IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රූපවාහිනී සේවකයන්ට පඩි ගෙවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

ඒ සඳහා අනුමැතිය ඉල්ලා තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති සහ උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

රූපවාහිනි සංස්ථාව මුල්‍යමය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් රජයේ වැඩසටහන් ප්‍රචාරය කිරිම වෙනුවෙන් නොමිලේ දෙන ගුවන් කාලයේ වටිනාකම ද සැළකිල්ලට ගෙන මෙම මුදල ලබා දෙන්නැයි අමාත්‍යාංශය ඉල්ලා ඇත.

රූපවාහිනි සංස්ථෘවේ සේවකයන් ගණන 930 ක් පමණ වන අතර ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 5 ක් වැයවනු ඇතැයි පැවසේ.

මීට අමතරව අනෙකුත් දීමනා ආදිය සඳහා තවත් රුපියල් කෝටි 4 ක පමණ වැය වන බවද දැනගන්නට ලැබී ඇත.

රූපවාහිනි සංස්ථාව 2017 වසරේදී රුපියල් කෝටි 40 ක පමණ 2018 වසරේදී රුපියල් කෝටි 44 ක පමණ ද වටිනා ගුවන් කාලයක් රජයේ වැඩසටහන විකාශය සඳහා කිසිදු අයකිරිමකින් හෝ අනුග්‍රාහකත්වයකින් තොරව ලබාදී ඇතැයි ද අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.



අදහස් (34)

රූපවාහිනී සේවකයන්ට පඩි ගෙවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි

mihira Sunday, 01 March 2020 12:30 PM

3-2 දෙන්න එතකොට දෙයි.

:       62       19

Rohana Sunday, 01 March 2020 12:57 PM

රජයේ වැඩසටහන් වලටත් මුදල් අය කළානම් මෙවැනි තත්වයක් ඇති වෙන්නේ නැහැ.

:       0       32

Hafeel Sunday, 01 March 2020 01:18 PM

බලාගන ඉන්න. මේ දෙගොල්ලන්ම තව අවුරුදු 100ක් බලයේ හිටියත් හරි මේ රට ගොඩනගන්නේ නැහැ.

:       134       618

AjanthaSunday, 01 March 2020 09:16 PM

තව අවුරුදු 500 ක් ගියත් අලියගේ නැට්ටෙ එල්ලිලා ඉන්න ජේවීපී එක නම් එයි කියල කීයටවත් හිතන්න බැහැ. ආවත් ඉතින් රට මේ තරමින් වත් ඉතුරු කරන එකක් නැහැ කියලා කියන බේගල් වලින්ම පේනවා.

:       172       316

NuwanMonday, 02 March 2020 06:43 AM

ඔය ප්‍රධාන පක්ෂ දෙකයි, ජවිපෙයි තුන් ගොල්ලන්ම මේ රට විනාශ කළා. අඩු වැඩි වශයෙන්, ඒවා තේරුම් ගත්ත බුද්ධිමත් ජනතාව කෙසේ හෝ දුක් මහන්සියෙන් මේ රටින් වෙනත් රටවලට පැනගත්තා පවුල් පිටින්... දැන් මේ රටේ ඉතිරිවෙලා ඉන්නේ මුකුත්ම කරකියා ගන්න හැකියාවක් නැති අසරණයින් ටිකදෙනෙක් සහ අමුම අමු ඔක්සිජන් පවා අනවශ්‍ය පිරිසක් සහ ඒ වැනිම තවත් පිරිසක් පමණයි. තව අවුරුදු 10,15 කින් මේ රට නැහැ....

:       0       2

Hafeel Monday, 02 March 2020 06:56 AM

අලියගේ නැට්ටේ එල්ලිලා ඉන්න ජේවීපී එක නොවේ පොහොට්ටුව. පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා ඉන්නේ අලියා සහ අලියගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ පොහොට්ටුව... එ්ක කව්රුත් දන්න කතාවක්... ඕවා අවස්ථා කිහිපයකදී රනිල් සහ මහින්ද ඔප්පු කරලා තියන්නේ. බලන්න ව්‍යවස්ථා නොමැති හිටපු අගමැති රනිල්ට නිල නිවාස, නිල රථ හතරයි, 200කින් සමන්විත කාර්ය මණ්ඩලය... මහබැංකු හොරුන්ට තියන නිදහස්... රනිල්ට එරෙහිව විශ්වාස භංගයේදී රාජපක්ෂලා සභාවේ නැහැ. ඒ වගේම රනිලුත් බලයේ ඉන්නකොට රාජපක්ෂලාගේ නඩු ටික හොඳට ඇදලා දුන්නා. මේවා තියෙද්දී ජවිපෙ එ්කට දොස් කියන්නේ ඇයි?

