
(ගයාන් සූරියආරච්චි)
කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුදා නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වරාය පොලිසිය පවසයි.
එම ඩිෆෙන්ඩර් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියා කිරීමෙන් පසු ධාවන පරීක්ෂණයක් සදහා ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
කොළඹ වරයා නගරයේ බීච් ප්ලාසා දෙසට මෙම ඩිෆෙන්ඩර් රථය ගමන් කරමින් තිබූ අතර ගුවන් පාලම පසුකර මීටර් 75 ක් පමණ දුරින් මර්ගයේ මැද දූපතේ සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී ඇති බව පොලිසිය පවසයි.
ඩිෆෙන්ඩර් රථයේ ඉදිරිපස හානි සිදුව තිබූ අතර සෙබළුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය පැවැසීය. කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 04
775
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරින් හමුදා නිලධාරීන් තිදෙනකු රෝහලේ