IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රුසියාවෙන් බොරතෙල් අඩුවට ගන්න යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රජය ඉදිරියේදී රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව රුසියාවෙන් බොරතෙල් සහ ස්වභාවික වායු මිලදී නොගත්තත් ඒ පිළිබඳ බලාපොරොත්තු ශ්‍රී ලංකාව අතහැර නොමැති බව බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.

බොරතෙල් මිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා ශ්‍රී ලංකා බලධාරීන් සහ රුසියානු රජය අතර තවමත් අවසන් වී නොමැති බවත් එය සාර්ථකව අවසන් කිරීමට හැකි වුවහොත් දෙපාර්ශ්වයටම වාසි සහගත ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

බොරතෙල් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුසියාවෙන් ඉල්ලු ණය පහසුකම ලබා ගැනීම සඳහා ආරම්භ කළ සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බවත්   රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ මහත්මිය රුසියානු රජය සමඟ  ණය පහසුකම ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් ගුණවර්ධන මහතා පවසා තිබේ.

බටහිර සම්බාධක හේතුවෙන් රුසියානු නෞකා හෝ කාර්ය මණ්ඩල අත් අඩංගුවට ගැනීමක් ඉදිරියේදී සිදු නොවන බවට සහතිකයක් ශ්‍රී ලංකා රජය රුසියානු රජයට ලබා දී ඇතැයි ගුණවර්ධන මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව රසායනික පොහොර තහනම ඉවත් කර ඇති බවත් ගොවීන්ට දැරිය හැකි මිලකට වර්තමානයේ පොහොර අලෙවිය සිදුවන බවත් ගුණවර්ධන මහතා  පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව රුසියාවෙන් පොහොර මිලදී ගැනීමට සළකා බලමින් සිටින බවත් එය ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වාසි සහගත බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.ඒ සඳහා ගෙවීම් විදෙස් සංචිත හිඟය හේතුවෙන් දේශීය මුදල් ඒකක වලින් සිදු කිරීමට බලාපොරොත්තුවන බව ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකා රජය දුම්රිය එන්ජින්, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි සහ අමතර කොටස් රුසියාවෙන් මිලදී ගැනීමට අදහස් කරන බවත් දුම්රිය එන්ජින් අළුත්වැඩියා කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ විශේෂඥයින් රුසියාවේ පුහුණු කිරීම පිළිබඳව රුසියානු රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.



අදහස් (7)

රුසියාවෙන් බොරතෙල් අඩුවට ගන්න යයි

චන්දිම Monday, 03 April 2023 02:30 PM

අර චිචියලාගේ කොරල්ද මොකද්ද සමාගම හරහාද අන්තිමට ඕවා කෙරෙන්නේ?

:       1       13

ravin Monday, 03 April 2023 02:48 PM

එතකොට කොමිස් කාක්කන්ට මොකද වෙන්නේ?

:       0       15

dasa Monday, 03 April 2023 04:16 PM

මූ සුදුලූනු වලින් කෙලියා වගේ මේකෙනුත් හොඳ ගානකට තට්ටු කරයි

:       2       9

Bamunuarachchi Monday, 03 April 2023 05:01 PM

දෙයියෝ සාක්කි, තාමත් මේ අයට මේ ටික කරගන්න බැරි වුණාද? කාලකන්නි ....

:       1       9

podiaarachchi Monday, 03 April 2023 06:34 PM

ඇමෙරිකාවට ගොට්ට අල්ලන අපිට රුසියානු බොරතෙල් තියා බොර වතුරවත් ලැබෙන්නේ නැහැ...! මේ මැතිවරණ ගුණ්ඩුවලට අහුවෙන අයත් දැන් ලංකාවේ නැහැ...!

:       1       7

de silva Monday, 03 April 2023 07:00 PM

දැන් කළා ඇති.., කරුණාකර ඕවා පිටරට සමාගම්වලට දෙන්න. කොමිස් ගහලා ඉවරයක් නැහැ...

:       0       5

බණ්ඩා Monday, 03 April 2023 08:31 PM

කියව කියවා හිටිය ඇති. කරලා පෙන්නන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2409 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 584 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1161 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6066 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 820 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5086 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site