IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕන නෑ

( නිමන්ති රණසිංහ )

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැතැයි කී කොළඹ කොටුව  මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඒ සඳහා වරෙන්තුවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අද(13)  ප්‍රතික්ෂේප කළේය.

නීතීපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා  අධිකරණයෙන් ඉල්ලා සිටියේ   පසුගිය ජනාධිපතිවරණයේදී  මහජන මුදල් අවභාවිත කරමින්  මැතිවරණ නීතී උල්ලංඝනය කළැයි කියන මෙම සිද්ධියට අදාළව  හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසය.

මෙම  වරද සංඥය වරදක් වන බැවින්  එම වැරදි වලට වරෙන්තු නොමැතිව අත්අඩංගුවට  ගත හැකි බැවින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  ඒ සඳහා තමන් වරෙන්තු නිකුත් නොකරන බව  මහෙස්ත්‍රාත්වරයා  සඳහන් කළේය.



අදහස් (8)

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕන නෑ

විජිත් Tuesday, 13 October 2020 10:54 AM

මේ විනිසුරුගේ ප්‍රකාශය හරි නම්, දියවන්නාවේ අසුචි මාලිගාවේ වහලේ එල්ලිලා ඉන්න, රටවැසියන්ගේ ලේ උරාබොන හොර, තක්කඩි, වවුල්ලු ඔක්කොම අල්ලලා බලු කුඩුවට දමන්න පුළුවන්නේ... හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පොලිසියේයි. ඔය වවුලන්ව අල්ලන්න යන පොලිස් කාරයින් රටට ආදරේ ඇති අය විය යුතුමයි. අවංක විය යුතුමයි. දේශපාලුවකුගෙන් "තේ" උගුරක් තරමින්වත් වරදාන ලබා නොගත්තෙකු විය යුතුයි. ඒ වගේම ශක්තිමත් කොන්දක් ඇති අය වියයුතුමයි. අපේ පොලිසියේ ඒවගේ " උත්තමයින් " ඉන්නවා නම් මෙන්න චාන්ස් එක.

:       0       26

අතුල Tuesday, 13 October 2020 12:30 PM

රිෂාඩ්ව අත්අඩංගුවට ගත්තොත් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිනස් වාර්තා පොතට යනු ඇත. එච්චර කොන්දක් තියේද කියලා බලමු.

:       0       21

de silva Tuesday, 13 October 2020 12:38 PM

ලංකාවේ පොලිසියේ ප්‍රසිද්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්න එන්නේ තමන් එනබව පත්තරේට දමලා. එතකොට සමහර සැකකරුවෝ රටෙනුත් පැනලා ගිහින්... මෙහෙම විකාර තියෙන්නේ ලංකාවේ පමණි. ගමේ පොඩිමිනිහෙක් අවශ්‍ය වුණාම පිටිපස්සට පයින් ගහලා ජීප්එකේ දමාගෙන එනවා. ඩීල් දාසගේ කතාව හරි..

:       0       21

Ana Tuesday, 13 October 2020 02:42 PM

අලුත් පික්චර් එකක ‘කමින්‘ කෑල්ලක්..

:       0       7

de silva Tuesday, 13 October 2020 03:21 PM

රිෂාඩ්ට කළින් අත්අඩංගුවට ගන්න ඕනේ ආරක්ෂාව පිළිබඳ කිසිම සොයාබැලීමක් නොකර... වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙක් හෝ පත් නොකර සිංගප්පූරුවේ සවාරි ගිය ආරක්ෂක ඇමැති... සහ සේනාධිනායකකම දරපු අය, පොලිස්පති.... ආරක්ෂක ලේකම් ඇතුලු පිරිස..

:       0       6

පුදුම ගංකාරයා Wednesday, 14 October 2020 01:51 AM

මල්ලිගෙ කේස් එකේ උණුසුම යවන්න අයියාව කරලියට ගත්තා. මේවා නිකම් නාට්‍ය වගේ.

:       1       3

Hema Wednesday, 14 October 2020 03:11 AM

පුද්ගලික මුදල් සඳහා මහජන මුදල් වියදම් කරන්නේ ඔහු පමණක්ද?

:       0       2

BamunuarachchiFriday, 16 October 2020 12:27 PM

අරයා කළ නිසා මෙයා කළාට කමක් නැහැ කියලද කියන්නේ? කොහෙන් හරි වැඩේ පටන් ගන්න ඕනේ. ඒ නිසා මෙයාගෙන් පටනු ගමු. අපේම ආණ්ඩුවක් පිහිටුවාගත්තේ ඕකටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 1 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2466 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2401 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 896 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2361 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 269 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site