IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රෝයල් පාක් ඝාතකයා ගෙන්න නීතිපති සහය පතයි

(සුජිත් හේවාජුලිගේ)

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී  මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව  මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජූඞ් ශ්‍රමන්ත ජයමහ  නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාර සිරිසේන  මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6  වැනිදා තීරණය කළේය.

මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙස්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්‍ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද මෙහිදී නියම කෙරිණ.

මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා  විදේශගතවිය. දැනටමත් ඔහු සිටින්නේ  විදේශයක බව  පැවසේ.

රෝයල් පාක් ඝාතන සිද්ධිය සිදුවූයේ 2005 වසරේ ජූලි මස  1 වැනිදාය.



අදහස් (11)

රෝයල් පාක් ඝාතකයා ගෙන්න නීතිපති සහය පතයි

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 15 June 2024 05:31 AM

ඒක නෙවෙයි මචං තව හොඳ වැඩක් තියෙනවා, බොහෝම පහසුවෙන් කරන්න පුළුවන්. මොකද දන්නවාද? ඇයි දැන් ඉන්නේ බොහෝම නීති ගරුක පොලිස්පති කෙනෙක්නේ, එයාට කියන්නකෝ අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. කොටින්ට සල්ලි දුන්නාට...

:       0       0

siri Saturday, 15 June 2024 06:28 AM

මේ නිසා රජයට වියදම් වන මුදල් සිරිසේනගෙන් අයකරගන්න ඒ මනුස්සයා කරපු මෝඩ වැඩ නිසානේ මේ අමතර වියදම්

:       0       0

පුරවැසියා Saturday, 15 June 2024 09:50 AM

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නන්න බෑද?

:       0       2

Kazi Shajahan Saturday, 15 June 2024 10:05 AM

ඕකත් එක්කම අර්ජුන මහේන්ද්‍රන් ගැනත් මතක් වෙලා ලියන්න. මොකද ඒ විතරක් යට ගහන්නේ...!

:       0       2

Prabha Saturday, 15 June 2024 12:08 PM

ගෙන්න ගන්න බැරි වුනොත් දඩුවම් හොරට නිදහස අනුමත කරන කෙනෙක්ට දෙමු

:       0       8

හර්ශ Saturday, 15 June 2024 12:16 PM

මෛත්‍රීපාල ගත්ත කෝටි අටසීය ආපහු දෙන්න වෙයි

:       0       21

මයිත්රිපාල සිරිසේන Sunday, 16 June 2024 01:35 AM

මේ අහනවා, කෝටි 800 නොවෙයි රුපියල් ලක්ෂ 900 යි හිටන්. එයින් මට ලැබුනේ ලක්ෂ 400 යි, මේ සහතික ඇත්ත.ඉතිරි 500ම අරගත්තේ රතන කියන කෙනා.මගේ සල්ලි දැන් ඉවරයි කාලා බිලා .

:       0       4

පිටිගල මිලානෝ Saturday, 15 June 2024 07:27 PM

දැන්මම බ්‍රසීලය පැත්තට හෙමින් ඇඩ්‍රස් නැතිවෙන විධියට මාරුවුනා නම් අල්ලනවා බොරු. සියල්ල අමතක කර බ්‍රසීල් කෑල්ලක් එක්ක අළුත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

:       0       8

kotiya Sunday, 16 June 2024 03:52 AM

වැඩේ හරි පුතේ. දැන් ඉතින් නීතීපති උපදෙස් ආවාම අත්සන් දහදාහක් ගහන්න ලෑස්තිවෙලා හිටපන්. වෙන කිසි වැඩක් නොකර මාස තුනක් පැය විසිහතරම අත්සන් ගගහා තමා ඉන්න වෙන්නේ.

:       0       4

swene Sunday, 16 June 2024 04:09 AM

අනුරාධපුරයේ පොලිස් ලොක්කා පිටරටට පැනපු පසු ඔහු ගේ පැටිකිලිය දැන් මාධ්‍ය ප්‍රකාශක දමලා කියා වීමෙන් වැඩක් නැහැ. යන්න කලින් ඇයි විදෙස් ගමන් තහනමක් කිරීමට මහන්සි නොවුනේ. නිතිය සැමට සාධාරණය කරන්න.

:       0       5

de silva Sunday, 16 June 2024 04:19 PM

මිනීමරුවා අවශ්‍ය නම් ඔහු ගෙන එනතෙක් සිරිසේනව ඇතුළට දමන්න. සිදුවෙන්නේ රටට යහපතක්.., මේ වගේ හොරු එළියේ ඉන්නවා කියන්නේ ජනතා මුදල් කෝටි ගණන් වියදම් වෙනවා... බෙන්ස් කාර්, නිල නිවාස, ආරක්ෂකයෝ සේවකයෝ, ඇතුළට දාන එක ඉතා ලාභයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 116 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1056 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 207 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 908 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3618 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site