IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රුසියාව යුක්රේන් ඉලක්ක වෙත පහර දෙයි

යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බවයි. කිසිම විටකත් සිවිල් ජනතාව සිටින ස්ථානවලට පහර නොදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලයි.

මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ රුසියන් තානාපති වැසීලි නෙබෙන්සායා දැනටමත් විශේෂ හමුදා මෙහෙයුම පටන් ගෙන ඇති බව පිළිගෙන ඇත.

(034)



අදහස් (19)

රුසියාව යුක්රේන් ඉලක්ක වෙත පහර දෙයි

wimal Thursday, 24 February 2022 01:00 PM

රුසියාවේ වැඩේ නිසා අපිට ලයිට් නැහැ. උදේ 8.30ට කපලා ආයෙත් හවස 4.30ට කපනවා. හාල් කිලෝ එක රුපියල් 160 යි... පොල් ගෙඩිය 120යි. භූමිතෙල් ටිකක් ගන්න පෝලිමේ නිදාගන්න ඕනේ... අනේ දෙවියනේ ඔය යවන එකක් කැරකිලා වරෙන්කෝ ලංකාවේ දියවන්නාවට...

:       0       0

de silva Thursday, 24 February 2022 01:03 PM

කොරෝනාවෙන් ලෝකය බැටකන මේ අවස්ථාවේ අනවශ්‍ය විදිහට යුද පටන් අරන් ජීවිත දස දහස් ගණනක් වනසමින් ලෝකයම අමාරුවේ දමන මෙවැනි ඒකාධිපති පාලකයන්ට හෙන 7ම වදින්න ඕනේ... මේ වැඩවලින් අමාරුවේ වැටෙන්නේ යුරෝපය සහ රුසියාව පමණක් නොව, තෙල්මිල ඉහළ යාම නිසා ලංකාවේ ජීවිත දුක් විඳින්න සිද්ධ වෙනවා.

:       1       0

Pitigala milano Thursday, 24 February 2022 03:07 PM

හරිම සතුටුයි. පුටින් මැතිතුමනි, අපි ඔබ සමගයි.

:       0       0

Sathyanathan Thursday, 24 February 2022 03:11 PM

ඉල්ලං කනවා කියන්නේ මේවාට තමයි. රුසියාව බෝඩරේ තියාගෙන රුසියාවත් එක්ක ගේම ඉල්ලන්න යන්නේ මොකටද? නේටෝ කියන්නේ රුසියාවට විරුද්ධව ඇමරිකාව යුරෝපා රටවල් එක්ක හදාගත්තු යුද සංවිධානය. යුක්‍රේන් ඕකට බැ‍ඳෙනකන් රුසියාව අත්දෙක බැඳන් ඉන්න එකක් නෑ කියලා පොඩි එකෙක්ට වුණත් තේරෙනවානේ...!!! කොයි රටෙත් දේශපාලුවන් කරන්නේම ගොන් වැඩ තමයි...

:       3       1

Rohana Thursday, 24 February 2022 03:23 PM

යුක්රේනය නේටෝවට ඈඳෘගැනීමට ඇමෙරිකාව ප්‍රමු‍ඛ බටහිර රටවලට ඇති වුවමනාව මේ යුද්ධයට මුලයි. යුක්රේනය, නේටෝ රටක් වුණොත් ඒක රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන බව රුසියාව දන්නා නිසා රුසියාව යුද ක්‍රියා මාර්ගයට එළඹ ඇත. යුද්ධ නොකර මෙය සාකච්ඡාවෙන් විසඳාගත නොහැකි මන්ද...?

:       15       96

anilFriday, 25 February 2022 07:57 AM

අනේ එහෙම නම් ලංකාව චීනය පස්සේ යන එක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නිසා ඉන්දියාවත් ලංකාව ආක්‍රමණය කරන එක හරි හොඳයි නේද?

:       0       0

Prabha Thursday, 24 February 2022 03:25 PM

දැන් බලමු කවුද උදව්වට එන්නේ කියලා...!

:       5       62

ABThursday, 24 February 2022 11:25 PM

ලෝකයේ වෙනත් රටවල රජයේ තෙල්, හයිඩ්‍රො පහසුකම් වෙත රුසියාව සයිබර් ඇටෑක් එළවීමට තිබේ.

:       0       0

saliya Thursday, 24 February 2022 03:29 PM

කුමන හේතුවකට වත්, ස්වාධීන රාජ්‍යයක්... ආක්‍රමණය කිරීම හෙලා දකිමු. ඉතිහාසගත වෙන වැරැද්දක්. නින්දිත ක්‍රියාවක්...

