(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කොළඹ වරායට පැමිණ තිබෙන රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාව සහ සබ්මැරීන් දෙක නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නිලධාරීහූ අද (16) පෙරවරුවේ නිරීක්ෂණය කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
මෙම නෞකාව සහ සබ්මැරීන් දෙක සාගර මෙහෙයුමක නිතරව සිටින අතරතුරදී කොළඹ වරායෙන් තෙල් ලබාගැනීම ඇතුළු සේවා සපයා ගැනීම සඳහා පැමිණ ඇති බවත් රුසියානු නාවික හමුදාවේ මෙම නෞකාවේ සහ සබ්මැරීන් දෙකන නිල වශයෙන් පිළිගැනීම සඳහා නාවික හමුදාපතිවරයා නීක්ෂණ චාරිකාවේ නිතර වූ බවත් කපිතාන් ඉන්දික ද සිල්වා කීය.
නෞකාව සහ සබ්මැරීන් දෙක සේවා සපුරාගැනීමෙන් පසුව අද දිනයේම පිටතව යෑමට නියමිතය.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියාවේ සිට මුහුදු යටින් ආ අමුත්තන් පිළිගන්න නාවික හමුදාපති යයි - වීඩියෝ
සිරිබිරිස් Saturday, 16 October 2021 04:40 PM
නොකියා හොරෙන්ම ඇවිල්ලා වගේ... නිකමට අහන්නේ... පිළිගන්නේ නැතුව එළවලා දානවා වගේ එකක් කරන්න බැරිද..? එහෙම වුනොත් මොකක් වෙයිද?
RathnayakeSunday, 17 October 2021 06:18 AM
රුසියාව කියන්නේ කොයි වෙලාවෙත් ලංකාවත් එක්ක හිටපු මිත්‍රයෙක්. රුසියාව නොහිටින්න ඇමරිකාව, ඉන්දියාව මෙලහකට ලංකාව යටත් කරගෙන. මේ වගේ ගොබ්බ අදහස් තියෙන අයත් ලංකාවෙ ඡන්දෙ දානවනෙ ඉතින්.
sachithSunday, 17 October 2021 02:17 PM
මේවා අද ලෝකයේ සාමාන්‍ය දේවල්. සේවා අවශ්‍යතා වෙනුවෙන් රටවල්වලට එනවා. අනික එළවලා දන්නේ මුහුදට ජපකරපු මුට්ටි දාලාද?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 16 October 2021 07:24 PM
මට මෙන්න මෙසේ සිතෙනවා. අතීතයේ හා වර්තමානයේ සමහර දේත් පාදක කරගෙන මා එය කියනවා. මාගේ සිතීමේ නිදහසට අනුව, එය පැවසීම වරදක් නොවෙයි. මට සිතෙනා ආකාරයට, චීනා මේ රටට පැමිණීම,චීන හමුදා අංශ පැමිණීම ආදිය නිසා වෙනත් රටවල කිසියම් කලබල වීමක් පෙනෙනවා. ඒ නිසා ඒ රටවල ආරක්ෂක අංශ මේ රටට නිතර නිතර එන්නට පටන් ගෙන තිබෙනවා. එයයි පවතින සත්‍යය... හොඳින් තිබූ රටක් අහක ඉන්නා නයි රෙදි අස්සේ දමාගැනීම නිසා ඉදිරියේදී කනවෝ.. කනවෝ.. යැයි කෑගැසීමට සිදුවේවිද දන්නේ නැහැ...
hesa Saturday, 16 October 2021 07:24 PM
වෙලාවකට, සමහරු කියන දේ, කරන්න කියන දේ ගැන කියවද්දී හිතෙනවා "අනේ ලංකාවෙන් පිටවන දේවත්, ලෝකයේ රට රටවල් අතර ව්‍යාපාර සම්බන්ධීකරණය, වෙළෙඳ ගිවිසුම් ගැන මෙලෝ හසරක් දන්නෑනේ කියලා.. හරියට අල්ලපු ගෙදරින් හිතවත් කමට බඩු හුවමාරු කරගන්නවා වගේනේ කියන්නේ...
sampath Saturday, 16 October 2021 10:15 PM
ඉන්දියන් හමුදාව එනවා සමරු පලක දෙනවා යනවා, ඇමරිකන් ඒකාබද්ධ පුහුණුවීම් කරනවා, රුසියාවෙනුත් එනවා ඒවා බෑන්ඩ් ගහල පිලිගන්නවා. මොකක් හරි ගිනි විජ්ජුම්බරයකට අර අදිනවා කියලයි මටනම් හිතෙන්නේ.
චන්දිම Saturday, 16 October 2021 10:21 PM
කොහොම උනත් රුසියාව කියන්නේ අපට කවදාවත් හිරිහැරයක් කෙනහිලිකමක් හතුරුකමක් කල රටක් නම් නෙවෙයි. ඔබ දන්නවාද ජේ ආර් ඒකාලේ ඔහේ කට තිබුනට කියෙව්වා රුසියාව කොටින්ට උදව් කළා කියලා. අන්න එදා සිට වසර ගණනාවක් රුසියාව අපේ නායකයෙකුට එරටට ආරාධනා කලේ නැහැ. මේ මෑතකදී ඒ තත්වය වෙනස් වුනේ.
ශාන් Sunday, 17 October 2021 11:04 AM
අපට සිටින සත්‍ය මිත්‍ර රටවල් අතලොස්සෙන් එකක් තමයි රුසියාව. (පකිස්ථානය, ජපානය වැනි) ඔවුන් අපේ වරායට ගොඩ වීම ගැන අපි කොතරම් සතුටට පත් වූවත්. ඒත් අපි නම් අපේ විදේශ ප්‍රතිපත්තිය කාබාසිනියා කරගෙනදෝ කියලා බයකුත් එනවා ළඟ ළඟ වුන මිලිටරි ක්‍රියාදාමයන් දිහා බලද්දි. දැන් අපිට සිරිමාවෝ මැතිනියත් නෑ. ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයත් නෑ.
amila Sunday, 17 October 2021 12:07 PM
කවුරු කවුරු තරහ කාරයෝ වුනත් කමක් නෑ... අපි හැමෝමත් එක්ක සමාදානෙන් ඉන්න ඕනෑ...
fairoos Sunday, 17 October 2021 02:45 PM
සර් හින්දා තමයි මේවා අපිට බලාගන්න පුළුවන් වුණේ... අනේද කියන්නේ...?
janahitha Monday, 18 October 2021 09:07 AM
මේවා අපේ දේශපාලකයන් වගේ දිය යටින් යන්නේ පෙන්නේ නැහැ යන විදිහ ඔන්න ඕකයි තත්වේ.