IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රන්වන් පැහැති මීමින්නෙක් තබ්බෝවෙන් සොයාගනී


(එච්.චන්දන)
 
ශරීරය රන්වන් පාට සහිත මීමින්නෙකු  නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ ඉඩමකින්  හමුවු බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී කාර්යාලය කියයි.
 
වන ජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් විසින් මීමින්නා අල්ලා ගන්නා ලදුව පුත්තලම වන ජීවී කාර්යාලයට රැගෙන ගොස් ඇත.
 
ඇලි බවක් හේතුවෙන් මීමින්නා මෙම වර්ණය ගෙන ඇති බවද, ශරීරයේ කුඩා තිත් කිහිපයක් පෙනෙන්නට ඇති බවද වන ජීවී නිලධාරීහු පවසති.



අදහස් (20)

රන්වන් පැහැති මීමින්නෙක් තබ්බෝවෙන් සොයාගනී

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 24 November 2020 05:15 AM

අනේ.. මොනතරම් අලංකාර සතෙක්ද? මෙයාගේ නෑ පරපුර වෙත නොමැති විශේෂත්වයක් නිසා මෙයාව මෙහෙම අපට දකින්න ලැබුණා. මස්වැද්දෙකුට හසූවුණා නම්, මෙලහටත් ලිපේ. මෙයා කුරුඳු දළු කන්න දක්වන්නේ අධික රුචියක්. කුරුඳු ඉඩම් අයිතිකරුවන්ගෙන් මෙයාට අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. පුඩු තියනවා. එහෙමත් නැතිනම්, වස දානවා. විශේෂ මීමින්නෝ ... ඔයාට දැන් ටිකක් නිදහස ඇහිරීම සිදුවුණත්, ජීවිතය රැකුණු එකත් මොනතරම් ආශ්චර්යයක් ද නේද?

:       3       41

චලිත Tuesday, 24 November 2020 07:51 AM

ඉස්සර බිංදු පත්තරේ, විජය පත්තරේ එහෙම මෙහෙම හුරතල් රචනා තිබ්බා. ඒ කාලෙ ලියන්න බැරි වෙලා වගේ. ආසාවනෙ.... තව ලියන්න අනිත් ඒවාටත්...

:       27       9

Sapumal - සපුමල් - SAPUMAL.Thursday, 26 November 2020 02:58 AM

අංගොඩින්ද පැන්නේ.. එහෙම නැතිනම් වලිගය පාගාගෙනද ... ? බූරුවන් දන්නේ හඬ තැලීමට පමණයි ..

:       0       4

Prabha Tuesday, 24 November 2020 09:13 AM

ඔය පෙන්නන්නේ පුත්තලම පැත්තෙන් අටට රජෙක් බිහිවෙනවා කියන ලකුණු...

:       8       11

Nihal Wednesday, 25 November 2020 03:08 PM

ඒ වෘෂභයා රජවේ නම් ඔක්සිජන් ඇති රටකට පැනගන්න තමයි වෙන්නේ...

:       0       3

සපුමල් - SAPUMAL - Sapumal.Thursday, 26 November 2020 08:27 AM

පුවතට අදාළ දේ ලියන්න. බහුබූත කතා නොලියන්න. පුවතට අදාලව ලියන්න දැනීම නොමැති නම් වැදගත් විදිහට නිහඬව ඉන්න. මෙසේ හැසිරීමෙන් ඔබගේ මෝඩකම අන් අයහට ප්‍රදර්ශනය වේ.

:       1       1

kamal Tuesday, 24 November 2020 09:58 AM

අර නෙලුම් පොහොට්ටුව අරගෙන ආව නාගයා වගේ කෙනෙක් නේද මේ?

:       2       15

Raveendra Tuesday, 24 November 2020 11:06 AM

අහිංසක සතා පව්...

:       1       9

Ranaraja Nisantha Nalladrankattuwa. Tuesday, 24 November 2020 11:10 AM

අලි පෙරේරාලා ඉන්න ප්‍රදේශයකින්ම හම්බ වුණේ මෙයාට ඔක්සිජන් ඕනේ නැතුව ඇති.. අනේ පව්...

:       1       6

lyanage Tuesday, 24 November 2020 10:00 PM

ශරීරය රන්වන් පාට සහිත මීමින්නෙකු හමුවීම සමග ලංකාවේ පශු වෛද්‍යවරුන්ට රිසර්ච් කර මෙම සත්වයාගේ DNA පරීක්ෂාවක් කොට සත්වයාගේ ජාන පිළිබඳව සොයා බැලීමක් කිරීම සුදුසු වේ. කැලයට මුදාහළහොත් වනසිවුපාවුන් වැනි මිනිසුන් විසින් මරාදමනු ඇත. එසේ නොමැතිනම් පසුගියදා කොත්මලේදී අලුත් වර්ගයේ අශ්වයකු බිහිකිරීමට මුලිකවූ කණ්ඩායමට බාර දෙන්න..

:       0       4

janahitha Wednesday, 25 November 2020 03:34 AM

මීමින්නා ආහාරයට ගැනීම නුසුදුසු නිසා බේරිලා ඉන්නවා.

:       0       4

siriyawathi Wednesday, 25 November 2020 03:38 AM

රනිල් මහත්තයා වගේමයි. අහිංසක සතෙක්...

:       1       0

dilip Wednesday, 25 November 2020 05:47 AM

ඇයි මූ ඉන්න තැන ඉන්න දුන්නේ නැත්තේ? පැටව් හිටියා නම් ඉවරයි නේද? ගොන් හැත්ත...

:       2       8

Damith Wednesday, 25 November 2020 07:12 AM

දැන් නිකමට කියලා බලන්න මෙයාට මල් තියලා වන්දනා මාන කළොත් සියලුම සැප සම්පත් ලැබෙනවා කියලා. අර කැළණියට ගිය රැළ මේ සතා ළඟටත් ඒවි පූජා වට්ටි අරන්..

:       2       11

පූජාWednesday, 25 November 2020 07:58 AM

පූජා වට්ටි ඕනෑ නැහැ දමිත්, එයා ආස කරන කුරුඳු දළු ටිකක් කන්න දීලා කැළේට මුදා හරින්න.. එයා අයිති කැලේටයි.

:       0       15

saman Wednesday, 25 November 2020 07:52 AM

පව්, මේ සතාව කූඩු කරන්න එපා... ස්වභාවික වනයකට මුදා හරින්න.

:       0       15

naagahananda Wednesday, 25 November 2020 10:05 AM

මේ සතාව හිටපු පරිසරයෙන් රැගෙන ඒම වැරැදියි. ඒ පරිසරයටම ගොස් නැවත මුදාහරින්න. එම සතාගේ අනික් සාමාජිකයිනුත් එහි ඇති.

:       1       6

banda Wednesday, 25 November 2020 12:43 PM

මස් වැද්දන්ගෙන් බේරාගැනීමට ලැබීම ලොකු දෙයක්.

:       1       5

ජයන්ත Thursday, 26 November 2020 03:35 AM

ඌ ඉවරයි.

:       0       2

Achira Saturday, 28 November 2020 05:09 PM

ග්‍රාමීය ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය මෙම සතුන් ගෙන් ලැබෙන දායකත්වය ඉහළයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 73 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1471 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1283 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 254 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 6380 12

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31555 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23770 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site