IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


රූපවාහිනියේ වැටුප් ගෙවන්න කෝටි 20ක ණයක්

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇත.

එම ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර ඇත.

රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 5ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ.

ඔවුන්ට අනෙකුත් දීමනාගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක් ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ ආදායම විශාල වශයෙන් අඩුවී ඇති අතර ලොතරැයි මණ්ඩල දෙකෙන් මාසිකව ලැබුණ රුපියල් කෝටි 6ක පමණ ආදායම සම්පූර්ණයෙන් අහිමි වී ඇතැයි ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.  



අදහස් (25)

රූපවාහිනියේ වැටුප් ගෙවන්න කෝටි 20ක ණයක්

මහසෙන් Monday, 25 May 2020 02:15 PM

සැලළිහිණියෝ නුඹ දන්නේ නෑ..

:       0       0

Achini Monday, 25 May 2020 03:11 PM

ඇයි අප්පා අර මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි මාස 6 පියවා ගන්නවා කිව්වා නේද? දැන් ඒවා මිනිස්සුන්ට මතකත් නැහැ.. අනේ මන්දා අන්තිමට ඕකත් යන්නේ අහිංසක මිනිස්සුන්ගේ උඩින් තමයි..

:       0       0

lalithm Monday, 25 May 2020 03:11 PM

සුදු අලි කියල මේවට ඉස්සර කිව්වේ. ඒ නම අලින්ට නිග්‍රහ කිරීමක්. කමකට නැති නිකමුන් කිව්වට නම් වරදක් නැහැ. සාමාන්‍ය රාජ්‍ය ක්‍රමයට එකෙක් ඉන්න ඕනේ තැනට හතරක් විතර දමාගෙන...

:       0       0

Roshan Monday, 25 May 2020 03:49 PM

මෙවැනි විශාල ආයතනයකට මාස දෙකක් ආදායම අහිමි වුණාම වැටුප් ගෙවා ගන්න බැරි නම් කුඩා ව්‍යාපාර ගැන මොන කතාද? බැංකුවකින් ණයක් ගන්න ගියාම දහසක් දේ ඇපයට ඉල්ලනවා. මේ ආණ්ඩුව කරන්නේ මිනිස්සු අන්දවන එක.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 03:51 PM

එතකොට හදිසියකදී ගන්න මුදලක් මේ ආයතනයේ ගිණුම් වල නැතිද? ඔක්කොම නැති බංග කරලාද? හරිම අගෙයි ...

:       0       0

I C C Gunwardena Monday, 25 May 2020 06:28 PM

කොරෝනාට කලින් ඕක ලාභ ලැබුවද? කෝටි 20කුත් ඉතිරි කරගෙන තව ගාණකුත් රජයට ගන්න තිබුණු ඕක විකුණා දැම්මා නම්....

:       0       184

lalithm Monday, 25 May 2020 07:12 PM

පුද්ගලික නාලිකා සේවකයින් 40-50න් කරන දේ කරන්න ආණ්ඩුවේ මෝලට 1000ක් විතර නිකමුන් අරගෙන. ගහලා පන්නලා දමලා ඕක වහලා දමන්න. ඔය සල්ලි ටික හරි ඉතුරු වෙයි. අපේ බදු මුදල්....

:       0       444

GalaparaTuesday, 26 May 2020 11:29 AM

අනික රූපවාහිනීයේ රෑට ගෙදර ඉන්නකොට බලන්න කිසිම දෙයක් නැහැ. ජාතික රූපවාහිනීයේ රෑට පෙන්නන ටෙලි නාට්‍ය බලන්න අප්පිරියාවේ බැහැ. පට්ට පරණ මැරිච්ච නළුවෝ ඉන්න කසිකබල් ටෙලි නාට්‍ය තමයි පෙන්නන්නේ.... ඇත්තටම මේ තරම් බංකොලොත් වෙච්ච කාලයක් නම් අපේ ජිවිතේ අපි නම් දැක්කේ නැහැ. මේකට රජයවත් මැදිහත් වෙලා මේක වෙනස් කරන්න. අඩුගානේ අහන්න පුළුවන් සින්දු ටිකක්වත් දාන්න කියන්න.

:       7       623

ලුම්බිණි Tuesday, 26 May 2020 12:28 AM

මෙච්චර පාඩු ලබා ගෙන මොකටද මෙවැනි ආයතනයක් පවත්වාගෙන යන්නේ?

:       0       111

Ranjith Tuesday, 26 May 2020 12:55 AM

අනෙත් මාධ්‍ය ආයතන බෝනස් දෙනවා... රූපවාහිනී පඩි ගෙවන්න ණය ගන්නවා. ආණ්ඩුවල හැසිරීම මනාව පෙන්වනවා.. මේවට දාන්නෙම ආණ්ඩුවේ හෙන්චයියන් එ්කයි..

:       0       238

rocky Tuesday, 26 May 2020 01:13 AM

රාජ්‍ය සංස්ථා හැම එකක්ම පාහේ සුදු අලි. මොකටද මේවා පවත්වාගෙන යන්නේ?

:       0       170

Nishan Tuesday, 26 May 2020 02:24 AM

මේක අනිත් රජයේ ආයතන වලටත් වෙනවා. බැංකුත් බංකොලොත් ආණ්ඩුවම බංකොලොත්....

