රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය.
රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.
විනිසුරුවරු 13 දෙනක් මෙම තීරණයට එකඟ වූ අතර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති රුසියානු ජාතික කිරිල් ජිවෝර්ජියන් සහ චීන ජාතික විනිසුරුවරියක් වූ සූ හැනකින් මෙම තීරණයට විරුද්ධ වූහ.පෙබරවාරි 27 වෙනි දින යුක්රේනය විසින් ගොනු කරන ලද නඩුවට අදාලව ජාත්‍යන්තර අධිකරණය විසින් මෙම තීන්දුව (16* ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30 පමණ නෙදර්ලන්තයේ හේග් නුවර දී ප්‍රකාශයට පත් කළහ.
ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු පිළිපැදීමට රුසියාව බැඳී සිටියත්,මෙම අවස්ථාවේදී රුසියාව නඩු තීන්දුවට අවනත වේ දැයි තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.එසේම ජාත්‍යන්තර අධිකරණයට නියෝගය ක්‍රියාත්මක කිරීමට රුසියාවට බල කළ හැකි ක්‍රමයක් නොමැති බවද ඔවූහු පෙන්වා දුන්හ.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුසියාවට එරෙහිව නියෝගයක්
interpolgedi Thursday, 17 March 2022 05:48 PM
කිසිම බලපෑමක් නැහැ. ජනතාවගේ මුදල් නාස්ති කරනවා.
බද්රානි Thursday, 17 March 2022 09:46 PM
අනේ අපට නම් ඔය රුසියාවේ හෝ ඇමරිකාවේ කෙන්ගෙඩි වලින් වැඩක් නැහැ. අපේ බේබිලාගේ සුපිරි වාහන රථ සංදර්ශනය තවම දැකලා නැතිව ඇති? නැත්නම් ඉතින් බල්ලන් අපේ බේබිලාට දැනටමත් බුරලා ඉවරයි..
sujeewa Friday, 18 March 2022 07:59 AM
අද රුසියාවට විරුද්ධ හා යුක්රේනයට සහය දක්වන ඊනියා ප්රජාතන්ත්රවාදී සාමයට ලැදි රටවල් ඉරාකය, ලිබියාව, සිරියාව, හයිටි, යේමන, ඇෆ්ගනිස්ථාන යන එකී මෙකී නොකී සියළු රටවලට ගොස් දරුණු ප්‍රහාර එල්ල කරමින් එම රටවල මිලියන ගණනින් ජන සංහාර සිදුකරමින් පැවැති පාලන පෙරලා දමා එම රටවල් අවුලෙන් අවුලට පත් කරද්දීත්, ඊට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් කිසිඳු ජාත්‍යන්තර සංවිධානයකින් ගෙන නොමැත. එතරම් බරපතල මිනිස් ඝාතනයන්ට වඩා ඔවුන්ට අප රටේ ත්‍රස්තවාදය විනාශ කිරීම බරපතල කාරණයකි. එවැනි ආයතන වලින් අපගේ සදාකාලික මිතුරු රුසියාවටද සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැක...
ලුම්බිණි Friday, 18 March 2022 09:49 AM
මේකෙන් පෙනෙන්නේ කොපමණ මිනිසුන් මැරුණත් චීනයටත්, රුසියාවටත් යුද්ධය කරගෙන යන්න තිබෙන අවශ්‍යතාවයයි..
Willow Drive Friday, 18 March 2022 11:50 AM
ලොක්කන්ගේ විනෝදෙට අහිංසක මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවා
Roshan Friday, 18 March 2022 01:50 PM
මේ සේරමගේම තියෙන්නේ නරි නාටක...!
පියල් වීරසිංහ Friday, 18 March 2022 10:01 PM
පුළුවන් නම් මෙරට අඳුරු අගාධයට තල්ලු කරපු රාජපක්ෂවරුන් ගෙනිහිල්ලා හෙග්නුවර දඬු කඳේ ගහන්නයි තියෙන්නේ...
ශාන්ත Sunday, 20 March 2022 09:46 AM
ලන්කාව වගේ පොඩි රටවල් විතරයි ඕවාට බය.