(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රනිල් ආණ්ඩුවේ මුදලින් පෞද්ගලික සංචාර ගොස් ඇතැයි කෙරුණු සියලු ප්‍රකාශ සාවද්‍ය බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් සඳහන් වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යය.
රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කරනු ලැබීය. ප්‍රථම සංචාරය 2023 මැයි 09 වැනි දින කරනු ලැබුවේ iii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහාය.දෙවැනි වර පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (IDU)2023 සැසි වාරයට සඳහා ලන්ඩන් නුවරට ගියේය.
හවානා නුවර පැවැති G 77 සමුළුවට සහභාගි වීමෙන් පසුව නිව්යෝක් නුවරටත්, ඉන් අනතුරුව ලන්ඩන් නගරයටත් පැමිණීම තුන්වැනි සංචාරයේදී සිදුවිය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට වුල්වර් හැම්ප්ටන්(Wolverhampton) විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රදානය කිරීමේ උත්සවය මෙ දින වලදී වුල්වර් හැම්ප්ටන් හි පැවැත්විණි.
රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වූයේ නිව්යෝක් නුවරට ගොස් පැමිණෙන අතර වාරයේදීය.
පෞද්ගලික සංචාරයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක ලන්ඩන් නුවරට ගොස් නැත.මේ සංචාර වලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවීම ද සිදුකරනු ලැබීය.
එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුර දී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම් ,මැඩමුළු ආදියට ද සහභාගී වූවාය.
ඒ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනා කර තිබිණි. නිව්යෝක් නුවර සිට ඒ උත්සවයට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් එය පසු දිනයට කල් දැමිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන් සහභාගී වූ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශ කෙරුණු ආකාරයේ අධික මුදලක් වැය වූයේ යැයි පැවසීම අතිශය ගැටලු සහගතය.
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මෙ කරුණු හමුවේදී ද පැහැදිලි වෙයි.
සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි
වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.
ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (
ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම
වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පවුලේ ගමන් ගිහින් නෑ
Akila Tuesday, 18 March 2025 01:20 PM
ඔය කටින්ම කියල තියෙන්නේ , කපටි මිනිහ කරන්නේ හැම තිස්සෙම පෞද්ගලික සංචාර වලදී කොහොම හරි රාජ්‍ය නායකයෙක් හමු වෙනවා නැත්නම් වැඩකට නැති සමුළුවකටත් ඒ ගමන් ම බලෙන්ම රිංගනවා , ඊට පස්සේ එක පවුද්ගලික සංචාරයක් නෙමෙයි කියල පෙන්නනවා
sena Tuesday, 18 March 2025 01:21 PM
දඹුලු ගිහින් තලගොයි මරන්න බැහෙනේ, ඔයාගේ රාජ්‍ය ගමන් වලින් රටට ලැබිච්ච දේ මොනාද
කව්ද බෝයි Tuesday, 18 March 2025 01:26 PM
මොකෝ නැත්තේ? සාගලයත් ගියේ ඔය හැම ට්‍රිප් එකම...
බහුභාර්යාTuesday, 18 March 2025 02:42 PM
ඒක නීත්‍යානුකූලද?
Mehdi Hassan Tuesday, 18 March 2025 01:37 PM
හරි හරි අපි පිළිගත්තා. බටලන්ද වාර්තාවකුත් නෑ නෑමයි.
Koralage Tuesday, 18 March 2025 02:14 PM
මේ මිනිහ අපරාධකාරයෙක්.හොර පාරකින් කොහොමහරි පාර්ලිමේන්තුවට රිංගලා මහජන මුදල් කාබාසිනියා කරන හොරම තක්කඩියෙක්.අපි මාලිමා රජයට කියන්නේ බටලන්ද කොමිසන් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනල්ල වැඩි ඡන්දයෙන් සම්මත කරලා මේ රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරල දාන්න.එහෙම කෝලොත් රටට විශාල සෙතක්.
Hafeel Tuesday, 18 March 2025 02:55 PM
මේ සම්බන්ධයෙන් රනිල් ළඟදීම ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.
ජයනාත් Tuesday, 18 March 2025 03:12 PM
මෛත්‍රී වික්‍රමසිංහ යනු රාජ්‍ය නිලධාරීන් නොවෙයි . එතනින්ම පැහැදිලියි පුද්ගලික කරුණුවලට රජයේ මුදල් පරිහරණය කරලා තියෙන බව.
Shantha Tuesday, 18 March 2025 03:14 PM
එතකොට අර අමතර කෝටි 2000ක් වෙන්කර ගත්තේ කජු කන්නද සීයේ?
මැක්ස් Tuesday, 18 March 2025 04:02 PM
ඇත්තටම ජෙප්පො කියන්නෙ ලැජ්ජාව ගෑවිලා වත් නැති, කටේ දිවේ නොගෑවී කෙබර ඇදබාන්න පුලුවං බේගලුන් ගෙන් පිරි අහනකි. නායක බේගලුන්ගේ කෙප්ප කිසි හිරිකිතයක් නැතුව කරේ තියාගෙන කොමෙන්ටු කොටන අන්ධ භක්තිකයන් රෑනක් ඔවුන් සතු වීම, ඔවුන් තාවකාලිකව ලැබූ ජයග්‍රහණයකි.
Asela Tuesday, 18 March 2025 04:06 PM
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ව්‍යාපාර සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරන ආකාරය දන්නා කිසිවෙක් මෙම පාලනයට නැත. 21 වන සියවසේ රාජ්‍ය පාලනය හෝ රාජ්‍ය තාන්ත්‍රික ආකෘතිය ඔවුන් නොදනී. මේ මෝඩයන් රැලක් සමඟ ශ්‍රී ලංකාවට පවත්වා ගත හැකිද නැතහොත් ඉදිරියට යා හැකිද?