:       105       169

athuraMonday, 02 March 2020 07:10 AM

සාටකේ එල්ලිලා ආවොත් හෙටම බලයට එන්න පුළුවන් නේද මහත්මයා...?

:       14       22

Pradeep Sunday, 01 March 2020 01:29 PM

නිසි කළමනාකරණයක් නැතිකම නිසා ඇතිවන ගැටළු... අන්තිමට රූපවාහිනියේ සේවකයන්ටත් පඩි ගෙවන්න වුනේ බදු ගෙවන ජනතාවට. කරුණාකර ජනතා මුදල් විනාශ නොකර මේ ආයතනවලට කාර්යක්ෂම නිලධාරීන් පත් කරන්න. (දේශපාලකයන්ගේ සුරතලුන් නොවේ) ... ඔවුන්ට ස්වාධීනව වැඩ කරන්න දෙන්න. රජය විසින් යම්කිසි ගුවන් කාලයක් ලබා ගනී නම් ඒ සඳහා ගෙවීම් කළයුතු බවට නීති සකසන්න. බොහෝ විට අප දැක තිබෙනවා රජයේ දැන්වීම් අනෙකුත් පාර්ශවයන්ට මඩ ගසන අයුරු. මේවා නතර කර පලදායි කටයුත්තකට පමණක් අදාළ කාලයන් වෙන් කිරීමට කටයුතු කරන්න.

:       0       551

lanka Sunday, 01 March 2020 01:42 PM

අනේ ඉතින් ඒකෙත් හැටි... පුද්ගලික නාලිකා තමන්ගේ චැනල් බලනවට මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහින් සල්ලි බෙදනවා. රජයේ පාලනය යටතේ තියෙන නාලිකා සේවකයන්ගේ පඩියවත් ගෙවාගන්න බැරුව දඟලනවා. රජයේ ආයතන සියල්ලේම හැටි ඔහොම තමයි. මේ වගේ ආයතන ජනතාවට මොන සේවයක් කරනවටද ජනතා බදු මුදලෙන් නඩත්තු කරන්නේ? ජපන්නු නොමිලේ දුන්නු හින්දා මිසක් එහෙම නොවුන නම් අදටත් අපිට රූපවාහිනියක් නොතිබෙන්න තිබුණා. හොඳ වැඩසටහනක් දානවා නම් ජනතාව ඒවා බලනවා. එහෙම නම් ඕනෑතරම් අනුග්‍රාහකයන් හොයාගන්න පුළුවන්... සත පහකට වැඩක් නැති බොරු දේශපාලන පුරාජේරු ජනතාව බලන්නේ නැහැ...

:       4       697

PereraSunday, 01 March 2020 10:32 PM

රජයක් ව්‍යාපාර කරන්න ගියාම කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආර්ථික ඵලදායිතාවය ඔය වැනි තැන්වල ඉතාමත් අඩු මට්ටමක පැවතීම... එතන සියළුම මිනිස්සු පඩියට වැඩකරන නිසා මුදල් කළමනාකාරීත්වයත්, පුද්ගලික ව්‍යාපාරයක් තරම් පරිස්සමට කෙරෙන්නේ නැහැ. දේශපාලන වාසිවලට මිනිසුන්ව රැකියාවල්වලට ඔය ආයතනවලට කොයි පක්ෂේ බලේ හිටියත් කරන වැඩක්... එමගින් එක්කෙනෙකුට කළහැකි වැඩක් කරන්න 10ක් විතර ඉන්නවා. එතකොට ඉතින් මහා භාණ්ඩාගාරයේ පිහිට තමයි අන්තිමේට...

:       0       33

Vipul Sunday, 01 March 2020 03:59 PM

සේවකයන් 930ක් මොනවද කරන්නෙ? බහුතරය නිකන් ඉඳන් පින් පඩි ගන්නවා. දේශපාලකයන් විසින් තමන්ට වැඩ කල හෙන්චයියන්ට මහජන මුදලින් පින් පඩි ගෙවීම නතර නොකලොත් මේ රට ගොඩ ගන්න බෑ.

:       0       35

Bishan Sunday, 01 March 2020 04:19 PM

පොහොට්ටුවේ ගුණ වයන්න ගුවන් කාලය ගත්තම ලාභයක් කොහෙන්ද? ණය ගන්නම උපන් ආණ්ඩු තියෙන්නේ ලංකාවේ...

:       151       310

ramaMonday, 02 March 2020 03:59 AM

bishan, 2017, 2018 කලේ කෝටි ගණන් අරන් තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවකින් නොවේ දේශපාලන කන්නාඩි වලින් බලන්න එපා.

