(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් දා ප්‍රකාශ කර ඇත.
කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සදුදා පැවති අතර, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශ වල විෂයන් බෙදා දී නොමැති බවද ඇය එහිදී ප්‍රකාශ කර ඇත.
තමාට පමණක් නොව ,ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට මේ ඉරණමට මුහුණදීමට සිදුව ඇතැයි ද ඇය පවසා ඇත.
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දී,සංචාරක විෂය භාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එම සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වේ.
අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර
මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
රාජ්‍ය ඇමැති ඩයනා ජනපතිට ගතු කියයි
සල්ලි Saturday, 03 June 2023 03:08 PM
දේශපාලන අභ්‍යන්තරයේ ප්‍රශ්න මහජන මනසට බලෙන් පෙවීම තරයේ හෙලාදකිමි.
Sunil Saturday, 03 June 2023 03:38 PM
මෙයාට කරන්න පුළුවන් වැඩක් නැහැ...!
Channa Saturday, 03 June 2023 04:17 PM
රටට දැයට සේවය කරන්න ඇමැතිවරු පොරකති. වෙනත් රටවල ඇමැතිවරු කෙල ගන්නේ කොමිස් කුට්ටියට...
ගජමිතුරු Saturday, 03 June 2023 04:55 PM
එහෙනම් ජනතා මුදල් නාස්තිවීමට ඇමැතිවරු වගකිවයුතුයි නේද? එහෙම නැත්නම් කැබිනට් එකේ නායක ලෙසට ජනාධිපති රාජ්‍ය ඇමැතිලා පත්කර කරන්නේ අපරාධයක් නොවෙයි කියන්න බැහැ නේද?
පැරකුම් Sunday, 04 June 2023 11:10 AM
ඉතින් ඔය වැඩ නැති (බැරි) රාජ්‍ය ඇමැති ටික අයින් කරලා දැම්මා නම් මේ වෙලාවේ අපට කීයක් හරි ඉතිරි කරගන්න පුළුවන් නේද?