IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


රුවන්පුර අධිවේගය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට

(ඩයනා උදයංගනී)

රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව විදේශීය සමාගමකට ලබාදෙමින් පසුගිය රජය සමයේ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර එම කොන්ත්‍රාත්තුව දේශීය සමාගම්වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර, පැල්මඩුල්ල සම්බන්ධ කරමින් කිලෝමීටර 76කින් ඉදිකෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව එක් කොන්ත්‍රාත්කරුවකුට කිලෝමීටර 6ක් 10ක් අතර වශයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් 10කට පමණ භාරදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය මුදල් ද විදේශ අරමුදල්වලින් තොරව දේශීය අරමුදල් මගින් සපයාගැනීමට තීරණය කර තිබෙන බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මේ සඳහා මාර්ග, මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.



අදහස් (20)

රුවන්පුර අධිවේගය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට

Tharaka Thursday, 02 July 2020 11:03 AM

දවසින් දවස හොඳ නිව්ස් දකින්න ලැබෙනවා.. මේ ඔක්කොම ඡන්ද පොරොන්දු නොවී ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ජනාධිපති ගැන රටේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු මේ රට ගොඩ ගනීවි කියලා.. අපි විශ්වාසයෙන් යුතුව බලාගෙන ඉඳිමු..

:       2048       2344

RDThursday, 02 July 2020 11:36 AM

ගිවිසුම අවලංගු කළාම කොන්ත්‍රාත්කරු වන්දි ඉල්ලාවි...

:       142       214

BamunuarachchiThursday, 02 July 2020 01:28 PM

ඒ බව නොදැන නොවෙයි මේ කර්තව්‍යයට අතදැම්මේ... මෙය සාර්ථක වේවායි පතමි.

:       28       30

Nandalal DE SILVA - FranceThursday, 02 July 2020 09:21 PM

එතකොට කොන්ත්‍රාත් කාරයින්ගෙන් ලැබුණු කොමිස් හෙවත් ‘‘තුටු පඬුරු‘‘ ආපහු ගෙවන්න වෙයිද? ඒවා වෙනුවෙන් මහජන මුදල් වැයකරන්න වේවිද කියා මගේ සීයා අහනවා. එයා දැනටම බයවෙලා වගේ...

:       2       46

සරත්Saturday, 04 July 2020 04:31 AM

RD ඔබතුමා සමග එක්වෙන අතරම, පරණ කොන්ත්‍රාත්කරුට වන්දි ගෙවන්න වුණත් ප්‍රශ්නයක් නෑ. අපිට ඕනෑතරම් සල්ලි තියෙනවා. පසුගිය චීන ගනුදෙණුවකිනුත් ඔය ජාතියම වැඩක් වුණා. රටට විශාල අමතර වියදමක් දරන්න සිදුවුණා නේද? අනික් කරුණ, අලුත් කොන්ත්‍රාත්කරුවෙකුට දෙනකොටත් ඉතින් නරකක් වෙන්නේ නෑනේ...

:       0       0

BamunuarachchiSaturday, 04 July 2020 05:56 AM

නන්දලාල්.., ඕවා සීයාගෙන් අහන්න යන්න එපා. ඒ මනුස්සයා ඔය භයට මැරුණොත් කොමිස් කාරයෙක් වලා උපදීවි...

:       33       0

senaThursday, 02 July 2020 12:52 PM

රට ගොඩගන්නේ කොහොමද? කෝටි ගාණක් ඔය කොන්ත්‍රාත් කාරයාට ගෙවන්න සිද්ධ වෙනවා. සාමාන්‍යෙයන් කොන්ත්‍රාත්කරුගේ වැරැද්දක් නැතිව කොන්ත්‍රාත්තුවක් නවත්වනවා නම් ඒ මනුස්සයා ඒ කොන්ත්‍රාත් එකෙන් ලබාගන්න බලාපොරොත්තු වෙච්ච මුලු ලාභය ගෙවන්න ඕනේ... ගැලරියට හරි යයි. නමුත් ඕවාට ගෙවන්න ඕනේ සාමාන්‍ය මිනිස්සු..

:       14       46

katubadde api Saturday, 04 July 2020 10:37 AM

වැඩ ආරම්භ කරලා නැහැ. ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් කියන එක පමණක් නිකුත් කරලා ති‍යෙන එක පමණක් නිකුත් කරලා තිබෙන්නේ කොමිස් මුදල් ගෙවන්න වෙලාව මදිවෙන්න ඇති... ඒකයි ආණ්ඩුව පෙරළුණේ.. කරපු වැඩ ප්‍රමාණයක් තියෙනවා නම් ඇස්තමේන්තු කර ගෙවිය යුතු වෙනවා... දේශීය කොන්ත්‍රාත් කරුවන් පළමු පෙළේ වුණත් මිලගණන් ඉතාම අඩුයි. ඉතිරිවන මුදල් ප්‍රමාණයත් ඉතාමත් ඉහළ අගයක්... දේශීය ඉංජිනේරුවන් ලබාගන්න අත්දැකීම් කෝටියක් වටිනවා. ණය බරක් නැහැ. ණය මුදල් දේශීය බැංකු අරමුදල් තමයි යොදවන්නේ.. ටිකක් ප්‍රමාද වේවි... නමුත් දේශීය සමාගම් ජාත්‍යන්තර මට්ටමට දියුණුවෙමින් පවතිනවා. ආර්ථිකයටත් අවම බලපෑමක් වෙන්නේ. මේවා කරන්නේ උගත් ඉංජිනේරුවන් ආර්ථික දැනුම ඇති අය මිසක්, දේශපාලකයන් නොවේ..

