(ආරියරත්න රණබාහු)
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
එම කෘතිය සමග නිර්දේශ වී තිබූ අනෙකුත් කෘතීන් අතර එරික් ඉලයප්ප ආරච්චිගේ තිවංක කතාව ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝසහ සේපාලි මායාදුන්නගේ සිංහ සෙයියාව යන කෘති ද.විය.
එහිදී වසරේ හොඳම කෙටිකතා සංග්‍රහය ලෙසප්රභාත් ජයසිංහගේ මග ඇරුණු දූපත් කෘතියද හොඳම ස්වතන්ත්‍ර පද්යසංග්රහය ලෙසකුමාර හෙට්ටිආරච්චිගේ බොහිමියන් සංඛවේ ලුම්පන් සහ බුර්ෂුවා කෘතිය ද සම්මානයට පාත්‍ර විය.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතිය කටයුතු දෙපාර්තමේන්තුවරාජ්ය සාහිත්‍ය උපදේශක සභාව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය, එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි .
2023 වසරේ සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාවලින් පළවී තිබූ කෘති 2150 මෙවර සම්මානය සඳහා තෝරාගෙන තිබිණි එහිදී එම භාෂා වලින් අවසන් වටය දක්වා නිර්දේශ වී තිබූ කෘති අතරින් ජයග්‍රාහකින් හතළිස් දෙදෙනෙකුට රාජ්‍ය සම්මාන පිරිනැමිණි.
සම්මාන ලැබූ සිංහල කෘතීන් මෙසේය
හොඳම පිට කවර නිර්මාණය මාලක ළලනජීව (එන්න එපා දියසෙන්)
හොඳම නිමාවෙන් හා පිටු සැකසුමින් යුතු ග්‍රන්ථය රාඝවන් ප්‍රේම් කුමාර්(ජෝර්ජ් කෙයටි ද ඇබ්සන් ඔෆ් අ ඩිසයිඩ් ඉමේජ්)George keyt the Absence Of A Desired Image )
හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය ග්‍රන්ථය මහින්ද සෙනරත් ගමගේ(මං සමාව ගන්නේ නෑ) හොඳම ස්වතන්ත්‍ර ළමා කෘති චිත්‍ර නිර්මාණය ඕසධි සඳරේකා (ගෙදරට ආ යෝධයා) හොඳම ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය ග්‍රන්ථය නුවන් තොටවත්ත (අනාගත ලෝකෙ වටේ)
හොඳම පරිවර්තික යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය කත්‍යානා අමරසිංහ(බකිංහැම්මාලිගයේ මෘගයා)
හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍යය ග්‍රන්ථය එරික් ඉලයප් ආරච්චි(;වංකගිරියක ළමයි)
හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධය භාග්‍ය පණ්ඩිතරත්න(කොන්ෆික් ටියුරා)
හොඳම ස්වතන්ත්‍ර ශ්‍රව්‍ය දෘෂ්‍ය තිර පිටපත සුනිල් ආරියරත්න (කදිර දිව්‍ය රාජ)
හොඳම පරිවර්තිත නාට්‍ය පිටපත ඩබ්ලිව් ඒ අබේසිංහ (රබීන්දුනාත් තාගොර් සන්යාසි සහ වෙනත් කතා)
හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත හේමසිරි ලියනගේ(නරියාසහ කේජුු කෑල්ල)
හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය සමරසිංහ ගුණසේකර සහ මේ ධාවි දික් මාදුගොඩ(භික්ෂුව හා ඔහුගේ පෙු්මය සමඟ නූතන ජපන් කෙටිකතා 12 ක්)
හොඳම පරිවර්තිත නවකතාව ඩී එම් එස් ආරියරත්න (දඩයක්කාරයෙකුගේ සටහන්)
හොඳම පරිවර්තීත විවිධ විෂයක ග්‍රන්ථය මංජුල කල්දේරා(මනුසත්වග)
හොඳම ස්වතන්ත්‍ර විවිධ විෂයක ග්‍රන්ථය කේ ඩී ජි සුමනදාස(දළදා පුරාණය)
හොඳම පරිවර්තිත ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය චන්දන බණ්ඩාරගේ(ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ අර්බුදය)
හොඳම ස්වතන්ත්‍ර ගීත සමුච්චය කපිල කුමාර කාලිංග(වසන්තයේ අග)
හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය කුමාර හෙට්ටිආරච්චි(බොහිමියන් සංකාවෙ ලුම්පන් සහබුර්ෂුවා)
හොඳම කෙටිකතා සංග්‍රහය ප්‍රභාත් ජයසිංහ(මග හැරුණු දූපත්)
හොඳම ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය මහින්ද සෝමතිලක (ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම් මිටිය)
ජයග්රහක ග්රන්ථ අතුරින් වැඩිම ග්රන්ථ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරන ලද ආයතනය එච් ඩී ප්‍රේමසිරි(සරසවි ප්‍රකාශකයෝ)
හොඳම ස්වතන්ත්‍ර නවකතාව විරාජණීයෙන්නකෝන්(කැමෙලියා).
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ්ක
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්