IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රියැදුරුගේ බෝතල් පහරින් කොන්දොස්තර මරුට

( කටුනායක ටී.කේ.ජී.කපිල, ඩයනා උදයංගනී, නයනජිව බණ්ඩාර )

මොණරාගල සිට කටුනායක වෙත පැමිණෙන ශ්‍රී ලංගම  දුර ගමන් සේවා බස්  රථයේ රියැදුරු විසින් කොන්දොස්තරවරයාට එල්ල කරන ලද වීදුරු බෝතල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (24) දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි . 

දිනපතා මොණරාගල සිට අලුයම 05.00 ට පිටත්වන මෙම බස් රථය කටුනායකට පස්වරු 02.30 පමණ වනවිට ළගා වන අතර  ඉන්පසුව මෙම බස් රථය පසු දා අලුයම 05.00 ට මොණරාගල බලා පිටත්ව යන තෙක් කටුනායක විහාරස්ථානයක නවතා තැබෙන බව පොලිසිය කියයි.

ඊයේ (23) දින රාත්‍රී 07.30 ට  ‍පමණ මොවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී , මත් පැනින් සප්පායම් වෙමින් සිටින අතරතුර දේශපාලන සංවාදයක් පටන් ගෙන තිබේ . එම   සංවාදාත්මක තත්වය උත්සන්න වීමත් සමග බස් රථයේ රියැදුරු තම අත තිබූ බෝතලයක්  කඩා කොන්දොස්තරවරයාගේ ගෙල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අණාවරණයවී තිබේ.

             මෙසේ මියගොස් ඇත්තේ විජේසිංහ මුදියන්සේලාගේ අනුර පවන් කුමාර නැමැති 38 හැවිරිදි කොන්දොස්තරවරයා ය.

බරපතළ තුවාල ලැබූ කොන්දොස්තරවරයා මීගමුව මහ රෝහලට ඇතුළත්වීමට පෙර කටුනායක පොලීසිය වෙත පැමිණ , පැමිණිල්ලක් ද සිදු කර ඇති බව පොලිසිය කියයි.

එසේ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොන්දොස්තරවරයා අද (24) දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය වෙත රෝහල විසින් දැනුම් දී තිබේ .

මෙම මොණරාගල බලා පිටත්ව යන ශ්‍රී ලංගම  බස් රථය ඊයේ (24) දින කටුනායක සිට පිටත්ව ගොස් නොමැති අතර , මෙම ප්‍රහාරය සිදු කළ 36 හැවිරිදි  බස් රථයේ රියැදුරු ද මේ වනවිට කටුනායක පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම රියැදුරුවරයා සහ කොන්දොස්තරවරයා ද මොණරාගල , මාගන්දරමුල්ල නැමැති එකම ගමේ පදිංචිකරුවෝ වෙති.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදසිංහ , උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන් 37371 සුනිල් සහ පොලිස් කොස්තාපල් 33249 අනුෂ්ක යන නිලධාරී මහත්වරු සිදු කරති .



අදහස් (13)

රියැදුරුගේ බෝතල් පහරින් කොන්දොස්තර මරුට

fairoos Tuesday, 24 January 2023 01:41 PM

ඔයාලාගේ මේ කාලකන්නි පාලනය නිසා තමයි මිනිස්සු සතයටත් ගහ මරා ගන්නවා

:       12       23

chamara Tuesday, 24 January 2023 01:45 PM

කැබිනට් තීරණ ??

:       4       9

upali Tuesday, 24 January 2023 01:56 PM

මේ විදියට ඝල්ලි බෙදාගන්න බැරිව අර 225 ත් අැන කොටාගෙන මැරෙනවනම් කොච්චර හොදද....

:       2       21

siril Tuesday, 24 January 2023 02:47 PM

මිය ගිය පුද්ගලයා 69 ලක්ෂයේ එකෙක් යැයි අනුමාන කරමි.

