IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබිණි. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.

ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයෝ රැසක් එක්ව සිටියහ.

පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් විය.

ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමුත්තන්ගේ පොතේ ද අත්සන් තැබීය.

අද (16) දිනයේ දී පළමුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද රාත්‍රියේ පැවැත්වේ.

එසේම අද දිනයේදී ජනාධිපතිවරයා ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සහ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී නද්දා යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තවද ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ මෙරට ආයෝජන සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කෙර්.

(ඡායාරූප: ඒ.එෆ්.පී.)

 



අදහස් (19)

රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී

වික්‍රම විදුර Monday, 16 December 2024 12:25 PM

කවදාහරි අපේ රටත් ලෝකෙ පිළිගන්න රටක් කරන්න දෙයියෝ.. අපි ගොඩක් කැපවීම් කළා. වංකයෝ රජවෙච්චි රටේ අවංකව ජීවත්වෙන්න ලොකු අරගලයක් කළා.. ඒක ඉක්මණටම රජකරන්න දෙයියෝ..

:       40       114

karolisMonday, 16 December 2024 04:39 PM

තණකොළ පුන්නක්කු වලින් සදාකාලිකව ජීවත් වෙච්චි 69 ලක්ශේ වගේ ලේසියෙන් මෝදි නම් රවට්ටන්න බැරිවෙයි. ඉන්දියාව අන්දන්න JR ටත් බැරි වුණා..

:       23       7

Rata Perata Monday, 16 December 2024 12:45 PM

අර ජාත්‍යන්තර පිළිගැනීමත් නෑ කියපු මෝඩයෝ දැන් මොකද දන්නේ නෑ කියන්නේ?

:       39       118

බකල ජයාMonday, 16 December 2024 01:28 PM

ඒ තමන් ගැන කියලා තියෙන්නේ. ඒ අයගෙ ස්වයං-තක්සේරුව 100% යි.

:       3       33

ලයන් Monday, 16 December 2024 01:21 PM

මෙරට බිහිවූ පළමු ජනතාවගේ ජනපති...

:       13       104

Damith Monday, 16 December 2024 01:25 PM

බලාගෙන අර පරණ පුරුද්දට ඇස් ලොකුවෙලා, කට උල්වෙලා, හස්ත මුද්‍රාව එළියට පැන්නොත් විනාශයි හොඳේ... එතකොට රාජතාන්ත්‍රික විදිහට විඳින්න ගනියි.

:       71       13

Nishan Monday, 16 December 2024 01:32 PM

එක්කෙනෙක් උපාධි සහතිකේ අරන් එන්න ජපානේ ගියා. මෙයා ඉන්දියාවේ ගියේ අදානිගේ සහතිකේ අරන් එන්න වෙන්න ඇති...

:       97       14

JayasekaraMonday, 16 December 2024 02:44 PM

නැහැ... අර පහුගිය රජයේ හිටපු මැති ඇමැතියගේ... මැති සහතිකය ගන්න ගියේ...

:       1       28

සන්ක Monday, 16 December 2024 02:05 PM

ඉතා දිළිඳු පසුබිමක් සහිත නිහතමානී ආරම්භයක් ඇති ඔහු,මේ රටේ ඉහළම තැනට පත් වී තම නිහතමානී ආරම්භය කිසිදා අමතක නොකළ අතර සෑම විටම සමාජයේ සාමාන්‍ය මිනිසෙකු ලෙස හැසිරෙන මේ මිනිසා ගැන මම ආඩම්බර වෙමි. ජනාධිපතිතුමනි, ඔබ කොහේ ගියත් ඔබතුමාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා, මේ රට පාලනය කළ හිටපු වන්චනිකයන් කළා වගේ කිසිම දෙයක් ඔබේ සාක්කුවට නොයන බව ඉන්දියාව දන්නා නිසා අපේ රට සංවර්ධනය කිරීමට ඔවුන් ඔබට සියලු සහයෝගය ලබා දෙනවා නියතයි.ජයෙන් ජය අපේ මාතෘභූමියට.

