IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රිෂාඩ්ගේ ගෙදරදී මියගිය මෙහෙකාර දැරියට දිගින් දිගටම ලිංගික අතවර

(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ බොරැල්ල පොලීසිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත.

විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතාගේ අත්සනින් යුතුව එම වෛද්‍ය වාර්තාව බොරැල්ල පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මරණයට පත්වූ දැරිය අඩන්තේට්ටම්, පහරදීම් ආදියට ලක්ව නොමැති අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් මතුපිට සම 72% කට වඩා වැඩි ප‍්‍රමාණයක් පිළිස්සී විනාශ වී ඇති බව ද එම වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇත.

මෙම දැරිය ගර්භණීභාවයෙන් තොරව කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට පත්ව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබේ.

එසේම, දැරිය මියගොස් ඇත්තේ ගින්නෙන් ඇතිවූ බාහිර පිළිස්සීම් තුවාල විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් කම්පනයෙන් බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාවෙන් දක්වා තිබිණී.

දුරකතන වාර්තා 06ක්, දැරිය ප‍්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රොහලේ ඇඳ ඉහපත් අංකයට අදාළ වාර්තාවන් සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයෙන් දැරියගේ ගිණුමට මුදල් ලබාදුන් බැංකු වාර්තා ලබා ගැනීම සඳහා පොලිසිය කළ ඉල්ලීමට  අධිකරණයේ අවසරය ලැබිණි.



අදහස් (25)

රිෂාඩ්ගේ ගෙදරදී මියගිය මෙහෙකාර දැරියට දිගින් දිගටම ලිංගික අතවර

Anton Austria Monday, 19 July 2021 11:23 PM

අනේ ඔකුන් ඔහොමමයි

:       0       0

chandima Tuesday, 20 July 2021 12:34 AM

හත්දෙනෙක් පුලුවන් කියලා තියනවනේ ඒහෙම හිතල දන්නැ . අනේ මුන් වගේ මිනිසු උපරිම දඩුවම් දෙනන ඔනි

:       0       0

රමණී Tuesday, 20 July 2021 01:14 AM

විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය යනුවෙන් පෙනි සිටින නෝනාවරුනි මහත්වරුනි. ඔබගේ අවධානය පිණිසයි. සවුදි අරාබියේ මරණයට ලක්වූ රිසානා දැරිය වගේම තවත් අහිංසක දැරියක් නේද මේ? සජිත් ප්‍රේමදාස මහතාණනි, මේ ගැන වහාම ඔබගේ සහ සමගි ජනබල සන්ධානයේ මතය පලකරන්න. අපේ සමාජයෙන් මේ වගේ අපරාධ තුරන්කිරීමේ පින්කමට දායක වන්න.

:       0       0

Ruhunu Tuesday, 20 July 2021 02:31 AM

මිනීමරල හිරේ ගියත් බයවෙන්න දෙයක්නැ. වෙසක් එකට අනීවාරයෙන්ම නිදහස් කරනව.

:       0       0

Bandara Tuesday, 20 July 2021 03:17 AM

අනේ ලංකාවට ගිය කලක්... මේ අයට ස්වර්ගයට යන්න ඕනෑ නැහැ එහෙනම්...

:       0       0

chandima Tuesday, 20 July 2021 05:27 AM

මේ සේරම එකතු කරලා තමයි පොදු සංධානේ හදන්න යන්නේ... ?

:       0       0

rocky Tuesday, 20 July 2021 06:47 AM

මේ ලමයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහල් පොලීසියෙන් ප්‍රකාශක් අරගෙන නැද්ද

:       0       0

මරා Tuesday, 20 July 2021 07:32 AM

අද පාර්ලිමේන්තුවේ ගම්මන්පිල ඡන්දේ... බදියුදින්ගේ මංත්‍රී කණඩායම ආන්ඩුවට පක්ශව චන්දේ දීමට තීරනය කරලා.... එමනිසා මෙම දැරිය තමා විසින්ම දූෂනය කරගෙන, තමා විසින්ම ලාම්පුතෙල් හලාගෙන සිය දිවි නසාගෙන........ මේ දවස් වල විදුලිය කැපීම් නිසා කොළඹ 7 ගෙදරක ලාම්පුතෙල් ස්ටොක් කරගෙන ඉදලා... ආදරණීය පුතේ.... ආයෙත් මෙවන් අවාසනාවන්ත ඉරනමකට නුඹ ගොදුරු නොවේවා... මිනීමරුවන් නිරතුරුවම ...මිනීමරුවන් රකින රටක නොඉපදේවා

:       0       0

sachith Tuesday, 20 July 2021 07:40 AM

මේකට ඉතින් තෝරු මොරු අහු වෙයි කියලා හිතන්න ඒපා . යන්නෙ කොහේද මල්ලේ පොල්

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 July 2021 08:08 AM

"බැලූ බැලූ සැමතැන්හි සලෙළුන් හතර අතේ .. පුංචි දැරිවියන් උන්ගේ රස ගොදුරු වෙතේ .. මේ වැනි අපරාධ මේ රටෙ නිමක් නැතේ .. මේවා කළ උන් සැමදා සතුටින්ම ඇතේ .. "

:       0       0

SL dirty politics Tuesday, 20 July 2021 10:34 AM

රිෂාර්ඩ් ගේ ගෝලයෝ ටික ආණ්ඩුවට.කේස් ඒක කුණු මල්ලට ............?

