(තිළිණි ද සිල්වා)
රසායනික පොහොර භාවිතය හා ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඉකුත් අප්‍රෙල් 27 වැනිදා ගත් තීරණයෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බැවින් , එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එමෙන්ම මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා අමාත්‍ය මණ්ඩලය සම්මත කරනු ලැබූ යෝජනාව ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ
සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, සමගි ගොවි ජන පෙරමුණ සංවිධානයේ සභාපති හේමකුමාර නානායක්කාර සහ ලේකම් පී. හැරිසන් යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත් කේ. විජේසිංහ, ජාතික පෙහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා ඇතුළ හත් දෙනෙකු නම්කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 27 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවකට අනුව මෙරටට රසායනික පොහොර ආනයනය හා භාවිතය තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවරගත් බවත් , මෙරට කාබනික පොහොර භාවිතය නගාසිටුවීමේ අරමුණින් මෙම පියවරගත් බවට රජය සදහන් කරන බවය.
මෙම තීරණය හේතුවෙන් මේ වන විට මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවත් , එනිසාම ගොවීන්ගේ හා වගාකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඵලදාව පහත වැටී ඇතැයි ද පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටී.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රසායනික පොහොර තහනම් කළාට සජබ උසාවි යයි
කිරිපුතා Wednesday, 06 October 2021 04:13 PM
ඒ කියන්නෙ වහ කවන එක ජාතියම ලෙඩ කරවන එක මූලික මිිනිස් අයිතිවාසිකමක්. අපේ රටේ ඉන්නෙ උන්මත්තකයින්ද?
SUNIL MILANO Wednesday, 06 October 2021 06:42 PM
රටේ ජනතාවට දෙන්න හදන දායාදය.. වකුගඩු අමාරුව
නිමල් රජපක්ෂ Thursday, 07 October 2021 12:28 PM
රසායනික පොහොරවලින් ගන්නා අස්වැන්න කබනික පොහොර වලින් ගන්න බැහැ .අපි අත්හදා බැලුවා
ජල්තර Friday, 08 October 2021 08:27 AM
ඔව්, ඔව්... රසායනික පොහොර වලින් දෙන පිළිකා, වකුගඩු රෝග සරු අස්වැන්න කාඛණික පොහොර වලින් ලැබෙන්නේ නෑ. ඔබ හරි නිමල් රාජපක්ෂ.... බහු ජාතික රසායනීක බූවල්ලාගේ ඩොලර් කුට්ටියට ඉව අල්ලනවා වගේ.. හොඳා..හොඳා.. චෝයි.