IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


රිය අනතුරින් දෙදෙනකු මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ කුරුණෑගල මාර්ගයේ  දිවුලපිටිය බරවාවිල ප්‍රදේශයේ දී කැබ් රථයක් හා කුඩා ලොරියක් මුහුණට මුහුණලා ගැටීමෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා  මරණයට පත්වූ බව දිවුලපිටිය  පොලීසියේ රථවාහන අංශය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදෙණිය වේපත්අංග පදිංචිව සිටි ඒ එම් එම් ජී තිලක් අරුණ අතපත්තු  40 නැමැත්තෙකු සහ  මාවත්ත කුඩාගල්ගමුව පදිංචිකරුවෙකු වූ ජේ එමි ජයසුන්දර බණ්ඩාර 45 නැමැත්තෙකි.

නවීන පන්නයේ කැබ් රථයේ ගමන් කර ඇත්තේ මංගල උත්සවයකට සහභාගි ව නිවස බලා යමින් සිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියකු බව ද මිය ගිය පුද්ගලයෙකු ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකු බව හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

අනතුරත් සමග කැබ්රථය අසල වෙල්යායට විසිවී වැටී තිබූ අතර කුඩා ලොරිය මාර්ගයේ අනෙක් පසට හැරී නතර වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන්  දිවුලපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මිය ගොස් තිබිණි. රථයේ කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම අනතුරට පෙර කිසියම් ස්ථානයක දී මෙම කැබ් රථය ටිපර් රියක ගැටී ආරවුලක් සිදුව ඇති බවට පොලිසියට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය හෙළිකර ගැනීමට පොලිසිය කටයුතු කරයි

මියගිය අයගේ පශ්චාත් මම පරීක්ෂණ ඊයේ 13 දිවුලපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

රිය අනතුරින් දෙදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

දියත

කාලගුණයෙන් දැනුම් දිමක්
2024 නොවැම්බර් මස 22 554 0

නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 1270 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 2473 0

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 1475 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 2631 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 1723 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 463 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 694 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1968 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site