:       117       134

පාලිත Sunday, 01 March 2020 05:06 PM

තමන්ට නඩත්තු වීමට නොහැකි අයගේ පවුලක් නඩත්තු කිරීමට මං දායක වෙන්නේ ඇයි?

:       0       20

Ajantha Sunday, 01 March 2020 09:13 PM

2017, 2018 ප්‍රතිපල තමයි ඔය

:       34       54

mahinda Sunday, 01 March 2020 10:41 PM

එ්කත් මකර කටට...

:       0       5

denin Monday, 02 March 2020 01:28 AM

දැන් බලාගෙන ගියහම දුර්වලයි කියා අපි ප්‍රතික්ෂේපකල රජය වත්මන් රජයට වඩා බොහොම දක්ෂයිනේ. ඒ මිනිස්සු රජයේ සේවකයින්ගේ වැටුප් රුපියල් දහදාහකින් වැඩිකර තෙල් ගෑස් බෙහෙත් ඇතුළු භාණ්ඩ ගණනාවක මිලත් අඩුකර ණයත් ගෙවාගෙන වැඩ වර්ජන ආදී බාදක මැද රජය කරගෙන ගියානේ දැන් ණය ගෙවන්නත් බැහැ කියනවා පඩි ගෙවන්නත් බැරි නම් අපි වැඩේ අල්ලදාමු.

:       210       505

dare Monday, 02 March 2020 01:39 AM

හොඳට ලාබ උපයන්න පුළුවන් ආයතනයක් නේ. ඇයි බදු මුදල් වලින් පඩි ගෙවන්නේ. ජනාධිපතිවරනෙට මාකටින් කලේ නොමිලේ වෙන්න ඇති.

:       6       23

ලුම්බිණි Monday, 02 March 2020 02:59 AM

කිසි දෙයකට බයවෙන්න එපා.. රජයේ සියලු පාඩුලබන ආයතන ලාභලබන ආයතන බවට පත්කරන බවට ජනාධිපති ඡන්ද කාලේ පොරොන්දු වුණා. මේක කරන්න බැරි නම් පොරොන්දු වෙන එකක් නැහැනේ..

:       25       18

lalithm Monday, 02 March 2020 03:02 AM

මේ කන්නේ පුද්ගලික අංශයේ, ස්වයං රැකියාවල සහ විදෙස් ශ්‍රමිකයින්ගේ ලේකඳුළු වලින් උපයන සල්ලි... නැතිව රජයේ සේවයේ හෝ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ඉපැයීම් නොවෙයි. අනිත් නාලිකා හොඳින් සල්ලි හොයා ලාභ ලබනකොට මේ සේවයේ ඉන්න හොර හැත්ත පාඩු ලබන්නේ කිසිම රහක් නැති වැඩසටහන් ඉදිරිපත් කිරීමත් අනවශ්‍ය ගණනක් සේවකයින් වැඩිපුරම හෙන්චයියෝ සහ කිකිලියන් දමාගෙන ඉන්න හින්දා. ඔවුන්ව දැන්වත් පන්නලා දමන්න...

:       4       57

සමන්ත Monday, 02 March 2020 03:09 AM

දැන් සැපද? තවම වුනේ නෑ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. මේ ආණ්ඩුව ඇවිත් භාණ්ඩාගාරයට අලුතෙන් තඹ සතයක් ගෙනාවද? නෑනේ... හම්බවෙන්න තිබුණු ආදායමත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට බදුසහන දීලා නැති කළා. කොහොමද අපේ විරුවා රටට කෙලවන හැටි? දැන් සැපද? රස්තියාදුකාරයින් ඉන්න ආණ්ඩුවකට පුලුවන්ද රටක් ගොඩ නගන්න...

:       86       129

RamithaMonday, 02 March 2020 05:14 AM

අය්යෝ සමන්ත, ප්‍රවෘත්තිය හරියට කියවන්න. ඊට පස්සේ කමෙන්ට් එක දාන්න. නැත්තම් කවුරුහරි හිතයි තමුන්ට පිස්සු කියලා.

:       2       35

සමන්තMonday, 02 March 2020 10:56 AM

ඇයි හිතන් ඉන්නේ අපි බබ්බු කියලද? ඔය ප්‍රවෘත්තිය ගැන බලලා බයියෝ තීන්දු තීරණ ගන්න එකයි අපි හිතන විදිහයි එකක් නෙමේ දෙකක්. ගොනා හැරෙනකොට අපි දන්නවා පොල් පැළේට බව. රස්තියාදුකාරයන්ගේ ආණ්ඩුවකට කරන්න පූලුවන් දෙයක් නෑ යාළුවා. අඩ ගානේ පඩි ගෙවාගන්නවත් බෑ.

