රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ,ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රුසියාවේ යුක්රේන දේශසීමා අසල පමණක් 137,000 රුසියානු හමුදාවක් ස්ථානගත වී සිටින බව විශ්ලේශකයන් පෙන්වා දෙයි.
මේ වන විට බෙලරුස් රාජ්‍යයේ සහ ක්‍රිමියා අර්ධද්වීපය අසල කලූ මුහුදේ රුසියා යුද අභ්‍යාස ආරම්භ වී ඇත.
කලූ මුහුදේ නාවික යුද අභ්‍යාස හේතුවෙන් යුක්රේනයේ නාවික කටයුතුවලටත් බාධා එල්ල වී ඇත. නාවික යුද අභ්‍යාසයට රුසියානු යුද නෞකා 30 පමණ සහභාගී වන බව පැවසේ.
යුද ටැංකි, කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ අනෙකුත් යුද උපකරණ රුසියාවේ යෙල්නා හමුදා කඳවුරෙන් යුක්රේන දේශ සීමා දෙසට ගමන් ආරම්භ කර ඇතැයි ඇමෙරිකාවේ මැක්සාර් සමාගම පවසයි.
මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රෙිලියාව, ඉතාලිය, ඊශ්‍රයාලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළුව රටවල් 12 ක් පමණ තම පුරවැසියන්ට යුක්රේනයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
රුසියාවද වැඩිවෙන යුද උණුසුම හමුවේ තම රාජ තාන්ත්‍රිකයන් යුක්රේනයෙන් ඉවත් කරගනිමින් සිටී.
”මම මේක ගොඩක් කල් ඉදන් කියන්නේ මේ පණිවිඩය මුද්‍රිත,රූපවාහිනී මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ලෝකෙටම කියන්න, ඔයගොල්ලො දන්නවද යුක්රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ වෙලා යුද ක්‍රියා මාර්ගයක් මගින් ක්‍රිමියා අර්ධද්වීපය නැවත අත්පත් කර ගන්න අදහස් කළොත් මොකද වෙන්නේ කියලා.
යුරෝපා රටවලූත් මෙම යුද්ධයට සම්බන්ධ වෙනවා මොකද නේටෝ සංවිධානයේ ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තියේ තියෙනවා එක නේටෝ රටකට පහර දීම යනු මුළු නේටෝ සංවිධානයට පහර දීමට සමානයි කියලා. නේටෝ සංවිධානයේ හමුදා සමග රුසියානු හමුදා සංසන්ධනය කරන්න බෑ. ඒත් රුසියාවට තියනවා නවීන න්‍යෂ්ටික ආයුධ” රුසියානු ජනාධිපති පුටින් මාධ්‍ය සාකච්ඡාවදී ප්‍රකාශ කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු රොයිටර්ස් ඇසුරෙන්)
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුසියාව කළු මුහුදේ යුද අභ්‍යාසයක
Prabha Sunday, 13 February 2022 03:37 PM
අනුන්ගේ කතා විශ්වාස කරලා වලියට ගියාට අන්තිමට කන්න වෙන්නේ තනියෙම වගේ...