IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


රුපියල් කෝටි 300 ක මත්ද්‍රව්‍ය අල්ලයි

 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
                   
ඩුබායි රටේ සැඟව සිටින ජූඩ්  නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙරටට බෝට්ටු මගින් එවන ලද බව කියන  රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝඩරගම මහතා පැවසීය.

ඒ සමගම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි  පුද්ගලයන් හතර දෙනෙක් මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇත.
                           
හෙරොයින් මත්කුඩු කිලෝ 100 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් ඒවා ප්‍රවාහනය සඳහා  යොදා ගත් වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ට්‍රක් රථයක්  ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජයේ රැදී සිටින ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එවන ලද මත් ද්‍රව්‍ය තොගයක් බව සුරා බදු දෙපාර්ත්තුමේන්තුව වැඩි දුරටත් පවසයි. සුරාබදු දෙපාර්ත්තුමේන්තුව පවසන්නේ මෑත ඉතිහාසයේ තම දෙපාර්තමේන්තුව මගින් සිදු කල විශාලතම වැටලීම මෙය බවයි.

මසකට ආසන්න කාලයක් සුරාබදු නිලධාරින් හා සුරාබදු බුද්ධි අංශය දැවැන්ත මෙහෙවුමකින් පසුව මෙම වැටලීම කර ඇති අතර, මෙම මත් ද්‍රව්‍ය තොගය ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබියදී අත්අඩංගුවට ගත් බව කියයි.

මත් ද්‍රව්‍ය තොගය මාරවිල දකුණු තොඩුවාවේ සිට සූක්ෂම ආකාරයෙන් දොඹකර ලොරි රථයක පටවන ලද විදුලි ජනක යන්ත්‍රයක රහසිතග ආකාරයෙන් සගවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී සුරාබදු නිලධාරින් හා නාවික හමුදා බුද්ධි නිලධාරින් විසින් අද (6 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. දොඹකරය සහිත ලොරි රථයද, විදුලි ජනක යන්ත්‍රයක් සහ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක් හා වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු නිළධාරින් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේමුල්ල හා දෙමටගොඩ පදිංචි ප්‍රධනා පෙලේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට මේ වන විට සනාථ  කර ගෙන තිබේ. 

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

 



අදහස් (5)

රුපියල් කෝටි 300 ක මත්ද්‍රව්‍ය අල්ලයි

Rata Perata Sunday, 06 December 2020 08:26 AM

හරියටම කුඩු කාරයා ගැන දන්නවා නම් ඒ රට කියල අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. නිසැකයෙන්ම මේකටත් ඉහළ පෙලේ දේශපාලකයෙකුගේ ආශීර්වාදය ඇති. මේ කුඩු ටික වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන් අපේ රටේ විකුණන්නත් පුළුවන්. ලංකාව එහෙව් රටක් කරලා ඉවරයි මේ අය...

:       0       0

කමල් Sunday, 06 December 2020 08:40 AM

බමුණුආරච්චි මහත්තයා වැරදියට ගන්න එපා. 2019 නොවැම්බර් වලට කලින් මූලික වශයෙන් විශාල පරිමාණ මත්ද්‍රව්‍ය ඇල්ලුවේ රටට ඇතුල් වෙනකොටම සහ ගැඹුරු මුහුදේ (ඇමරිකානු ඔත්තු සේවා මැදිහත් වීම මත). දැන් මහත්තයෝ අල්ලන්නේ රට අභ්‍යන්තරයේ (හුඟක් වෙලාවට මෙහෙම වෙන්නේ විරුද්ධවාදීන් විසින් ඔත්තු දීපු හින්දා). ඒ කියන්නේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තාමත් තියෙනවා. මේවා අල්ලන්න එපා කියනවා නෙමෙයි හැබැයි අර මධූෂ් අවුරුදු එකහමාරක් ගිහින් දීපු ඔත්තුවකට කිලෝ 22ක් ඇල්ලුවා කියලා.. ඊට පස්සේ දවසේ උණ්ඩ 2ක් විතරක් පාවිච්චි වෙච්ච විශාල වෙඩි හුවමාරුවකින් මරණයට පත්වුණා. ඒබ්‍රහම් ලින්කන් මහතා කියලා තියෙනවා ඔබට ඕනෑම අවස්ථාවක සියලුම දෙනා රැවටිය හැක. එහෙත් සියල්ලන්ම සැමවිටම රැවටිය නොහැකිය කියලා.

:       0       0

Raveendra Sunday, 06 December 2020 12:43 PM

එයාලගෙ බඩු එයාලම අල්ලනවා. නම් ගම් ඔක්කොමත් දන්නව නම් ඇයි ඔය කියන ජාවාරම්කාරයව අත්අඩංගුවට නොගන්නෙ? පම්පෝරි ගහද්දි නම් කියන්නෙ කේ.පී. ව කනෙන් ඇදගෙන ලංකාවට ගෙනාපු අය කියලනෙ...

:       0       2

Abayawansa kaluthanthrige Sunday, 06 December 2020 11:18 PM

හිතු මනාපෙ ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටත්වන හා ගොඩබිමට පැමිණෙන බෝට්ටු රෙගුව මගින් පරීක්ෂා කිරීමෙ ක්‍රම වෙදයක් සකස් කළ යුතුයි.

:       0       1

amila Monday, 07 December 2020 10:59 AM

රේගුව අයින් කරලා හමුදාවට බාරදෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 233 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 837 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 572 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 234 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 857 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 200 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 584 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site