:       23       21

RamithaTuesday, 03 March 2020 06:34 AM

දැන් එතකොට 2017 ?

:       1       0

janaka Monday, 02 March 2020 03:10 AM

මෙම ආයතනය හැකිතරම් ඉක්මණින් පුද්ගලික කළමනාකරණයට යටත්කොට ලාභලබන තත්වයට ගෙන ආ යුතුයි. නැත්නම් වසාදැමිය යුතුයි.

:       0       52

Hemantha Monday, 02 March 2020 04:04 AM

ජනතා මුදලින් යැපෙන ආයතනයක් නම් මීට පස්සේ පොදු මහ ජනතාවට බලන්න පුළුවන් වැඩ සටහන් දාන්න. තුට්ටු දෙක දේශපාලකයෝ ගෙන්නගන බලන්න බැරි දේශපාලන වැඩසටහන් තව දුරටත් දමනවානම් දේශපාලන පක්ෂ වල මුදල් වලින් නඩත්තු කරන්න.

:       0       88

Ruwan RMonday, 02 March 2020 08:28 AM

මේ කතාව හරියට හරි. අපි ඇයි මේ දේවල් වලට සල්ලි ගෙවන්නේ? මහජන සේවයක් සිදුකරන ආයතන වලට පමණක් ජනතා මුදල් වියදම් කරන්න. අනිත් ඒවා පාඩු නම් වසා දමන්න. ඔය රූපවාහිනි චැනල් ඔක්කොම වැහුවත් මහජනතාවට පාඩුවක් නෑ. ඒකෙන් අපේ සංස්කෘතිය වැනසෙන එක ටිකක් හරි අඩුවෙනවා.

:       0       21

රොෂාන් Monday, 02 March 2020 04:40 AM

තනිකර දේශපාලන හෙන්චයියෝ දාලා ඕවා දුවනන්කොට කොහෙද ලාබයක්? ආණ්ඩු මාරු වෙන මාරු වෙන හැටියට ඉන්න මිනිස්සුත් වෙනස් වෙනවා. රාජ්‍ය ආයතන ඔක්කොම එකයි.

:       0       9

උපුල Monday, 02 March 2020 06:52 AM

මම හිතන්නේ කලාකාරයින්ගේ කර්තෘභාවයට ගෙවන්න ගිහින් හිඳිලා වගේ...

:       1       3

Ruwan R Monday, 02 March 2020 08:42 AM

මාසික වැටුප් සහ දීමනා සඳහා රුපියල් කෝටි 5+4 = 9. සේවකයන් ගණන = 930 එක් අයකු සඳහා දල (average) වැටුප රු. 96,774.00 මේ තරම් පඩියක් අරන් මහජනතාවට කරන සේවයකුත් නැත්නම්, තමන්ගේ නඩත්තුවටවත් අවශ්‍ය මුදල් හොයාගන්නත් බැරි නම්, කරුණාකරලා වහලා දාන්න. බදුසල්ලි වලින් කරන්න තව වැඩ තියෙනවා රටේ...

:       0       23

sampath Monday, 02 March 2020 12:16 PM

ඔය චැනෙල් එකේ නමත් අමතකයි. දැන් මේ අධි තාක්ෂණික ක්‍රමයකට ඔය වගේ චැනල් එකක් මොකටද? පිටරට චැනල් බලන්න පුළුවන් රුපියල් 750ක් දුන්නම.. ඕක වහල දාන්න.

:       0       3

අප්පුහාමි Monday, 02 March 2020 06:58 PM

කමෙන්ට් දාලා බනින්නනම් කට්ටිය ඕනතරම් ඉන්නවා. ඒත් ඡන්දෙ දෙන්න ගිහාම ඒ අයටමනේ දෙන්නේ. අපි නම් රට අත ඇරලා ඇවිල්ලා දැන් වෙන දෙයක් බලාගෙන ඉන්නවා. වෙන මොනව කරන්නද...

:       0       1

Bamunuarachchi Tuesday, 03 March 2020 02:00 AM

මේ නාලිකාව වෙළෙඳ දැන්වීම්වලින් උපයන මුදල කොපමණද.? ඒ මුදල වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නැද්ද.?

:       0       1

lalithmWednesday, 04 March 2020 02:59 AM

ඇත්තටම වැඩ කරන ටික දෙනා ඉතින් අල්ල ලෙවකකා හුල්ලනවා ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 284 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 249 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3301 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 579 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 1029 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1584 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 740 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 360 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 511 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site