:       22       33

චන්දන Friday, 25 February 2022 06:48 AM

ඕනම රටක් ස්වාධීන තමයි. නමුත් යම් රටක ක්‍රියාකාරිත්වය තවත් රටක ආරක්ෂාවට තර්ජනයක් වනු බැහැ. මෙතන සිද්ධිය එයයි. රුසියාව ගත් මේ ක්‍රියා මාර්ග ඇමරිකාව තවත් රටවල් බහුතරයකට අරන් තියෙන බව පහුගිය දශකය තුළ අත්දැක්කා. නමුත් රුසියාව ඒවාට විරුද්ධ වුනේ නැහැ. මේ ලෝකෙම අයිති ඇමරිකාවට නොවෙයි. ලංකාව මේ තත්ත්වය ආදර්ශයට ගත්තොත් හොඳයි...

:       0       0

Rasika Thursday, 24 February 2022 04:05 PM

ට්‍රම්ප්ගේ කාලේ යුද්ධ තිබුණේ නැහැ මොනවා වුණත්. දැන් යුරෝපයේ ඇමෙරිකාව විතරක් නෙමෙයි අපිටත් විඳින්න වෙයි.

:       9       63

අතුල සෞදි Thursday, 24 February 2022 06:55 PM

රුසියාවට ජයවේවා...! ඇමරිකන් අධිරාජ්‍ය වාදයට භංගවේවා...!!! 

:       44       39

ajith Thursday, 24 February 2022 08:15 PM

දෙවන ලෝක යුද්ධයෙන් පසු රටක් වෙනත් රටක හමුදාවන් විසින් කරනලද විශාලතම මෙහෙයුම මෙය වේ...

:       41       14

Rasika Friday, 25 February 2022 12:14 AM

එතකොට ලිබියාව, ඉරාකය, සිරියාව ඒවා රටවල් නෙවෙයිද? ඇමෙරිකන් නේටෝ හමුදාව ඒවාට පහර දුන්නේ.. යුරෝපයේ යුද්ධය වුණොත් තාම අවුල්... අනෙක් රටවල මොනවා වුණත් කමක් නැහැ.

:       0       0

GihanFriday, 25 February 2022 11:02 AM

ඇයි එතකොට ඇමෙරිකා, ඉරාක් වලට ගහනකොට, ඒක යුද්ධයක් නෙවෙයිද?

:       0       0

අතුල සෞදි Thursday, 24 February 2022 09:03 PM

එතකොට ඇමරිකන් හමුදාව විසින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ඉරාකය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් විනාශ කරේ කොයි කාලෙද? අදටත් ඒ රටවල් ඒවල විපාක විඳිනවා. මේවා බටහිර මාධ්‍යවල යන්නේ නැහැ. ඒකයි අජිත්ලා වගේ අය මේවා නොදන්නේ...!

:       3       2

sampath Friday, 25 February 2022 12:27 AM

එක්සත් ජාතීන්ට කරන්න පුළුවන්... හිඟන රටවල් වලට තර්ජනය කිරීම විතරයි.. රුසියාව කනෙන් අල්ලලා දණ ගස්සන්නේ නැතිව ආයාචනා කර කර ඉන්නේ ඇයි...? සමාජවාදය, ධනවාදය කියන්නේ එකම දෙපැත්ත වචන හරඹ විතරයි. අවසානයේ ප්‍රබලයා, දුබලයා බය කරන් ජීවත් වෙනවා...

:       0       0

අප්පුහාමි Friday, 25 February 2022 06:55 AM

ඉස්සෙල්ලා චීන්නු වසංගතයක් මුදාහැර ලෝකයම විනාශ කළා. දැන් ඊළඟ එක්කෙනා තවත් එකක් කරනවා. මේකට මොක්කු එකතුවේද කියන්න අමාරුයි.. තණ්හාය ජායතී සෝකෝ... කොහොම වුණත් චීන්නු කළ වැඩේ වෙනත් ක්‍රමයකට ක්‍රියාත්මක වෙනවා. මෙය තෙවන ලෝක යුද්ධය නොවේවා...! ලෝකයට සාමය උදාවේවා..!!!

:       0       0

ranjith Friday, 25 February 2022 08:50 AM

හොඳ නායකයෝ නැති වුණාම ඒ රටේ ජනතාවට විඳින්න වෙන හිරිහැර විඳිනවා. දැන් කියනවා තුවක්කු තියන් ආරක්ෂා වෙන්නලු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 13 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 282 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 88 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 186 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 678 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්
2025 අප්‍රේල් මස 24 704 2

පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site