IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද  පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.

මෙමගින් විශාල මුදල් නාස්තියක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතිකා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ ඒ වෙලාවේ මිල සහතිකයේ සඳහන් කර තිබෙන්නේ නිෂ්පාදකයා දුන් මිල ගණන් බවයි.

එය නිවැරදිද අනෙක් රටවල ඒ මිල ගණන් නිවැරදිද යන සංසන්දනයක් 2019 වසරේදි සිදුවී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය සාධනය පිළිබඳව කරුණු විමසීම සඳහා එම අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.

එමෙන්ම ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා හදිසි ඖෂධ මිලදී ගැනීමට මුවා වී කළ වංචාවලට අදාල ලැබුණු පැමිණිලි විමර්ශනය කර නැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කරඇත.

මෙහිදී ඖෂධ නියාමන අධිකාරියේ වැරැද්දක් සිදුවී ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

 



අදහස් (7)

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?

කව්ද බෝයි Thursday, 13 March 2025 11:05 PM

කෝ බං මේ යෝගාබයියා?

:       1       4

කුකුල් චමින්ද Thursday, 13 March 2025 11:05 PM

කෝ බං මේ වසර 76කට රෙදි නැතිව කඩේ යන හැත්ත? උන් ටික අද වන්දනාවෙවත් ගිහිල්ලද?

:       1       7

සෙනෙවිරත්න Friday, 14 March 2025 02:56 AM

ආ කෝ මේ ගුණරතන, මැක්ස්ල හැංගිලාද, අනුන්ගෙ පව් කරට වැටුනම ඒකටත් කතාහදන රචනා ලියන කටවල් වැහිලද? පාතාලය මතුඋනේ මාස තුනෙන් වගේ කතා ලියන අප්පුල මේවටත් මොනවහරි කියන්නකෝ අහගන්නත් ආසයි.

:       1       5

R.T. sarath Friday, 14 March 2025 06:57 AM

කණගාටුවට කාරනය දිගින් දිගටම මෙවැනි වංචා පිලිබඳ කාරණා එලියට ආවත් චුදිතයන්ට අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කර පරීක්ෂණ ආරම්භ කිරීමට පසුගිය ආණ්ඩු කටයුතු නොකිරීමය , අලුත් ආණ්ඩුවත් යන්නේ එම මාර්ගයේම බව පෙනෙන අතර , ඉස්සර මෙම පරිපාලන කටයුතු කල නිලධාරීන්ගෙන් 90% පමණ දිගින් දිගටම අධාල තනතුරු වල සේවයේ යෙදෙන අතර අල්ලස , දුෂණය වංචාව දිගින් දිගිටම ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වේ , හොඳම උදාහරණය පරණ ආණ්ඩුවලට උපදෙස් දුන් , ආණ්ඩු සමග එකට වැඩකළ දුමින්ද හුලංගමුව , හාන්ස ජයසුරිය වැනි පුද්ගලයන් සහ කණ්ඩායම් අලුත් ආණ්ඩුවට උපදෙස් දෙන්නද කටයුතු කිරීමය , අඩු පාඩුවකට ඇත්තේ කබ්රාල් පමණි ,

:       0       2

Nishan Friday, 14 March 2025 09:15 AM

රුපියල් 372 ට තියෙන්නේ ඉන්දියාවේ ගෙවල්වල හදන බෙහෙත් වෙන්න ඇති. ඒවා බීලා අකාලේ මැරෙන්න වෙයිද දන්නේ නෑ. හදවත් රෝග වගේ අති සංවේදි, ගුණාත්මක බවෙන් ඉහල ඖෂධ ඕන ප්‍රතිකාර වලට බාල බෙහෙත් ගෙනත් දෙන්න එපා ලාභෙට තියෙනවා කියලා.

:       8       1

himal Friday, 14 March 2025 10:16 AM

සැපයුම්කරුවාගෙන් තමයි ප්‍රශ්න කරන්න ඕන ඇයි එහෙම වැඩි මිලට දුන්නේ කියලා. මොකද ඔහු ඉදිරිපත් කලේ ඒ මිලට නම් වෙන ටෙන්ඩර්කරුවො අඩු මිලට දෙන්නෙ නැත්නම් බෙහෙතත් ඕන නම් මොකද කරන්නේ?

:       5       1

රුවන් Friday, 14 March 2025 11:33 AM

ලංකාව මෙහෙම හරි තියෙන එක ගැන ජාත්‍යන්තරයට වුනත් පුදුම වෙයි. හොරා කන එක රුපියල් කෝටි ගානක් නෙමෙයි ප්‍රකෝටි ගානක්, ඩොලර් මිලියන, බිලියන ගානක් හොරා කලා. හොරා කෑවේ නැත්තං ලංකාව සිංගප්පූරුවක් වෙලා දැනට අවුරුදු 30-40කට කලින්ම. මේක කාගේ කරුමයක්?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 27 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 235 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 92 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 264 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 497 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site