(සිරංගිකා ලොකුකරවිට)
රූමස්සල වනජීවී අභයභූමියට අයත් ප්‍රදේශයේ ගස් කපා හෙළි පෙහෙළි කර රූමස්සල හරහා අඩි 40ක පාරක් ඉදිකරන බවට ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් එම ප්‍රදේශයේ අද (02) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සම්බන්දව මාධ්‍යවේදීන් විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම චාරිකාව සංවිධානය කර තිබිණ.
මෙම චාරිකාවේදී ගස් කපා හෙළි පෙහෙළි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න මහතා පැවසීය.
පසුගිය දිනවල පලවූ මාධ්‍ය වාර්තා වලින් අනාවරණය කර තිබුණේ උණවටුනේ ඉදිවෙමින් පවතින හෝටලයක අවශ්‍යතාව අනුව ඉදිකිරීමට යෝජිත මාර්ගයක් සඳහා රූමස්සල සාම චෛත්‍යයට පහලින් කැලේ කපා හෙළි පෙහෙළි කර ඇති බවයි. පසුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණේ එම ප්‍රදේශය හරහා අඩි පාරක් ඇති බවත් එම අඩි පාර දෙපස ගස් කපා විනාශ කර නොමැති බවත්ය. ගස් කපා දමා ඇත්තේ යාබද ඉඩමකට ප්‍රවේශ මාර්ගයක් සඳහා බවත් එහි සඳහන් කර තිබිණි.
එම මාධ්‍ය නිවේදනය සම්බන්දව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් පසු සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් අද (02) සවස මෙම ක්ෂේත්‍ර චාරිකාව සංවිධානය කර තිබිණ.
රූමස්සල වනජීවී අභයභූමියේ සීමා මායිම් ආසන්නයෙන් ම වැටී ඇති අඩි පාර දෙපස තැන තැන ගස් කපා දමා ඇති ආකාරයත්, එම අඩි පාරේ සිට සාම චෛත්‍යය දෙසට අඩි 05ක පමණ ගස් වැටියක් ඉවත් කර යෝජිත අඩි 40 මාර්ගයේ පළලට සමාන වන පරිදි තවත් අඩි 30ක පමණ ප්‍රමාණයක් ගස් කපා හෙළි පෙහෙළි කර ඇති ආකාරයත් එහිදී මධ්‍යම පරිසර අධිකාරියෙන් පැමිණි නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.
රූමස්සල ජන්ගල් බීච් දෙසට යන මාර්ගයෙන් හැරී යන පීල්ල පාර නම් අඩි පාර ආරම්භයේ සිටම පුළුල් කරමින් සිටින ආකාරයත් ඒ අසළ කළු ගල් කඩා ඉවත්කර ඇති ආකාරයත් එහිදී දක්නට හැකිවිය.
ඒ අවස්ථාවට පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් ඇතුළු නිලධාරීන් මීට සතියකට පමණ පෙර එම ස්ථානයට පැමිණෙන විට එම ගස් කපා දමා ඇත්තේ පුද්ගලික පදිංචිකරුවකුගේ නිවසට යාමට යැයි ග්‍රාම නිලධාරීවරයා පැවසූ බවයි. නමුත් එම නිවස කුඩා ලෑලි නිවසක් වන අතර එය අනවසර පදිංචිකරුවකුගේ නිවසක්යැයි චෝදනා කරමින් අසළ ඇති ජපන් සාම චෛත්‍යයේ නායක හිමියන් පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර තිබිණ. එවැනි කුඩා නිවසක පදිංචි පවුලකට අඩි 40 ක් විශාල මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාව කුමක් දැයි මාධ්‍යවේදීන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කියා සිටියේ මේ එළි කිරීම සිදුකර ඇත්තේ සාම චෛත්‍යයට අයත් ඉඩමෙන් බවයි.