:       0       0

Sampath Tuesday, 20 July 2021 11:22 AM

හෙන හතම ගහන්න ඕනේ !!!

:       0       73

siriplaWednesday, 21 July 2021 07:10 PM

රටේ මතුවන සෑම අර්බුදයකම පැහැරගෙන එය ඔව්න්ගේ කරගැනීමට උත්සහා කරන්නාවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිලිබදව නිහඩව සිටින්නේ මක් නිසාද ? රටම කතාකරන මෙවැනි සිදුවීම් මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලකුණු දමාගැනීමට නොහැකි නිසාද

:       0       0

දිමුත් Tuesday, 20 July 2021 11:23 AM

ඉතින් ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්න පරක්කු?

:       0       208

අයි.පී.සී.විජේසිංහ Tuesday, 20 July 2021 02:55 PM

බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම තහනම් කිරීමට කටයුතු කළ යුතුයි.

:       0       208

ganegoda Tuesday, 20 July 2021 04:02 PM

මේ ගැන ළමා අපරාධ විමර්ෂණ පවත්වන්න.

:       0       63

siripala Tuesday, 20 July 2021 04:26 PM

සුළු ජාතීන් විසින් පිහිටුවා තිබෙන්නාවූ දේශපාලන පක්ෂ නායකයින් ඔවුන්ගේ කණ්ඩායම් සමග ඔවුන්ගේ වාසියට එකෙක් රජයයන් සමග එක්වේ. ඔවුන්ගෙන් ලැබෙන්නා වූ දේශපාලන වාසිය සහ ඡන්ද ප්‍රමාණය බලාපොරොත්තුව වැරැදිකරුවා හට දඬුවම් නොලැබී යාමට පවා හැකියාව පවතියි.

:       0       178

sampath Tuesday, 20 July 2021 05:27 PM

බාලවයස්කාර දරුවන් මෙහෙකාර තියා සාමාන්‍ය සේවයේවත් යොදවන ලංකාවේ නීතියෙන් ඉඩක් නැහැ. නමුත් මේ වගේ දේවල් සම්බන්ධව සොයා බලන් ඉන්න නිලධාරීන් නිසි උද්යෝගයෙන් ක්‍රියා නොකිරීමෙන් තමයි මේ තත්වය ඇතිවෙන්නේ. මේ සම්බන්ධව නීතිය දැඩිලෙස ක්‍රියාත්මක විය යුතුයි.

:       0       208

පොඩි මල්ලි Tuesday, 20 July 2021 09:41 PM

මැදපෙරදිග අපේ සහෝදරියන්ට වෙන්නෙත් මේ වගේ දේවල් තමයි.. මහත්තයෝ, මේක තවම අරාබියක් වෙලා නෑ..

:       0       0

Demuni Uduwara Wednesday, 21 July 2021 03:06 AM

නීතියෙන් හෙළා දකින රටක්!

:       0       0

Rata Perata Wednesday, 21 July 2021 03:08 AM

මුන් ඔක්කොම එකයි. ඉහළම නීතිඥවරයෙක් ගේ ගෙදර, විමල් වීරවංශ ගේ ගෙදර ලමයි අපයෝජනය උනා, මැරුණා. කෝ නීති. තවමත් මුන්ගේ පස්සවල් ලෙවකන ඛයියන්ගෙන් පිරුණු රටක් මේක.

:       0       0

chandima Wednesday, 21 July 2021 05:25 AM

ගනන් ගන්න එපා හිටපු ඇමති කෙනෙක්නෙ

:       0       0

Senevi Wednesday, 21 July 2021 05:26 PM

වත්මන් ආණ්ඩුවේ ප්‍රභල ඇමති වරයෙකුගේ නිවසේ මීට බොහෝ කාලයකට ඉස්සර තරුණයෙක් මියගියා කියල දැන් කාටද මතක ?

:       0       0

seram Wednesday, 21 July 2021 11:33 PM

බදුර්දීන්ට විරුද්ධව කිසිවක් නීතියෙන් වෙන්නේ නැහැ.., එයා මොන පක්ෂයේ හිටියත් එයාගේ සල්ලිවලට හිස නමන අය පොලිසියේත්, දේශපාලනයේත් ඉන්නේ...

:       0       0

kapila Thursday, 22 July 2021 06:45 PM

සියලු චෝදනා වලින් රිෂාර්ඩ් නිදහස් වෙනවා ස්ථිරයි... මේක ශ්‍රී ලංකාවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 412 0

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 205 0

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 412 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 410 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3817 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 653 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 742 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 361 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site