IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රුසියා යුද ශක්තියට යුක්රේන හමුදා බිය වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ යුද ශක්තිය හමුවේ යුක්රේන සොල්දාදුවන් අධෛර්යමත්ව හෙම්බත්වී ඇති බවත් යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බොහෝදෙනා යුද්ධයට යාමට ප්‍රතික්ෂේප කරන බවත් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.

බොහෝ යුක්රේන සොල්දාදුවන් රුසියානු හමුදාව අතින් ඝාතනයට ලක්ව ඇති බවත් ඉතිරි සොල්දාදුවන්ගෙන් බෝහෝ පිරිස් යුක්රේන හමුදාව හැරදමා යාමට පටන් ගෙන ඇති බවද සී.එන්.එන් පුවත් සේවය සඳහන් කළේය. එසේම යුක්රේන හමුදාව අලුතින් බඳවා ගන්නා සොල්දාදුවන්ද හමුදාව හැරදමා යාමට උත්සාහ කිරීමත් ඔවුන් ලබාදෙන නියෝගවලට අවනත නොවීමත් බරපතළ ගැටලුවක් වී ඇතැයි එම පුවත් සේවය සඳහන් පැවැසුවේය.

යුක්රේන හමුදාවේ අණදෙන නිලධාරීන් සය දෙනකු මෙම තොරතුරු හෙළිකළ බවත් ඉන් සිව් දෙනකු ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රසිද්ධ කරනවට අකැමැතිවූ බවත් සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කළේය.

අලුතින් හමුදා සේවයට බැඳෙන යුක්රේන සොල්දාදුවන් රුසියාවේ යුද ශක්තිය දුටු වහාම අධෛර්යමත් වී සේවය හැරදමා යාමට උත්සාහ කරන බවත් ඔවුන් යුද්ධයට යෑමට ප්‍රතික්ෂේප කරන බවත් එම අණදෙන නිලධාරීන් ප්‍රකාශ කළ බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දුන්නේය.

මෙම වසරේ පළමු මාස හතරේදී පමණක් යුක්රේන හමුදාව හැර ගිය 19,000 කට එරෙහිව එරට නීතිමය පියවර ගෙන තිබෙන බවද එම පුවත්සේවය ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

රුසියා යුද ශක්තියට යුක්රේන හමුදා බිය වෙලා

Asith Sunday, 08 September 2024 05:26 PM

දැනට යුක්‍රේනේ සෙබළු ලක්ෂ 7ක්, රුසියාවේ සෙබළු ලක්ශ 3ක් විතර මේ යුද්ධෙන් මැරිලා ගිහිල්ලා තියෙන්නේ. බයිඩනයයි, බොරිස් ජොන්සනයයි තමයි සෙලෙන්ස්කියට මේ ලණුව ගිල්ලුවේ... සෙලෙන්ස්කියා බටහිර පස්සේ ගියේ නැතුව බුද්ධිමත් තීරණයක් ගත්තා නම් ඔය කොල්ලො ලක්ෂ 10ම තාම ජීවත් වෙනවා. එහෙනම් අර කලාප 2ත් තාම යුක්‍රේන පාලනේ යටතේ තියෙන්නේ...!

:       1       12

Prabha Sunday, 08 September 2024 06:45 PM

ඇමෙරිකානු ලණුව කාපු කොයි රටටත් වුණේ මේක තමයි.

:       0       15

අරවින්ද මොනරවිල Sunday, 08 September 2024 07:28 PM

බටහිර ලණු කාලා සෙලෙන්ස්කි රටම විනාශ කෙරුවා.

:       1       35

Ahmed (Gulf) Monday, 09 September 2024 02:10 AM

මෝඩ තොරතුරු, එය යුක්‍රේන රුසියානු යුද්ධයේ ප්‍රතිවිරුද්ධයයි.

:       16       1

Ruwan Monday, 09 September 2024 09:22 AM

දැන්වත් තමන්ගේ තරමට ඉදිමියන් යුක්රේන් ජනාධිපතියෝ.... රටම නන්නත්තාර කළ මේ යකා

:       1       32

I.Hiruna Wednesday, 11 September 2024 01:45 AM

පව් බන් අපරාදෙ කොල්ලො ටික. හොද හැකියාවක් තියෙන උන් නැතිවෙන්නෙ.අන්තිමට උන්ගෙ රටෙ ඉතිරි වෙන්නෙ අර lgbtq පො**යො ටික තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1463 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1861 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5587 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1540 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5954 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5643 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17843 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site