:       5       82

ලසා Monday, 16 December 2024 02:08 PM

අපිට ආඩම්බරයක් වෙන්නේ හොරෙකු නොවන මහජන දේපළ කොල්ල නොකන අනවශ්‍ය නාස්ති නොකරන ඇත්ත මහජන නියෝජිත ජනාධිපති කෙනෙකුට තවත් රටක් කරපු ගෞරවය නිසා. ලංකාවේ නම බැබලුණා .තාම මාස දෙකක් ගිහිං ඔහොම නං අවුරුදු 5 යනකොට වෙනස්ම රටක් බිහිවෙනවා සත්තයි .

:       8       69

Janitha Monday, 16 December 2024 02:59 PM

සැරටම අමතලා මෝදිව දණගස්සයිද දන්නේ නැහැ... මුළු ඉන්දියාවම වෙව්ලනවා ඇති... සිංහයන්ට බයේ...

:       39       10

Wanasinha Monday, 16 December 2024 03:25 PM

ජෙබයියන්ට තඹුත්තේගම ඉඳලා ඉන්දියාවට යන එකත් මාර ලොකු දෙයක් අප්පා... මාර ගැම්මට ඉන්දියාවට ගිහිල්ලා... මහ ලොකු වැඩක් කරලා තියෙන්නේ. දැන් ඔක්කොම හරි...

:       47       8

randil dunuwilleMonday, 16 December 2024 04:32 PM

උගන්ඩාවට නම් යන එකක් නැහැ. අවුල් වගේ නේද?

:       14       7

ddd Monday, 16 December 2024 03:47 PM

අපේ ජනපතිතුමාට යහපතක් වේවා

:       5       36

සමන් Monday, 16 December 2024 04:30 PM

රටේ යහපත ගැන ශුන්‍ය වූ බලාපොරොත්තු සහිතව සිටි කාලයක අවසන් අපේක්ෂාව ලෙසට ඔබට ඡන්දය භාවිතා කලේ. දැඩි විශ්වාසයක් ඔබ කෙරෙහි ඇත. කෙසේ හෝ මේ රට ඔසවා තබමු ජනපතිතුමනි.

:       5       24

බකල ජයා Monday, 16 December 2024 05:11 PM

රටත් දුප්පත් නම්, හත්පොලේ ගාගත්තොත් කවුරුවත් රතුපලස් එලන්නැහැ. ඒ වුණත් ටෙලිසිලින්ඩ හොට්ටු අයට දුක, තරහ, ලැජ්ජාව වගේ ඒවා හිතට එන එකත් ඉතිං සාධාරණයි. ඒව පිටකරන්න ලංකාදීප ඉඩ සලස්සලා ජාතික මෙහෙවරක් කරන්නේ. නැත්තං ඒවත් ගෙදර අයගේ, අසල්වැසියන්ගේ, රටේ පිටින් යන්නේ...

:       3       16

මැක්ස් Monday, 16 December 2024 05:33 PM

අපගේ ජනපති සහෝදරයා තම ඇස් දෙක ලොකු කර, අතේ ඇඟිලි කුඩා කර කෙබර ඇදබාමින් ජාජබ රජයේ කුණු සේදීමට බලකායක් හැදුවා සේ ඉන්දියානු නායකයින් ද හීලෑ කර ගැනීමට හැකිවේවා!

:       12       3

Saman Monday, 16 December 2024 05:38 PM

පහුගිය ජනාධිපතිවරු වගේ ගොන් පාට් කෙළ කෙළ ඉන්නේ නැතිව ඉක්මණට ජනතාවට සහනයක් දෙන්න. හොරා කාපු ධනය ජනසතු කරන්න.

:       11       7

hasitha Monday, 16 December 2024 06:07 PM

අපේ ජනාධිපතිතුමාගේ මහ ගොඩේ පාටක් තියෙන්නේ... ජනාධිපති උපදේශක‍යන් ඉන්නවා නේද? එක්කෝ ජාති ඇඳුමවත් එතුමාට අන්දවලා යවන්න නිකන් කඩේ යනවා වගේ යන්න එපා. ඔතැන නියෝජනය වන්නේ ශ්‍රී ලංකාව..

:       18       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 324 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 77 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 211 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 273 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 339 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 630 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 403 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site