IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රුසියාවේ අධ්‍යාපන සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා , සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා  සිසුන්  රැගෙන ගොස් , ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන , එරට  අතරමං කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු කටාන ප්‍රදේශයේ සිසුවෙකු රුසියාවේ උසස් අධ්‍යාපනය සදහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන් දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගෙන මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතරව මොහුට එරෙහිව  මාතර මූලස්ථානය පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 17 ක් , කුළියාපිටිය පොලිසියට පැමිණිළි 02 ක් ද , කුරුණෑගල පොලිසියට පැමිණිළි 03 ක් ද , නාරාහේන්පිට පොලිසියට ලැබී තිබූ එක් පැමිණිල්ල ක් ද ලැබී තිබුණි .

මීට අමතරව මොහු පිළිබඳ වාද්දුව , අම්පාර සහ මොරටුව පොලිසි වලට පැමිණිළි ලැබී ඇති බව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දී ඇති බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා පැවසීය .

මෙම පුද්ගලයා මෙසේ රුසියාවට රැගෙන ගිය සිසුවෙකුට පිහියකින් ඇණ තුවාල සිදු කිරීම පිළිබඳ එරට පොලිසිය මොහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමත් සමග , එයින් බේරීම සදහා  මොහු ඊයේ (20) රාත්‍රීයේ ශ්‍රී ලංකාවට පළා විත් තිබේ .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු   මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම අංශයේ නිලධාරීන් පිරිසක් සිදු කරමින් සිටිති .



අදහස් (0)

රුසියාවේ අධ්‍යාපන සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 432 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 922 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 598 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 932 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1398 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 579 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site