කෙසේ වුවද අභයභූමියේ සීමාවේ මායිම් සළකුණු අනුව එම ගස් කපා එළි පෙහෙළිි කර ඇති ප්‍රදේශය අභයභූමියේ ප්‍රේරණ කලාපයට අයත්වන බවත් කිසිසේත්ම එළි පෙහෙළි කළ හැකි ප්‍රදේශයක් නොවන බවත් එහිදී කරුණු අනාවරණය විය. ඒ අනුව සහකාර අධ්‍යක්ෂ ප්‍රේමරත්න මහතා කියා සිටියේ මෙම කරුණු වාර්තා කර එම කොටස එළි පෙහෙළි කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රූමස්සල වනජීවී අභයභූමියේත් ගස් කපා අඩි 40 ක පාරක් හදන්න යයි
Nuwan Tuesday, 02 March 2021 03:04 PM
මේ වගේ පරිසර හානියක් අර ගල විදපු සුද්දන්වත් කළේ නැහැ.
kapilaTuesday, 02 March 2021 09:12 PM
සුද්දා ගල විද්දේ නැත්නම් තාම ගමන පයින්.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 March 2021 04:59 PM
රූමස්සල කියන්නේ ඖෂධ වලින් පිරුණු වනාන්තරයක්.. බොහෝ වටිනා ඖෂධ පැළෑටි වලින් සමන්විත මේ මහා වනබිම රැකගැනීමට බුද්ධිමතුන්ගේ මැදිහත්වීමට කාලය පැමිණ ඇති බව පෙනේ..
ලුම්බිණි Wednesday, 03 March 2021 03:59 AM
නීතිය ක්‍රියාත්මක කරන කොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි...
සෙනෙවිරත්න Wednesday, 03 March 2021 05:02 AM
මට හිතෙන්නේ මේක කවුරුත් දැන දැන බබා පාට් දාන වැඩක්, අරලිය හාල් කරන ඩඩ්ලි සිරිසේන මහත්මයා හදාගෙන යන හෝටලයට දැනට උණවටුන වැල්ලේ දේවාලය මාර්ගය පටු බැවින් රූමස්සල බෝවිස්ටාව හරහා මාර්ගයක් ඉදිකිරීම වෙන්න ඕන අන්තිමට ඕක කෙරෙයි. මේක ගාල්ල නගරයට නෙපෙනුුණාට උණවටුන වංගුව අසල මුහුද විවෘත වන තැනට පේනවා වැල්ල දේවාලය පැත්තෙන්, විශාල ආයෝජනයක් පාරවල් හොඳට නැතිව මොකටද? ඒක නිසා මේ මාර්ගය දීම වරදක් ලෙස සලකන්න බැහැ.
දිමුත් Wednesday, 03 March 2021 05:30 AM
සහකාර අධ්‍යක්ෂකතුමා ඔච්චර කල් බුදියාගෙනද හිටියේ...?
69lakshaya Wednesday, 03 March 2021 06:04 AM
මොකක්ද මේ ජෙප්පොයි, ටොයියොයි පරිසර විනාශයක් ගැන කෑ ගහන්නේ? කැලෑවල් එළිකරලා හෝටල් හදලා, පාරවල් හදලා ලංකාවේ ආර්ථිකේ දියුණු වෙන බව මේ අයට තේරෙන්නේ නද්ද?
Kamal KoyralaWednesday, 03 March 2021 10:30 AM
69 ලක්ෂයේ අය හදපු වරායවල්, ගුවන්තොටුපළවල්, අධිවේග මාර්ග, නෙළුම් කුළුණු විකුණපු ඉඩම් ටික මදිද සංවර්ධනයට..? කැලෑ එළිකරලා කරන්න යන සංවර්ධනය මොකක්ද?
nihal Wednesday, 03 March 2021 08:45 PM
69 ලක්ෂය. නමින් ලියන්නේ කවුද? තමුන් අර ඔක්සිජන් කන්නද කියපු කල්ලියේ කෙනෙක්ද?
sharm warn Thursday, 04 March 2021 03:43 AM
මේ තරම් කාලකණ්ණි පාලකයෝ ඉන්න රටක්.. තව කොහේහරි දැක්කොත් කියන්න. මම කිව්වේ නැද්ද පරිසර අධිකාරියේ ඉන්න ලොක්කන්ගේ වැඩ අපි දන්නවා කියලා. මිනිස්සු ඝෝෂා කළොත් විතරයි එයාලගේ පඬුපුල් ආසන ටිකක් සීතල බැහැලා වෙනසක් දැනෙන්නේ. අඩි 40 ඇතිද දන්නේ නැහැ..? පොලොන්නරුවේ අගමැති ඩඩ්ලි මාමාට ජයවේවා..!!!