IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී

( ටී.කේ.ජී.කපිල )

රුසියානු එරොෆ්ලොට්  ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ .

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය අද (2) උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව මෙම ගුවන් යානය අද (2) දහවල් 12.50 ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .
ඒ සදහා ගුවන් මගීහු 200 කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

ඒ අතර කොළඹ වානිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් ලැබී තිබේ .

 ඒ අනුව මෙම ගුවන් ගමන අත්හිටුවා ඇති අතර , මෙම ගුවන් ගමන සදහා පැමිණි ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

මේ වනවිට මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම  පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරීන් , එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද  සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .



අදහස් (13)

රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී

කිරි පුතා Thursday, 02 June 2022 07:09 PM

අලි අස්සේ බලි කියලා නාන්න හදන්නේ...!

:       2       11

සිරිපාල - ලිබියාවේ සිට Thursday, 02 June 2022 07:13 PM

ඩියුටි – ෆ්‍රී මත්පැන් මිල අඩු කරන්න. රට ඉඳන් එද්දී ගේන්න පුළුවන් ලීටර් ගාණ වැඩි කරන්න. එතකම් ඩොලර් ශතයක් අපි එවන්නේ නෑ.

:       8       12

Asitha Thursday, 02 June 2022 07:52 PM

අනුන්ගේ දේවල් වලට අපි මොකටද අත දාන්නේ..?

:       1       15

ලක්සිරි පැරිස් Thursday, 02 June 2022 11:42 PM

මෙන්න තවත් මෝඩ තීරණයක්...

:       2       29

Nuwan Thursday, 02 June 2022 11:53 PM

මේ උත්සාහය රුසියාව තාවකාලිකව තරහ කරගැනීමටද? මොකද එවිට ඩොලර් 35 ට බොරතෙල් ගන්න වැඩේ කවදාවත් කරන්න වෙන්නේ නැහැ. දේශපාලකයින්ට ඩොලර් 100 ගානේ බොරතෙල් අරගෙන කොමිස් ගහන වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන්...

:       3       38

Nandalal DE SILVA - France Friday, 03 June 2022 12:44 AM

මේ කිරිමට අදිකරනය තීන්දු කලේ මන්දැයිදැයි නොදන්න නිා මෙ ගැන අප විමසිල්ලෙන් බා සිටිමු. රුසියනු ජනාධිපති පුටින් සමග ගෝටාටාභය උදයංග වීරතුංග වනි අය තිබෙන සමීප සබදතා නිා මෙය පහසුවෙන්ම ලිස්ස යාමට පුලුවන්, ඉන් පසුව ානය ගුවන් ගත වෙනව නිසකයි. රුසියව අපට ලබාදීමට පොරොන්ඩුවි තිබෙන ඉන්දන සඳහා ගෙවිමට ලංකාවට ඇතිවෙන්න "රුබල්" තිබෙද ? යුක්‍රේන ආක්‍රමනයෙන් පසුව රුසියවට එරෙහිව පනවා තිබෙන සම්භධක නිාත්, අපට දැනට "ඩොල්ලර්" අහේයක් රට තුල තිබෙන නිසාත්, රුසියනු තෙල් මෙරටට ලගාවීම අවිනිශ්ත බව නම් පැහැඩිලියි. එ ආක්‍රමන, ාහෙට අහන්නෙ නති එකදිපති පුටින් දිගඩුර මිසයිලයක් දෙකක් ලංකාවට එවුවොත් නිකම්ම ඔය හිරකරගෙන තිබෙන ඈරොෆ්ලොට් යනය ගුවන්ගත වෙනවමයි ! ! !

:       2       9

සමන් අමරසිංහ Friday, 03 June 2022 12:44 AM

මේ ප්‍රවෘත්තියේ කොතැනක වත් නැහැනේ මොන හේතුව නිසා ද ගුවන් යානයට තහනම් නියෝගයක් පැනෙව්වේ කියලා. ඇයි ප්‍රධාන පෙලේ පුවත් පතක් වෙලත්, අසම්පූර්ණ ප්‍රවෘත්ති පළකරන්නේ?

:       0       7

mahesh Friday, 03 June 2022 06:30 AM

හෙතුවක් සදහන් කර නොමැත. ලංකාවත් රුසියවට සම්බාදක පනවලද ? නත්නම් අමෙරිකවට , ඉන්දියාවට කඩෙ ගිහිල්ලද ? අපිටනම් ඉල්ලගෙන කන්න බෑ හොදේ.

:       0       8

SHASHIK RATHNAYAKE Friday, 03 June 2022 08:16 AM

නියම නිවුස් ඒකක් , කෝ හේතුව,,, පිස්සුවකට නවත්තා ගත්තද......

:       0       14

lakmal Friday, 03 June 2022 08:35 AM

නීතීඥ්ඥ සංගමේ උන් ටික ගෝල්පේස් එකේ එක තැනකට එකතු කරල තියල පුටින්ට ‌ලොකේශන් එක යවමුද ?

:       11       12

malithi Friday, 03 June 2022 08:37 AM

සිරාවට, මේ නීති‍ඥ සංගමය මොකාටද එන්න හදන්නේ? මොකක් හරි කොමිසමක් ඕන වෙනවා ඕක නියාමනය කරන්න.

:       7       11

Thilak Friday, 03 June 2022 12:15 PM

රුසියාවෙන් අපිට කෑම ලැබෙයි වගේ.

:       2       14

ජයශ්‍රී Friday, 03 June 2022 12:34 PM

ගුවන් යානයේ ලීසිං ප්‍රශ්නයකට නවත්තගෙන තියෙන්නේ...!

:       4       16

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 875 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 899 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 526 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 320 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site