IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රෝහල්වල ඖෂධ බාල දැයි හොයන්න විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ )


රජයේ රෝහල්වල ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතා  කෙරෙන්නේ දැයි සෙවීමට  විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ප්‍රමිතියෙන් තොර සහ  ලියාපදිංචි නොකෙරුණු බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන්
තොරතුරු රැසක් ලැබීම  සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  තොරතුරු  දිගින් දිගටම වාර්තා වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට වෙනම කණ්ඩායමක් යෙදවීමටද රජයේ විගණකාධිපතිවරයා තීරණය කර  ඇත.

මේ අතර ඖෂධ මිලදී ගැනීම් ගැනීම සහ ඒවා බෙදා හැරීම බෙදා හැරීම සම්බන්ධ පරිගණක පද්ධතිය පිළිබඳවද දැනටමත් විමර්ශනයක් කරගෙන යන බව
පැවසූ රජයේ විගණකාධිපතිවරයා ඒ  විමර්ශන දැනට අවසන් අදියරේ පවතින බවද ප්‍රකාශ කළේය.

එම විමර්ශන  වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර  රජයේ රෝහල්වලදී පසුගිය දිනවල සිදුවූ  මරණ කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු යම් යම් කණ්ඩායම් පැවසුවේ බාල ඖෂධ භාවිතය හේතුවෙන් මෙම මරණ සිදුවූ බවයි.



 

 



අදහස් (1)

රෝහල්වල ඖෂධ බාල දැයි හොයන්න විමර්ශනයක්

ravin Sunday, 23 July 2023 06:01 PM

විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ තමයි ඉතුරු වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 108 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 226 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 32 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 439 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 556 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 894 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1465 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site