(මුදිතා දයානන්ද)
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකිර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හොරොයින් කිලෝවක් සොරකම් කළැයි අත්අඩංගුවට රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ගබඩාවේ භාරකරු රිමාන්ඩ් භාරයේ සිටියදිත් දිනපතා නඩුභාණ්ඩ ගබඩාව වෙත පැමිණෙන බව නීතීඥවරු පිරිසක් පවසති.
මෙම සැකකාර සේවකයා දිනපතා බන්ධනාගාර බස්රථයෙන් අධිකරණ සංකීර්ණය වෙත පැමිණ සවසට බන්ධනාගාර බස් රථයෙන්ම ආපසු යන බවද ඔහු අධිකරණ සංකීර්ණය පුරා මාංචු නොමැතිව සැරි සරන බවද ඔවුහු පවසති.
මොහු දවසේ වැඩි කාලයක් නඩු භාණ්ඩ ගබඩාවේ ගත කරන බවද ඔවුහු පවසති.
දැනට එම ගබඩාවේ තාවකාලික පදනමින් සේවය කරන බාරකරුට නඩුභාණ්ඩ සම්බන්ධයෙන් අදහසක් නැති නිසා ඔහුගේ සහයට රිමාන්ඩ් භාරයේ සිටින ගබඩා භාරකරු යොමු කරන ලෙසට අධිකරන නියෝගයක් ඇති බව මේ සම්බන්ධයෙන් විමසු සිට අධිකරණ සංකිර්ණයේ ඉහළ නිලධාරිවකු පැවසූ බවද ඇතැම් නීතිඥවරු පවසති.
මෙම නඩු භාණ්ඩ ගබඩාවෙන් කෝටියකට ආසන්න රත්රන් තොගයක් ව්‍යාජ නියෝගයක් ඉදිරිපත් කරමින් කිසියම් පුද්ගලයකු විසින් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ නඩු භාණ්ඩ ගැන හොඳින්ම දන්නේ ඔහු නිසා ඒවා නිදහස් කිරිමට සිදුවන අවස්ථාවල රිමාන්ඩ් භාරයේ සිටින සම්පත් නමැත්තා නඩු භාණ්ඩ ගබඩාව වෙත යොමු කරන ලෙසට අධිකරන නියෝගයක් තමන් වෙත ලැබි ඇති බවය.
එම නියෝගය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සමගද සාකච්ඡා කර ඔහුව අදාල කටයුත්ත සඳහා යොමු කරන බවද ඒකනායක මහතා සඳහන් කළේය.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිමාන්ඩ් සිරගෙදර සිට රාජකාරි යන අධිකරණ සේවකයා
Kamal Saturday, 10 December 2022 11:03 AM
ඒ කියන්නෙ වැඩේට සේවකය විතරක් නෙවේ තව ගොඩක් අය සම්බන්ධයි. මේක තමා ශ්‍රී ලංකාව
shanika Saturday, 10 December 2022 01:55 PM
හදිසියේවත් මෙයා මිය ගියහොත් වැඩේ කොටඋඩ තමයි.
සුරංගොඩ Saturday, 10 December 2022 03:29 PM
ආයතන සංග්‍රහය අනුව නම් මෙම ක්‍රියාව හරි කියන්න බැහැ.. මෙහෙම කෙනෙකුට කෙසේවත් නඩුව හෝ මූලික විමර්ශනය අවසන් වෙනතුරු සේවා ස්ථානයට එන්න බැහැ. ඇත්තටම දැන් රංජන් කෝ..?
sam Saturday, 10 December 2022 04:27 PM
ඔය රාජකාරියට බැසිල්, මහින්ද, චමල්, ජොන්ටා, නාමල්, ශශේන්ද්‍ර හෝ පොහොට්ටුවේ දේශපාලකයෙක් දැම්මා නම් නඩුභාණ්ඩ ටික ඔක්කොම එකම දවසේ ඉවරම කරගන්න තිබුණා..
ලුම්බිණි Saturday, 10 December 2022 05:02 PM
මොනතරම් විහිළුවක්ද?
Perera Saturday, 10 December 2022 11:03 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...