IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආවැයි සැක අයෙක් අල්ලයි

(නිමන්ති රණසිංහ)

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අද (13 ) අත්අඩංගුවට ගනු ලැබ ඇත .

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය  මුහුණ ලා ඇති බේස්ලයින් මාවතේ පදික වේදිකාවේ සිට පුද්ගලයෙකු ඔත්තු බලමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටින බව බන්ධනාගාර වැඩ කණ්ඩායම් භාරව සිටි නිලධාරියෙකු බන්ධනාගාර අවි අංශය දැනුවත් කර ඇති බවත් ඒ අනුව මෙම පුද්ගලයා නිලධාරීන් භාරයට ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර අවි අංශ නිලධාරි කණ්ඩායම එම පුද්ගලයා රැදී සිටි ස්ථානයට යන විට එම තැනැත්තා බේස්ලයින් මාර්ගය හරහා කැම්බල් ක්‍රීඩාංගනය දෙසට දිව ගොස් ඇති අතර, නිලධාරි කණ්ඩායම සැකකරු පිටුපස ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

පසුව සිදුවීම සම්බන්ධව සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේ දී මොහු කොළඹ ප්‍රදේශයේ  පදිංචි කරුවෙකු බවත් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රවය ලබා දීමට පැමිණි බවත් පාපොච්චාරනය කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

සැකකරු සෝදිසි කිරිමේදී  පාපොච්චාරණය කල ආකාරයට කිසිදු මත්ද්‍රව්‍යක් හමු වී නොමැති අතර, ජංගම දුරකථනයක් පමණක් ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ද හෙතෙම පැවසීය. 

ඒ අනුව ඉදිරි විමර්ෂන කටයුතු සඳහා මෙම සැක කටයුතු පුද්ගලයා බොරැල්ල පොලීසියට බාරදුන් බවද ඔහු සඳහන් කළේය 



අදහස් (0)

රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය දෙන්න ආවැයි සැක අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 15 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 216 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 108 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 439 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 37 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 303 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 208 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site