IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබිණි. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.

ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයෝ රැසක් එක්ව සිටියහ.

පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් විය.

ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමුත්තන්ගේ පොතේ ද අත්සන් තැබීය.

අද (16) දිනයේ දී පළමුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද රාත්‍රියේ පැවැත්වේ.

එසේම අද දිනයේදී ජනාධිපතිවරයා ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සහ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී නද්දා යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තවද ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ මෙරට ආයෝජන සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කෙර්.

(ඡායාරූප: ඒ.එෆ්.පී.)

 



අදහස් (16)

රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී

වික්‍රම විදුර Monday, 16 December 2024 12:25 PM

කවදාහරි අපේ රටත් ලෝකෙ පිළිගන්න රටක් කරන්න දෙයියෝ.. අපි ගොඩක් කැපවීම් කළා. වංකයෝ රජවෙච්චි රටේ අවංකව ජීවත්වෙන්න ලොකු අරගලයක් කළා.. ඒක ඉක්මණටම රජකරන්න දෙයියෝ..

:       36       97

karolisMonday, 16 December 2024 04:39 PM

තණකොළ පුන්නක්කු වලින් සදාකාලිකව ජීවත් වෙච්චි 69 ලක්ශේ වගේ ලේසියෙන් මෝදි නම් රවට්ටන්න බැරිවෙයි. ඉන්දියාව අන්දන්න JR ටත් බැරි වුණා..

:       8       0

Rata Perata Monday, 16 December 2024 12:45 PM

අර ජාත්‍යන්තර පිළිගැනීමත් නෑ කියපු මෝඩයෝ දැන් මොකද දන්නේ නෑ කියන්නේ?

:       35       103

බකල ජයාMonday, 16 December 2024 01:28 PM

ඒ තමන් ගැන කියලා තියෙන්නේ. ඒ අයගෙ ස්වයං-තක්සේරුව 100% යි.

:       3       22

ලයන් Monday, 16 December 2024 01:21 PM

මෙරට බිහිවූ පළමු ජනතාවගේ ජනපති...

:       9       88

Damith Monday, 16 December 2024 01:25 PM

බලාගෙන අර පරණ පුරුද්දට ඇස් ලොකුවෙලා, කට උල්වෙලා, හස්ත මුද්‍රාව එළියට පැන්නොත් විනාශයි හොඳේ... එතකොට රාජතාන්ත්‍රික විදිහට විඳින්න ගනියි.

:       58       10

Nishan Monday, 16 December 2024 01:32 PM

එක්කෙනෙක් උපාධි සහතිකේ අරන් එන්න ජපානේ ගියා. මෙයා ඉන්දියාවේ ගියේ අදානිගේ සහතිකේ අරන් එන්න වෙන්න ඇති...

:       78       9

JayasekaraMonday, 16 December 2024 02:44 PM

නැහැ... අර පහුගිය රජයේ හිටපු මැති ඇමැතියගේ... මැති සහතිකය ගන්න ගියේ...

:       0       16

සන්ක Monday, 16 December 2024 02:05 PM

ඉතා දිළිඳු පසුබිමක් සහිත නිහතමානී ආරම්භයක් ඇති ඔහු,මේ රටේ ඉහළම තැනට පත් වී තම නිහතමානී ආරම්භය කිසිදා අමතක නොකළ අතර සෑම විටම සමාජයේ සාමාන්‍ය මිනිසෙකු ලෙස හැසිරෙන මේ මිනිසා ගැන මම ආඩම්බර වෙමි. ජනාධිපතිතුමනි, ඔබ කොහේ ගියත් ඔබතුමාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා, මේ රට පාලනය කළ හිටපු වන්චනිකයන් කළා වගේ කිසිම දෙයක් ඔබේ සාක්කුවට නොයන බව ඉන්දියාව දන්නා නිසා අපේ රට සංවර්ධනය කිරීමට ඔවුන් ඔබට සියලු සහයෝගය ලබා දෙනවා නියතයි.ජයෙන් ජය අපේ මාතෘභූමියට.

:       3       62

ලසා Monday, 16 December 2024 02:08 PM

අපිට ආඩම්බරයක් වෙන්නේ හොරෙකු නොවන මහජන දේපළ කොල්ල නොකන අනවශ්‍ය නාස්ති නොකරන ඇත්ත මහජන නියෝජිත ජනාධිපති කෙනෙකුට තවත් රටක් කරපු ගෞරවය නිසා. ලංකාවේ නම බැබලුණා .තාම මාස දෙකක් ගිහිං ඔහොම නං අවුරුදු 5 යනකොට වෙනස්ම රටක් බිහිවෙනවා සත්තයි .

:       5       53

Janitha Monday, 16 December 2024 02:59 PM

සැරටම අමතලා මෝදිව දණගස්සයිද දන්නේ නැහැ... මුළු ඉන්දියාවම වෙව්ලනවා ඇති... සිංහයන්ට බයේ...

:       26       6

Wanasinha Monday, 16 December 2024 03:25 PM

ජෙබයියන්ට තඹුත්තේගම ඉඳලා ඉන්දියාවට යන එකත් මාර ලොකු දෙයක් අප්පා... මාර ගැම්මට ඉන්දියාවට ගිහිල්ලා... මහ ලොකු වැඩක් කරලා තියෙන්නේ. දැන් ඔක්කොම හරි...

:       32       2

randil dunuwilleMonday, 16 December 2024 04:32 PM

උගන්ඩාවට නම් යන එකක් නැහැ. අවුල් වගේ නේද?

:       6       2

ddd Monday, 16 December 2024 03:47 PM

අපේ ජනපතිතුමාට යහපතක් වේවා

:       0       22

සමන් Monday, 16 December 2024 04:30 PM

රටේ යහපත ගැන ශුන්‍ය වූ බලාපොරොත්තු සහිතව සිටි කාලයක අවසන් අපේක්ෂාව ලෙසට ඔබට ඡන්දය භාවිතා කලේ. දැඩි විශ්වාසයක් ඔබ කෙරෙහි ඇත. කෙසේ හෝ මේ රට ඔසවා තබමු ජනපතිතුමනි.

:       1       8

බකල ජයා Monday, 16 December 2024 05:11 PM

රටත් දුප්පත් නම්, හත්පොලේ ගාගත්තොත් කවුරුවත් රතුපලස් එලන්නැහැ. ඒ වුණත් ටෙලිසිලින්ඩ හොට්ටු අයට දුක, තරහ, ලැජ්ජාව වගේ ඒවා හිතට එන එකත් ඉතිං සාධාරණයි. ඒව පිටකරන්න ලංකාදීප ඉඩ සලස්සලා ජාතික මෙහෙවරක් කරන්නේ. නැත්තං ඒවත් ගෙදර අයගේ, අසල්වැසියන්ගේ, රටේ පිටින් යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 815 0

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


රග්බි දියුණුවට නවසීලන්තය සහය
2024 දෙසැම්බර් මස 16 128 0

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්
2024 දෙසැම්බර් මස 16 761 0

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.


කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
2024 දෙසැම්බර් මස 16 405 0

ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා


දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 112 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 1198 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 200 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 207 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site