(යොහාන් භාසුර)
රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් අදාල රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය ද මේ වන විට අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් කාර්යංශය කීය.
එම ආයතනය සංචාරක වීසාවලින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති බවත් එරටදී රැසියානු - යුක්රේන යුද්ධයේ යුධ පෙරමුණට යාමට එම ශ්‍රී ලාංකිකයින්ට සිදුවී ඇති බවත් එම කාර්යංශය කියයි.
මෙම ඒජන්සි ආයතනය කළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට ලැබුණු පැමිණිලි 7 කට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල රුපියල් කෝටියකට අධික බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුසියාවට සෙබළු පැටවූ රට රැකියා අයතන හිමිකරු - කළමණාකරු අත්අඩංගුවට
udaya Thursday, 16 May 2024 05:26 PM
උන්වත් යවන්න ඕනේ..!
සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:48 PM
මේක ගැන නොදන්නා මැති ඇමැතිලා මේ රජයේ නොඉන්න විදියක් නැහැ. අනිවාර්යෙන්ම මෙම මුදලින් කොටසක් ඇමැති කෙනෙකුට යන්න ඇති...!
යටත් වැසියා Friday, 17 May 2024 03:15 AM
අර කොම්බු චතුරගේ වැඩ සටහන බලුවාම තේරෙයි මහලොකු රණ විරුවන්ගේ තරම.... කොටින් එක්ක යුද්ධ කරලා රට බේරාගත්තු රණ විරුවා කියන්නේ අපි මේ එහේ, මෙහේ තියන කුලී හමුදා වලට බැඳෙන්න ගියේ නැහැලු... අපි ගියේ පවුල වෙනුවෙන් රුසියානු හමුදාවට බැඳෙන්නලු. රුසියානු ජනාධිපති බොහෝම හොඳයි කියලා එතැනත් පුටින්ට බටර් ගානවා... රුසියානු හමුදාවට බැදුණාට පස්සේ මෙහෙමයි, රුසියාව අතර යුද්ධයක් හට ගත්තොත් (කවදා හෝ එසේ නොවේවා කියා සිතමි) මෙහේ මිනිස්සු මරන්නද බලන් හිටියේ...? කවදාවත් මිනී මරන්නේ නැහැලු... එතකොට එහෙ යුද්ධයෙන් මරන්න ගියේ කුකුලෝද? හොරෙන් එහාට මිනී මරන්න පැනලා, වැඩේ අවුල් වුණාම ඇවිල්ලා පුටින්ට බටර් ගාන්න හදන්න එපා. වැරැද්ද පිළිඅරගෙන පාඩුවේ ඉන්න. කාලෙකට කලින් අර එකෙ 8 පාස් ආමි කාරයින් (මටත් ඒ දවස්වල ඇහුවාම සෑහෙන්න තරහා ගියා) කියපු කතාව ඇත්ත වෙමින් පවතියි.
JK Friday, 17 May 2024 11:51 PM
පුදුමයි... පගාව දීලා බේරෙන්න හදනවා මිසක්...!