(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාව පසුගිය සතියේදී දියත් කළ චන්ද්‍රිකාවට අනෙක් චන්ද්‍රිකාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව ඇමෙරිකාව විශ්වාස කරන්නේ යැයි පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් පැට් රයිඩර් ප්‍රකාශ කළේය.
පහල පෘතුවි කක්ෂයට දියත් කළ එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ අවියක් බවට ඇස්තමේන්තු කර ඇතැයි ඔහු පැවැසුවේය.
එම චන්ද්‍රිකාව ඇමෙරිකානු චන්ද්‍රිකා සමඟ එකම කක්ෂයේ කක්ෂගත වී ඇති බවත් වොෂින්ටනය දිගටම තත්වය නිරීක්ෂණය කරනු ඇති බවත් රයිඩර් සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් සිය චන්ද්‍රිකා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව සූදානම් බව බ්‍රිගේඩියර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.මේ පිළිබඳ රුසියානු බලධාරීන්ගෙන් විමසීමක් කර ඇති නමුත් එයට කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැත.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුසියාව දියත් කළේ අභ්‍යවකාශ අවියක්ද?
අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 02:41 PM
නිදාගෙන හිටිය යෝධයෙක්ව ඇහැරවලා ඇමරිකාව හොඳටම බයවෙලා වගයි දැන් කොරහෙත් කිඹුලුන් පෙනෙන කාලය උදාවෙලා..!
Muthu Wednesday, 22 May 2024 03:48 PM
අද ලෝකේ ඉන්න ඉතාම උපායශීලී වගේම බුද්ධිමත්ම නායකයා පුටින්. ටිකක් දඩබ්බර වුණාට එහෙම නැතුව බටහිර හා වටේ ඉන්න දඩ බල්ලන්ට මුහුණ දෙන්න බෑ.
Chinthaka Thursday, 23 May 2024 09:15 AM
පුටින් කියන්නේ තනිකරම ඒකාධිපතියෙක් කියන්න පුළුවන් ඔහු මැතිවරණයට ඉදිරිපත් වුනේ විපක්ෂයේ නායක ඝාතනය කිරීමෙන් පස්සෙ තමයි ඔහුගේ දැන් අපේක්ෂාව ලෝකය ඔහුගේ බූදලයක් කර ගන්නද කියලා හිතෙනවා ඒ වගේම ඔහු ලෝක සාමයට අකමැති පුද්ගලයෙක් කියන්න පුළුවන් ඒත් ඇමරිකන් ජනාධිපති නියම ජනතා නියෝජිතයෙක් ඔහු පත්වෙලා තියෙන්නෙ ජනතා ඡන්දයෙන් ජන සම්මත ජනාධිපති කෙනෙක් හැටියට .කොහොම වුනත් මුන්දැල දෙගොල්ලම විවිධ රටවල යුද්ධ ඇතිකර ආයුධ විකුණා තමන්ගෙ රටේ ආදායම් වැඩිකර ගන්නවා