(විමුක්ති එස්. රුද්‍රිගු)
රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.
ක්‍රෝෂික් නම් මෙම පූසා සොයා ගන්නා අවස්ථාවේදී අධික තරබාරුව හේතුවෙන් ඇවිද ගැනීමට පවා නොහැකිව සිට ඇතැයි පැවැසෙයි.
කෙටි ආහාර කෑමට ඇති දැඩි කැමැත්ත හේතුවෙන් ක්‍රොෂික් ලෙස එම පූසාට නම තැබීමට තීරණය කර බවත් ආහාර පාලනයත් ව්‍යායාමත් හේතුවෙන් ක්‍රොෂික්ට නැවත වතාවක් ඇවිදීමට හැකියාව ලැබී ඇති බවත් ක්‍රොෂික් මුදාගත් පිරිස ප්‍රකාශ කළේය. ක්‍රොෂික්ගේ තරබාරුව හේතුවෙන් පශු වෛද්‍යවරුන්ට අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් කිරීමට නොහැකිවී ඇතැයි පැවැසෙයි.
ක්‍රෝෂික් පිළිබඳ තොරතුරු ඔහු මුදාගත මැට්‍රෝස්කින් නිවහන පසුගිය 30 වැනිදා එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදාගෙන ඇති අතර ක්‍රොෂික් ලොව තරබාරුම පූසන් පස්දෙනා අතරින් එක් පූසකු විය හැකි බව පවසා ඇත.
ක්‍රොෂික්ට ආදරේ වැඩිකමට ඔහුගේ ස්වාමියා ඇවිද ගැනීමට නොහැකි වන තෙක් ක්‍රොෂික්ට ආහාර දී ඇති බවත් මෙවැනි සිදුවීම් ඉතාමත් දුර්ලභ බවත් මැට්‍රෝස්කින් නිවහන ප්‍රකාශ කළේය.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක්
මිහිඳු Monday, 09 September 2024 10:33 PM
ගාණ වැඩි වුණාට රුසියන් පූසෝ මාර ලස්සනයි. තායි පූසෝ වගේ නෙවෙයි. අද්දැකීමෙන් කියන්නේ...!
kam Tuesday, 10 September 2024 03:26 AM
කාටවත් වැඩියෙන් ආහාර ලබා දීම 'ආදරයක්' නොවේ. මේ සතාට දියවැඩියාව හැදෙන්න ඇති. ආදරය මැද වෙසෙන ක්‍රොෂික්ට දිගා සුව!