:       9       13

Santhu Tuesday, 24 January 2023 03:03 PM

ඔය කවුරුත් එකට වැඩ කරන්න පටන් ගත්තත් කලකින් තණ්හාව ඉස්මතු වී, නෑ කම් මිතු දම් විනාශ වෙන්නේ සුලු මොහොතකින්

:       0       3

සුරංග Tuesday, 24 January 2023 03:03 PM

රට බෙදීයාමට හේතුවක් වන පක්ෂ දේශපාලනය කරපින්නා ගත් මෝඩයෝ අසල්වැසියා මරා පක්ෂය රැකීමට තරම් අදූරදර්ශී මිනිසුන්වී ඇත.මෙවැනි අනුගාමිකයන් සිටින සියලු පක්ෂ ලංකාවේ තහනම් කරන්න ඕන ගෝල්ෆේස් අරගලයට පහර දීමට සැලසුම් කල පිරිසේ කෙනෙක් වෙන්න පුළුවන් බෝතලයෙන් පහර දීම කරන්න ඇත්තෙ.කියලා හිතෙනවා ඩිස්ලයික් නොදා සොයා බලන්න ඉන් පස්සෙ අදහස් ඉදිරිපත් කරන්න

:       3       6

sampath Tuesday, 24 January 2023 07:31 PM

ඔය දෙකට බෙදුන පක්ෂවල අය කොනින් හිනාවෙලා හොඳට බොනව ඇති ඉතා සමගියෙන්. මේ තරම් මෝඩ මිනිස්සු ඉන්නව නම් මේ රට මෙහමවත් ඉතුරු වීම ගැන සතුටු වෙන්න ඕනි.

:       3       4

Jorge Priyankara Tuesday, 24 January 2023 07:58 PM

මේවන් අසික්කිත ප්‍රහාරයන් ඉතාමත් ශෝෂනියයි. එක බත් පත බෙදා ගෙන කෑ මිනිසෙක් නොවන අධම තිරිසනෙකු අතින් අවාසනාවන්ත ලෙස මෙම සිදු විම සිදුව ඇත.මිය ගිය අයවලුන් මාගන්දන මුල්ලේ නොවන අතර ඔහු දඹගල්ල පදිංච් අයෙකි.මෙම ජිවිතය මෙසෙ මෙලොවට අහිමි විම වලක්වා ගැනිමට අදල බලධාරින් හට කටයුතු කල හැකිව තිබුනි.මෙම රියදුරු ගේ ක්‍රියා කලපය පිලිබදව අදල විහාරස්ථානයෙන්ද ඩිපෝ බලදරින් දැනුවත් කර ඇත.මෙම අමානුෂික ඝාතනය සිදු කරන ලද අය මෙයට ප්‍රථම අවස්තාවන් කිපයකදිම කොන්දොස්තර මහතුන්ට පහර දිම් තර්ජන් කිරිම් පලානධිකාරියට දන්වා ඇත. නමුත් අවාසනව මධුවිතට පෙම් බැදි පාලකයන් ඔහුන්ගෙ ගිජු කම අව්හිංසක ජිවිතයකින් හා මෙලොව එලිය දුටු මාස 6ක් පමන වන කිරිකැටි බිළිදෙකු සමග කාන්තාවක් අතරමං කර ඔවුන්ගේ සටකපට කමින් නිලධාරින් නොමග යවමින් ඇත. විමර්ශන නිලධාරින් ගේ උකුසු ඇස යොමුවිය යුතුව ඇත. මේ පිලිබදව අප අවධානයෙන් සිටිමු.(මෙය කිසිදු අයුරකින් කිසිවෙකු ඉලක්ක කර ප්‍රකාශ කිරිමක් නොවන අතර සත්‍යවසන් කර කරාන්නාවු රග දැක්විමක් එලි කිරිමකී)

:       3       3

sehali Wednesday, 25 January 2023 12:38 AM

මට පේන්නේ ඉවසීමේ සිමාව පැනලා තියෙන්නේ.

:       0       0

b,m,s rajarathna Wednesday, 25 January 2023 01:02 PM

විනය ගරුකව හැසිරීම රියදුරන්ට ඉතා වැදගත්... මත්පැන් පානය කරනවා නම් නිවාඩු දිනක කළ හැකිය... රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අවලංගු කළ යුතුයි පළමුව...

:       0       2

කාන්ති Wednesday, 25 January 2023 02:34 PM

මත්පැන් පානය කර දේශපාලනය කථාකිරීම භයානකයි... හරිම අපරාධයක් වෙලා තියෙන්නේ...!

:       0       0

පෙරේරා පෙරේරා Thursday, 26 January 2023 12:32 AM

චන්දය අවසන් වනවිට තව කීදෙනෙක් මරා ගනීද.?? අපේක්ෂකයින් ගේ සුරංගනා කතා නිසා කීදෙනෙක් රැවෙටේවිද??

:       0       0

J A Harold Thursday, 26 January 2023 07:56 AM

බස් රථ රියදුරන් / කොන්දොස්තරවරුන් සඳහා ඇති ස්ථානවලට මත්පැන් පානය කිරීමෙන් පසු ඇතුළු වීමට ඉඩ නොදිය යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 417 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2161 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 11 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 571 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 369 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1209 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site