:       0       15

සමන් - ඕමානයThursday, 02 July 2020 02:22 PM

ඇත්තෙන්ම හොඳ පියවරක්. දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හට අවස්ථාව දීම අතිශයින් ප්‍රශංසනීයයි. විදේශ කොන්ත්‍රාත්කරුවන්ට දුන්නත්, ඒ ගොල්ලෝ ලොකු ලාභයක් තියාගෙන ලාංකික කොන්ත්‍රාත්කරුවන්ව උපකොන්ත්‍රාත් කරුවන් විදිහට යොදවා ගන්නවා තුට්ටු දෙකට. ශ්‍රී ලාංකික කොන්ත්‍රාත් කරුවන්ට හැකියාව තියනවා, උපකරණ තියනවා. ඔවුන් හට අවස්ථාව සැලසිය යුතුමයි. එමෙන්ම දේශීය උපදේශන සමාගම්ද උපදේශන කටයුතු සඳහා යොදවා ගැනීම පිළිබඳව සලකා බැලිය යුතුයි.

:       1       15

PereraThursday, 02 July 2020 05:57 PM

ඔව් ඉතින් 1948 පෙබරවාරි 4වැනිදාට පස්සේ අපි ඔය කාට කාටත් ඡන්දෙ දිදී රට ගොඩගනීවි කියලා තමයි තාමත් බලන් ඉන්නේ.

:       7       5

janahitha Saturday, 04 July 2020 10:41 AM

ඔබතුමා පත්වුණත් කොමිස් මුදල් ගන්නවා.. එහෙම නොවන බවට සහතිකයක් දුන්නත් වැඩක් නැහැ.

:       0       1

Mahesh Thursday, 02 July 2020 11:51 AM

හොඳ පියවරක් ජනපතිතුමා.. හැබැයි මහින්ද ඕක කරන්න දේවිද කියන එක නම් සැකයි. එයාට ඕන පිට්ටනි හදන්නයි.. චීන්නුන්ට හැම එකම දෙන්නයිනේ...

:       0       0

විපරමා Thursday, 02 July 2020 12:04 PM

ඡන්දෙ කිට්ටු වෙනකොට මේ වගෙ සුරංගනා කතා කොතෙකුත් අහන්න ලැබෙනවා. බලයට ආවට පස්සේ සිද්ද වෙන දේවල් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. ආසියාවේ ආශ්චර්යය..?

:       0       0

suranga Thursday, 02 July 2020 01:23 PM

හොද තීරණයක්. මේක යහපාලන රජය දුන් ආදර්ශයක්. මාධ්‍ය අධිවේගය දෙශීය කොන්ත්‍රාත්කරුවන් ට ලබාදුන්න ලංකාවේ පළමුවරට.

:       99       117

Demuni Uduwara Thursday, 02 July 2020 02:18 PM

ධනය ද්‍රවශීලතා තත්ත්වය හේතුවෙන් මෙගා ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙය කාලය නොවේ. එය අවලංගු කිරීමට මම නොකියමි. නමුත් තත්වය යහපත් වන තුරු එය නවත්වන්න.

:       0       3

Perera Thursday, 02 July 2020 07:06 PM

මේකට සෙට්වෙලා ඉන්න අය ඕක හැදුවොත් නියමෙට තියෙයි. අර බෙලිඅත්තේ ගිලාබහින දුම්රිය මාර්ගය වගෙයි.

:       40       37

janahitha Saturday, 04 July 2020 10:43 AM

එය ඉංජිනේරුවන් විසින් නිවැරදි කරාවි... පාලකයින්ට ඒවා කරන්න බැහැ. වගුරුබිමක කරන ඉදිකිරීම්වල මෙම අවදානම තියෙනවා. නමුත් නිවැරැදි කරන්නත් ක්‍රම තියෙනවා.

:       0       3

Calvin Friday, 03 July 2020 12:52 AM

නියමයි..!!! ක්‍රීඩාංගණ කොන්තරාත්තුව ඉවරයි. නමුත් සල්ලි ගරන්න තවත් ක්‍රමයක් පාදගෙන වගෙයි...

:       23       28

janahitha Saturday, 04 July 2020 10:39 AM

සර්ව අසුබවාදී නොවන කොමිස්වලින් තොර සංවර්ධනයක් වාණිජ ගනුදෙණුවක් ලෝකයේ නැහැ. ලෝකයේ ව්‍යාපාර රඳාපවතින්නේ කොමිස් මතයි. එය අවභාවිතය තමයි නවත්වන්න ඕනේ..

:       0       4

විජේ Friday, 03 July 2020 07:19 AM

ග්‍රවුන්ඩ් එකේ ඇරියස් මේකෙන් අල්ලනවා එහෙම නොවේ..

:       26       23

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරුවෙකු මිය යයි
2025 අප්‍රේල් මස 27 4 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 67 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 552 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


ඉණිමඟකින් වැටී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 27 140 0

තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු


ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා
2025 අප්‍රේල් මස 27 373 0

දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව


මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්
2025 අප්‍රේල් මස 27 405 0

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 900 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 394 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 554 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site