(මහේෂ් කිර්තිරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන ඔස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනිම තමන් ප්‍රතික්ෂේප කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි(සජබ) රෝහිණි කවිරත්න මහත්මිය සහ ආණ්ඩු පක්ෂයේ මාතලේ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා පැවසූහ.
කොරෝනා තත්වය හමුවේ අවදානමකට ලක්ව සිටින අධ්‍යාපන කෂේත්‍රයේ ගුරු විදුහල්පතිවරුන්ට එන්නත නිසි පරිදි ලබා දිය යුතු බවත් ඒ පිරිසට ලබාදීමෙන් අනතුරුව තමා කොරොනා එන්නත ලබා ගන්නා බවත් කවිරත්න මහත්මිය පැවසුවාය.
මාතලේදි මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ තමා ගුරුවරියක් ලෙස කාලයක් කටයුතු කළ බවත් පාසල් අධ්‍යයන කටයුතු සිදු කරන ගුරුවරුන් ඇතුලු අනෙකුත් පිරිස් කොරෝනා තත්වය හමුවේ දැඩි අවදානමකට පත්ව සිටින බවත්ය. නමුත් මේ පිරිස් හට කිසිදු අවධානයක් රජය හෝ අදාල බලධාරින් යොමුව නොමැති බවත් අනෙතුක් රාජ්‍ය අංශයේ පිරිස් හට විවිධ දීමනා ලබා දෙන බවත් ගුරු විදුහල්පතිවරුන්ද එම පහසුකම් කිසිවක් ලබා නොදෙන බවත් අය වැඩිදුරටත් පැවසුවාය.
“ගුරුවරුන් මුඛආවරණයක් ගන්නේ තමන්ගේ පඩියෙන්. පොඩි පඩියක් දීලා විශාල වැඩකොටසක් ගන්න පිරිස තමයි ගුරුවරුන් මේ පිළිබදව කවරුත් කතා කරන්නේ නැහැ. ආණ්ඩුවේ පිරිස් විවිධ දේ කියන්න බලාගෙන ඉන්නවා. අද වන විට විවිධ දේශපාලන මත ගැටුම්වලට ආණ්ඩුවේම පිරිස් ලක්වෙමින් තියනවා. මේවා ජනතාවට විහිලු සපයන තත්වයට ඔවුන් වැටලා. අද බඩු මිල අහස උසට .ආණ්ඩුවේ සමහර පිරිස් කරන දේ දන්නේ නැහැ. රට දිනෙනේ දින පහලට ඇද වැටෙමින් පවතිනවා. මේ තතත්වය මත ජනතාව ඉතාම ආමාරුවෙන් ඉන්නේ. අපි මේ සියලු දේ කියමින් ඉල්ලා සිටින්නේ කොරොනා වංසගතයෙන් ජනතාව මුදවා ගන්නට එන්නත දෙනවානම් නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට නිසි පිරිදි එය ලබා දෙන ලෙසයි. අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරිටත් අද වන විට කොරොනා වැලදිලා මේ තතවය භයානකයි. මේ සියලු දෙයින් ජනතාව බේරා ගත යුතුයි. ඒ සදහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. අපි ඉල්ලන්නේ ගූරුවරුන් වගේම ජනතාව සමග ගැවෙසනෙ නිලධාරින් හට මෙම එන්නත ලබා දිමේදි වඩාත් පුම්‍රඛත්නය ලබා දිය යුතුයි” යැයි කවිරත්න මන්ත්‍රිවරිය වැඩිදුරටත් පැවසුවාය.
ආණ්ඩු පක්ෂයේ මාතලේ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා පැවසුවේ, බහුතර ජනතාවක් ලබා ගැනිමෙන් අනතුරුව එන්නත ලබා ගන්නා බව ය.
මාතලේ ඇම්.සි පාරේ පිහිටි සිය නිවසේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ රජය විසින් සමස්ත රටේ ජනතාවට මෙම එන්නත ලබා දිමට කටයුතු කර ඇති බවත් එය පියවරෙන් පියවර සිදු කරන බවත් මහජන නියෝජිතයින් ලෙස ජනතාව සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත් ව සිටිය යුතු බවද ඒ මහතා පවසයි.
වෙනත් රටවල් හා සැසදිමේදි කොරොනා මර්දන කටයුතු ක්‍රමාණුකලව වත්මන් රජය විසින් එය නිසි ආකාරව සිදු කරන බවත් මෙම සියලු කටයුතුවලට සහය දෙන අතරතුර මෙම කොවිඩ් එන්නත ලබා ගැනිම මදකට පෙසෙකට දැමුවේ සැම විමට ජනතාව වෙනුවෙන් වැඩ කරන කෙනෙක් ලෙස බවත් විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රගතිශිලි ජනතාව වෙත සෞඛ්‍ය උපදෙස් අනුව මෙම එන්නත කඩිනමින් ලබා ගැනිමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැපයිමට නිරන්තරයෙත් කටයුතු කරන බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහිණී කවිරත්න - රෝහණ දිසානායක එන්නත එපා කියති
ගයාන් Wednesday, 17 February 2021 05:56 AM
'මේ එන්නත ගැන බිය නොවන්න. අපිත් විද ගත්තා. ඔයාලත් විද ගන්න'..... ජනතාව අතර විශ්වාසය ඇති කරන්න . වෙන රටවල නම් එයයි සිදු වන්නේ.
Sanju Wednesday, 17 February 2021 06:16 AM
පාට, පක්ෂ වැඩක් නැහැ. හොඳ ආදර්ශයක්... මහජනතාවගෙන් යැපෙන ජනතා නියෝජිතයෝ මුලින්ම ඔවුන්ව ජීවත් කරන ජනතාවට මුල්තැනදීම.
anura Wednesday, 17 February 2021 07:20 AM
බියගුළු කමට වෙන කතන්දර දොඩවනවා!
kapila Wednesday, 17 February 2021 09:07 AM
වැක්සින් එක රු750ක් වගේ වෙන්නේ. ඒක ඉතුරුකරලා දෙන ටෝක්ස්. රටේ හැමෝටම කාර් පර්මිට් හම්බ වුණාම මගේ පර්මිට් එක ගන්නවා කිව්වා නම් තමයි හොඳ...
fairoos Wednesday, 17 February 2021 09:22 AM
එන්නත් ගෙනැල්ලා තියෙන්නේ ලක්ෂ 06යි. ඒකෙනුත් මෙයාලා මුල්තැන..
Rasika Wednesday, 17 February 2021 09:26 AM
මෙතනදීත් ඡන්ද කඩාගන්න බොරු කියනවා. ලැජ්ජයි ...