:       0       376

KoralageWednesday, 27 May 2020 02:25 AM

නිශාන්.. ඔයා හරි... බංකොලොත් භාවය කොච්චරද කිව්වොත් යහපාලන ආණ්ඩුව කාලේ තමයි අපි ජාතික රූපවාහිනියේ හොඳ අලුත් ටෙලි නාට්‍ය, හොඳ සාහිත්‍ය රසයෙන් මුසු සාහිත්‍යමය වැඩසටහන් දැක්කේ... අනික දේශපාලනයෙන් තොරව හැම පක්ෂයම අපි රූපවාහිනියේ දැක්කා. දැන් නම් අපි ඕවා බලන්නේවත් නැහැ.

:       0       1

ROSHAN Tuesday, 26 May 2020 05:04 AM

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම බලපුළුවන්කාරකම පෙන්වන මෙවැනි බංකොලොත් ආයතන....

:       0       51

නීල් විජේරත්න Tuesday, 26 May 2020 06:21 AM

මාරුවෙන් මාරුවට දේශපාලන හෙන්චයියන්ට පත්වීම් දීලා දැන් 900 කට පඩි ගෙවන්න ණය වෙලා. පුද්ගලික ආයතනවල ඉන්න කුඩා කණ්ඩායම් මීට වඩා හොඳ සේවාවක් කරලා ලාභ ලබනවා. ලැජ්ජයි.

:       0       207

eresh S kumara Tuesday, 26 May 2020 06:28 AM

සේවකයන් 934 මොනවා කරනවද?

:       0       110

siri Tuesday, 26 May 2020 07:54 AM

අර ඉස්සර කාලේ ඡන්ද දැන්වීම් දාලා ගෙව්වේ නැති සල්ලි ඉල්ලා ගත්තා නම් ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ...

:       0       82

Kumar (Galf)Tuesday, 26 May 2020 11:44 AM

යහපාලනයෙන් දාපු ඇඩ්වලට සල්ලි ගත්තා නම් කෝටි 20ට කෝටි50ක් විතර හොයාගන්න පුලුවන් වෙයි...

:       107       70

Siri Tuesday, 26 May 2020 08:26 AM

ඔයාලා දෙපැත්තට කඩේ ගියා මිස... හදිස්සියකට ගන්න සල්ලි ටිකක් ඉතුරු කරගත්තේ නැතෙයි. අනේ කුරුල්ලනේ.. දැන්වත් ඉගිල්ලිලා ගිහින් තනියම කෑම සොයාගන්න ඉගෙනගන්න...

:       0       6

Ajantha Tuesday, 26 May 2020 08:47 AM

යහපාලනයේ හොඳකම තමයි...

:       51       0

අතපත්තු Tuesday, 26 May 2020 12:11 PM

පඩි ගෙවන්න කෝටි අටහමාරයි. සේවකයින් නවසිය තිස් පහයි. එක සේවකයෙකුට අනූදාහකට අධික වැටුපක් ලැබෙනවා. එච්චර සුඛෝපභෝගි ආයතනද මෙව්වා...? ලොතරැයි මණ්ඩල් දෙක මාසෙකට කෝටි හයක් දෙනවලු. දිනපු මිනිස්සුන්ටවත් එච්චර දෙන්නේ නෑ.

:       0       63

JayawardenaWednesday, 27 May 2020 12:09 AM

හැම තනතුරටම එකම පඩිය නොවේ. කම්කරුවට රු 30000/= යි. ලොකු පුටු වලට ලක්ෂයයි, එක හමාරයි.

:       0       0

lalithmWednesday, 27 May 2020 03:17 AM

කොහොමත් එහෙම තමා. සමෘද්ධිය වුනත් වැඩිපුර වියදම් කරන්නේ සේවකයින් නඩත්තු කරන්න. ප්‍රතිලාභ හිමියන්ට ගෙවන්නේ සොච්චමක් විතරයි. ඕනෙම සහනාධාර දෙන සහ ලොතරැයි මණ්ඩලේ වගේ ආදායම් එකතු කරන ආයතන රජයට සහ සේවකයින්ට මිසක් සේවාව ලබන අයට වාසි දෙන දේවල් නොවෙයි. ලණු ගිලින්නන්ට ඉතින් කරන්න දෙයක් නැහැ.

:       0       19

Denis Wednesday, 27 May 2020 01:57 AM

කොහොම වුණත් අනික් හොරණෑව තමයි ඊළඟ එක... ඒක ඊට හපන්... ඒකත් දැන් කච්චේරියක් වගේ දේශපාළුවන්ගේ ලියුම් වලින් ආපු අය පුරවාගෙන... අටපාස් නැති අය මැනේජර්ලා කරලා. හොරා කාලා අයින් කරපු අය ආයෙම අරගෙන. තිබුණු පරණ දේවල් විනාශ කරලා දැන් ඒකත් දෙහිවල සත්තුවත්ත වගේ සත්තු පිරිලා...!!!

:       0       0

sunil Wednesday, 27 May 2020 08:02 AM

දැන් රූපවාහිනියක් මොකටද? අර අයිති කාරයෙක් නැතිව හිටපු ක්‍රීඩා චැනලයට දැන් බලපත්‍රයක් දීලා තියෙන්නේ... ඔය ගමන්ම අර අයිතිකාරයෙක් නැති මල්වානේ ගෙදරත් අයිතිකාරයාට දෙන්නයි තියෙන්නේ... එතකොට රටේ ප්‍රශ්න සේරම ඉවරයක් වෙයි..

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1102 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 592 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 694 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 353 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1571 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 474 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 549 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site