IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල්ට හයිය දෙන්න ගිය පොහොට්ටුවේ මන්ත්‍රීලා 92 දොට්ට

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එ\ක් වූ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කරන ලදැයි පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් එම මන්ත්‍රීවරුන්ට අද හෙටම ලිපි  යොමු කරන බවද හෙතෙම  සඳහන් කළේය.

විනය ක්‍රියාමාර්ග වලින් පසු ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් වහාම විනය පියවර ගන්නා ලෙස පක්ෂයේ ක්‍රියාකාරීන් ඉල්ලීම් කරමින් සිටින බව පැවසූ ලේකම්වරයාමේ දිනවල ඊට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහාය නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 92කි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවේ එහි දේශපාලන මණ්ඩලය විසිනි.



අදහස් (10)

රනිල්ට හයිය දෙන්න ගිය පොහොට්ටුවේ මන්ත්‍රීලා 92 දොට්ට

Perera Saturday, 17 August 2024 03:06 AM

සාගර දොට්ට දානවා... නාමල් අඬගහනවා...

:       0       8

sunimal Saturday, 17 August 2024 06:17 AM

ඔහෙත් රාජපක්ෂලා වගේම ලංකාවේ දේශපාලනයෙන් මෙදාපාර හේදිලා යන චරිතයක්. අර 92 නම් ඡන්දෙන් පත්වෙලා ආපු අය, ඔහේ ඡන්දය ඉල්ලුවා නම් ඡන්ද 100 ක් නොලැබෙන කෙනෙක්. ජාතික ලැයිස්තුවෙන් ඇවිත් දැන් පොරක් වෙන්න රඟපානවා...

:       2       10

Raman Saturday, 17 August 2024 06:44 AM

ඒක කරන්නම අත්‍යාවශ්‍යයි. ගිය හොරු ටික එළවලා ඉන්න අයව දැන්වත් හදලා අරන් රට වෙනුවෙන් ආයිමත් වැඩ කරන්න අර මුලින්ම ආපු කාලයේ වගේ. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න. මේ පාර දිනුවේ නැතුවාට ප්‍රශ්නයක් නෑ. ඉදිරිය ගැන කල්පනා කරලා වැඩ කරන්න. එයින් නොම්මර එක තමයි හොරුන්ව නැවතත් ළඟට නොගන්නා එක...!

:       1       5

NWS KUMARA Saturday, 17 August 2024 07:32 AM

පොඩ්ඩක් ඉවසන්න... අපි ඔක්කොම එළියට දානවා...

:       0       6

තස්ත්‍ර මාෂල් Saturday, 17 August 2024 08:21 AM

ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ. ඒ කියන්නේ කවදාකවත් මහත්මා ගතිගුණ නැවත මේ රටේ පරපුරට කියාදෙන්න කෙනෙක් නැහැ කියන එකයි.

:       0       4

Pradeep Kumara Saturday, 17 August 2024 08:30 AM

ඕක නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද සාගර මහත්තයෝ? ඔය වගේම තමයි ඔයාලා ලඟටත් කට්ටිය පැන පැන ආවේ. එදා ඉඳන්ම මේ මන්ත්‍රීලා කෙරුවේ වාසි පැත්තට පනින එකමනේ. සැලුන් දොර ඇරලා වැඩේ හොඳටම කලේ ඔයාගේ ලොක්කා නේද? දැන් ඒක පාරා වලල්ලක් වෙලා. කවුද මේ දක්වා ඔය පනින එක නතර කරන්න කටයුතු කලේ. NPP එකේ එක ප්‍රධාන පොරොන්දුවක් තමයි ඔය එහෙට මෙහෙට පනින එක නතර කිරීම. එයාලට සහයෝගය දීලා බලන්න.

:       2       8

Dayasena Saturday, 17 August 2024 08:35 AM

රනිල් නොහිටින්න වුනේ මොකක්ද කියලවත් හිතාගන්න බැහැ. කළගුණ සැලකීම ගෑවිලාවත් නැති කෙනෙක් අරගලය වෙලාවේ නැට්ට පස්සේ ගහගෙන හැංගිලා ඉඳලා යන්තමින් වාරුවක් ලැබිලා නැගිටින්න උදව්වක් කල කෙනාගේ පස්සට පයින් ගහන්න කටයුතු කිරීම තිරිසන් ලෝකයේ වත් දකින්නට නැහැ ඔය දැන් ඉදිරිපත් කල අපේක්ෂකයා දක්ෂයෙක් නම් ඇයි සාගර අරගලය වෙලාවේ ඉදිරිපත් නොකලේ කියන්න. ඒ ගමන් කියන්න ඕනෑ මැතිවරණ වෙලාවේ පනින ගෙම්බන්ට හැමදාම අස්කරනවා කියලා ලියුම් යැව්වත් කිසිදාක කිසිවෙක් තවම නම් අස්කර ගන්න බැරිවුණා...

:       3       4

Dharmatileke Saturday, 17 August 2024 09:59 AM

අවස්ථාවාදියා අවස්ථාවාදියාමයි... මහජනතාවට සේවය කරන්නේ මන්ත්‍රී වෙලා කොස් ඇටයක්වත් පැළ නොකර තමන්ගේ බඩගෝස්තරේ රැකගන්න ආයේ මොකටද පක්ෂයකට?

:       0       9

pakeer Saturday, 17 August 2024 03:10 PM

එල්ලෙන්න වැල් නැති වෙලාවේ... මහ අයට රනිල්ගේ වලිගෙ එල්ලෙන්න හොඳයි. දැන් එයාට සහාය දෙන්න ගියාම ඔවුන්ට විනය නීති. ජනතාවනි, බඩගෝස්තරවාදය තේරෙන්නේ නැතිද? මෙහෙම වෙලා මදි...

:       0       6

Jananada Saturday, 17 August 2024 07:13 PM

සැප්තැම්බර් 21 න් පස්සේ ඔක්කොම එළියේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 63 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 55 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 514 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 468 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3262 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 146 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22065 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21904 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site