IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ජර්මනියට

විෂ ශරීරගත වීම නිසා දැඩි ලෙස රෝගාතුර වී සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යන ගුවන් යානයකින්  ජර්මනියට රැගෙන ආවේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කරන එරට විපක්ෂ නායකයා ලෙස ද සැලකෙන ඇලෙක්සි නවාල්නි සිහිසුන්ව රෝහල් ගත කළ බවත්ල යම් අයකු ඔහුට වස දී ඇතැයි වෛද්‍යවරුන් සැක කරන බවත් විදෙස් මාධ්‍ය ඉකුත් දා වාර්තා කළේය.

ඔහු රැගෙන ඒම සඳහා ජර්මනිය විශේෂ ගිලන් ගුවන් යානයක් යැවීයග නවාල්නි රෝගාතුර වීමෙන් අනතුරුව සයිබීරියාවේ ඕම්ස්ක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඇලෙක්සි නවාල්නි ඇතුළත් කර ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවර පිහිටි චරිටි රෝහලට වන අතර රාජ්‍ය නොවන සංවිධානයක් මැදිහත් වී මෙලෙස නවාල්නි ජර්මනියට ගෙන්වාගෙන ඇත.

නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැතැයි එම සංවිධානයේ නිර්මාතෘ කීය.
 
නවාල්නිල රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දීර්ඝකාලීන විරුද්ධවාදියකු වන අතර දූෂණයට එරෙහිව සටන් වදීග නවාල්නි ගුවන් යානයක් තුළදී තේ පානය කිරීමෙන් අනතුරුව සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඔහුට වස දී ඇතැයි ඔහුගේ සමීපතමයෝ විශ්වාස කරති.

නවාල්නිට ගුවනින් ගමන් කිරීම සඳහා ඔහු කෝමා තත්ත්වයකට පත් කළ බවත් ඔහුගේ බිරිඳට අනතුරක් හෝ අවදානමක් හෝ නැති බවත් ඕම්ස්ක් හි රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේය.

‘සාමය සඳහා සිනෙමාව පදනම’ යන අරුත් දෙනිසිනෙමා ඔෆ් පීස්’ පදනම මැදිහත් වී මෙලෙස ගිලන් ගුවන් යානයක් සයිබීරීයාවට යැවීය.  නවාල්නි රැගත් ගුවන් යානය සෙනසුරාදාල එනම් ඊයේ බර්ලිනයට පැමිණි අතර ඒ සැණින් නවාල්නි රෝහල් ගත කළේය.

නවාල්නි මේ වනවිට 44 වැනි වියේ පසුවෙයි.

අදාළ පරීක්ෂණ කිරීමෙන් සහ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බව බර්ලිනයේ චරිටි රෝහල සඳහන් කළේය.

සති අන්තය වනවිට නවාල්නි සම්බන්ධයෙන් දැනුම් දීමක් කිරීමට රෝහලට හැකියාවක් නැතැයි එම රෝහලේ ප්‍රකාශිකාවක් පසුව ප්‍රකාශ කළාය.

‘‘නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැහැග ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හරිම කනගාටුදායක තත්ත්වයක තියෙන්නේ’’ යැයි සිනෙමා ඔෆ් පීස්’ පදනමේ නිර්මාතෘ යාකා බිසිලි රෝහලෙන් පිටත සිටි මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශයක් කරනු ඇතැයි ද හෙතෙම කීය.
 
රොයිටර්  (055)



අදහස් (2)

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ජර්මනියට

කමල් Sunday, 23 August 2020 12:39 PM

අපිටත් ඕන ඔයවගේ පාලනයක්. බැසිල් සර් ළඟදි නොකියා කියලත් තිබ්බ පුවත්පත් සාකච්ඡාවකට අපිටත් ඕන චීන කොමියුනිස්ට් පාලනය විදිහට රටේ නායකයා පක්ෂය විසින් පත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන විදිහට කියලා. අපිට නම් කමක් නෑ.

:       0       0

Rata Perata Monday, 24 August 2020 06:57 AM

චීනයේ, රුසියාවේ වගේ පාලනයක් හදන්න තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන්නේ. රටවැසියා රාජපක්ෂ ගැත්තන් වෙලා ඉන්න පුළුවන් එතකොට..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 109 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 109 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 300 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1346 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2928 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2296 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site