිදරව් වීමෙන් පසු අදාළ සංවිධායකයන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසා කොමිෂන් සභාවේ ස්ථාවරය ඔවුනට දැනුම්දී ඇත.
මේ අනුව එම ජය පිරිත වෙනත් ස්ථානයක පවත්වන බව සංවිධායකයන් එම මැතිවරණ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රනිල්ට ජය පැතූ ජය පිරිත මැකෝ නවත්වයි
රංබොඩ Thursday, 15 August 2024 09:17 AM
ඒක නැවැත්වීම ප්‍රශස්ත ක්‍රියාවක්. රජයේම මුදල් භාවිතා කරලා වෙන්න ඇති කරන්න සූදානම් වුණේ. එවැනි දේ ජය පිරිතටත් නිගාවක් වෙන්න පුලුවන් .භාගයවතුන් වහන්සේ මේවා දේශනා කළේ මිනිසුන් යහපත් කරන්න. දේශපාලනය කරන්න නෙවෙයි.
Perera Thursday, 15 August 2024 09:18 AM
අනේ අර අසරණ නාමොලයට ඔහොම සෙත් පතලා ඔලුව අතගාලා සනසන්න මොකෙක්වත් නැද්ද ?
Dilshan Thursday, 15 August 2024 09:19 AM
කවුද දන්නේ නෑ ඒ හාමුදුරුවෝ සෙට් එක ?
m. saman perera Thursday, 15 August 2024 10:22 AM
ජය පිරිත් කියලා නැවත බලය දෙන්න තරම් වටිනා කට්ටිය
Rata Perata Thursday, 15 August 2024 11:45 AM
කරන්න පුළුවන් කුප්ප වැඩ ඔක්කොම කරන්න හදන්නේ .බම්බුවේ mr clean.
ලසන්ත Thursday, 15 August 2024 02:55 PM
වෙනෙත් ස්ථානය ලංකාවේ නොවෙයිද? මහජන මුදල් කාබාසිනයා නොකර එකට පිරිත් දහයක් කීවත් මොකෝ!
Jayantha Thursday, 15 August 2024 03:19 PM
වෙනත් පංසලක හෝ ආගමික ස්ථානයක පුලුවන්ලු? ඇයි ඒවා පොදු ස්ථාන නෙමේද? පොදු දේපල නෙමේයිද?
Kamal Koyrala Thursday, 15 August 2024 03:35 PM
සංඝයා දැන් නිකාය වලට පමණක් නොවේ. පක්ෂ දේශපාලනයටත් බෙදිලා. නියමයි... දෙකෝටි ගාණක් වන ශ්‍රී ලාංකික ජනතාවට සෙත් පතන්න බැරිද?
Lalith Friday, 16 August 2024 07:10 AM
පව්කාරයාට පින් කරන්න ගියත් ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ
NWS KUMARA Friday, 16 August 2024 07:32 AM
බුදුදහමත් දේශපාලනීය කරනවා මේ අය