(ප්‍රසන්න පත්මසිරි)
බඩල්කුඹුර පස්සර මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් අද (21 ) ලොරි රථයක ගැටී සිදුවු අනතුරකින් පුතා මියගොස් පියා බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.
අනතුරින් පස්සර මීදුම්පිටියේ පදිංචි ආරුමුගන් මනෝහරන් තිරෝෂන් 19 නැමැති පුතු මියගොස් ඇති අතර ආරුමුගන් මනෝහරන් 57 නැමැති මිය ගිය අයගේ පියා බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
පිය පුතු දෙදෙනා යතුරුපැදියෙන් බඩල්කුඹුර ප්‍රදේශයට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදි තොළබෝවත්ත ප්‍රදේශයේදි ලොරියක ගැටී දෙදෙනා අනතුරට ලක්ව තිබේ.
යතුරු පැදිය පැදවු පුතා අනතුර සිදු වෙද්දී මාර්ගයෙන් ඉවතට විසිවී ලී දඩුවක් බෙල්ල පසාරු කරගෙන ගොස් එතැනම මියගොස් ඇති බවත්, බරපතල තත්වයේ තුවාල ලැබු පියා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යැවු බවත් පොලිසිය කියයි.
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිය අනතුරින් තරුණයා මරුට