IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


රනිල් ලන්ඩන් යයි

(අංජුල මහික වීරරත්න)

විදෙස් මාධ්‍ය හමුවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිත අතර අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් එය මෙහෙයවනු ලබයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස අනුගමනය කළ දැඩි ආර්ථික සැලැස්ම ශ්‍රී ලංකාව කඩා වැටීමෙන් ගලවා ගත්තේද? නැතහොත් ඉදිරියේදී ඇති විය හැකි විශාල දුක්ඛිත තත්ත්වයන් සඳහා පාර සකස් කළේද?

දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාර සමයේ අග්‍රාමාත්‍ය ලෙස අත්දැකීම් ආදී කරුණු  පිළිබඳව මෙම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කිරීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපතිවරයා දින දහයකට ආසන්න කාලයක් ලන්ඩන් නුවර රැඳී සිටිනු ඇත.



අදහස් (10)

රනිල් ලන්ඩන් යයි

thilak Monday, 03 February 2025 03:01 PM

ඉතින් අපිට මොකද?

:       15       24

යෝගා Monday, 03 February 2025 03:09 PM

තාමත් ජාත්‍යන්තරය පිලිගන්නේ රනිල්වයි. මොකද අනුර බඩ ගගා, ෆේල් වෙවී ඉදිරියට ගෙන යන්නේ රනිල්ගේ වැඩ පිළිවෙලමනේ.

:       42       23

පිටරටවැසියා Monday, 03 February 2025 03:39 PM

අල් ජසීරා එකටත් පිස්සු. හොඳ නැද්ද, අය-වැය අතිරික්තයක් තිබිච්ච රටක් අය-වැය හිඟයක් සහිත රටක් බවට පත්වෙලා, ණය කන්දරාවක් සමඟ ක්‍රමානුකූලව බංකලොත් භාවයට පත්වෙච්ච හැටි ගැනත් අදහස් පලකලොත්? තවටිකක් ඉදිරියට ගිහින්, රටේ ආර්ථික මර්මස්ථාන වෙන්දේසී වූ හැටි, ලද ආදායම අය-වැය හිඟය පියවීමට යොදාගත් හැටි සහ රාජ්‍ය ආයතන අකර්යයක්ෂම පරිපාලනය සහ දේශපාලන ඇගිලිගැසීම් මත දිගින් දිගටම පාඩු ලබන හැටිත්, එම ක්ශේත්‍ර වල පෞද්ගලික ව්‍යාපාර ලාභ ලබන හැටි ගැනත් අදහස් ටිකක් ?

:       9       19

පම්පෝරි ජනක Monday, 03 February 2025 03:41 PM

රට බංකොලොත් වෙන්න වැඩියෙන් ම බලපෑවේ අර යහපාලන කාලේ රනිල් ගත්ත බැඳුම්කර ණය බිලියන 12.5 නේද කියල ඔය සාකච්ඡා වෙදිවත් අහයිද කවුරුහරි ?

:       14       20

Asela Monday, 03 February 2025 04:16 PM

ලප කොටාට කාටවත් මුහුණ දෙන්න දැනුමක් හෝ හැකියාවක් නැහැ. ඔහු හොඳ NPP වහලුන්ට පමණි.

:       16       13

පොඩිඑකා Monday, 03 February 2025 04:29 PM

එකත් එකටම මහදවල් බැංකු කඩන හැටි උගන්නන වැඩහටහනකට වෙන්න ඇති. බටලන්ද ගැනත් ඇහුවොත් හොදා…!

:       5       11

ලක්විදු Monday, 03 February 2025 04:33 PM

අනේ යෝගෝ ඔයාගෙ මන්දබුද්ධික කම පෙන්නන්න එපා. ජාත්‍යන්තරය අනුර සහෝදරයා පිලිගත්ත හැටි මුළු ලෝකයම දැක්කා. අල් ජසීරා කියන්නේ ජාත්‍යන්තරය නෙවෙයි. ජාත්‍යන්තර කුණු අවුස්සන ජනමාධ්‍යයක් විතරයි. ඒකෙ ලෝක හොරැත් එක්කත් සාකච්ඡා කරනවා.

:       6       9

Srinath Monday, 03 February 2025 04:49 PM

තවමත් ජීවත්වෙන්නේ බොරුවෙන්. කොහේහරි යන්න උණාම සමුළුවක් ඉදිරියට දාලා අපේ ගොන්නු අන්දනවා . මොනවා ඇමතුවත් රට බංකොලොත් කළේ රනිල් ඇතුළු UNP සෙට් එක.

:       5       8

ගුණරත්න Monday, 03 February 2025 05:41 PM

විශ්‍රාමික ජනාධිපති ආරාධනා ලැබුණු උත්සවයකට ගියාම මාලිමාවුන්ට රිදෙන්නේ ඇයි...?

:       3       6

Asela Monday, 03 February 2025 05:30 PM

පිනට ජනාධිපති වෙලා ඉන්න කාලේ අර දහ සැරයක් විතර ගියපු කිසිම වැඩකට නැති දේශගුණික විපර්යාස සමුළුව එහෙම සෑහෙන්න මතක් වෙනවා ඇති... සීයට නේද දැන්..? ඒ මදිවාට දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයකුත් හදනවා කිව්වා ලංකාවේ, කවදාවත් කිසිම දැක්මක් තිබ්බ මනුස්සයෙක් නෙමෙයි.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි
2025 පෙබරවාරි මස 03 11 0

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස


ඡන්දහිමි නාම ලේඛනයට හැම පුරවැසියෙක්ම ඇතුලත් විය යුතුයි
2025 පෙබරවාරි මස 03 105 0

ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත


තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී
2025 පෙබරවාරි මස 03 683 1

නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.


රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි
2025 පෙබරවාරි මස 03 351 1

රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ


ආනන්ද විජේපාලට එරෙහිව රිට් පෙත්සමක්
2025 පෙබරවාරි මස 03 773 0

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව


’’මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට’’
2025 පෙබරවාරි මස 03 610 7

මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 76 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 735 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 730 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site